අනුරාධා එදිරිසිංහ
ඒ තමයි පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය.
ඇගේ රඟපෑම් පේ‍්‍රක්ෂකයින් අතරට එකතුවෙලා තවම වැඩි දවසක් නෑ. ඒත් අනුරාධා කාගේත් අවධානය දිනා ගත්තා. එම නිසාම පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය ගැන අපට කතා කරන්න හිතුනා.
අනුරාධා නිළියක් වෙන්නෙ කොහොමද?
මම නිළියක් වෙන්නෙ හරිම අහම්බෙන්. නොහිතපු විදිහට පුංචිම කාලේ මාව රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සෙ මම සිරස රූපවාහිනිය තරුමංසල වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒක සිද්ධවෙන්නෙත් අහම්බෙන්. ඊට පස්සේ තමයි මගේ මුල්ම ටෙලිනාට්‍යයට මට ආරාධනාවක් ලැබෙන්නේ.
කලාවට මගේ ලොකු ආසාවක් තිබුණා. හැබැයි ඒත් ඒ රඟපාන්න නෙමෙයි, සංගීතයට. ඒ නිසාම මම සංගීතය ඉගෙනත් ගත්තා. නැටුම් ඉගෙන ගන්නත් ආසාව තිබුණත් මගේ තාත්තා කැමැති වුණේ නෑ මම නැටුම් ඉගෙන ගන්නවාට. ඒ නිසා මම සංගීතය කරන අතරෙ තාත්තාට හොරෙන් කාලයක් නැටුම් පංතිත් ගියා. හැබැයි චිත‍්‍රපට, ටෙලිනාට්‍ය බලන්න ලොකු උනන්දුවක් තිබුණා.
රූපවාහිනී වෙළෙඳ දැන්වීමක පෙනී හිටිය නම් තරුමංසල වැගේ රූපවාහිනී වැඩසටහනකටත් සහභාගි වුණා නම් ඇයි රඟපෑම පැත්තට හිත නොගියේ?
මගේ තාත්තා මම ඒ විදිහෙ පැතිවලට යොමුවෙනවට කැමැති නෑ කියලා මම දැනගෙන හිටියා. ඒ නිසාමද කොහෙද මම ඒ පැත්ත ගැන හිතන්න ගියෙත් නෑ. ඒත් හැබැයි නළු නිළියො ගැන ලොකු උනන්දුවක් ආසාවක් තිබුණා.
ඒත් ඔබට නිළියක් වෙන්න අවස්ථාව ලැබුණනේ. ඒ වෙලාවෙදි ඒ විරුද්ධතා ආවේ නැද්ද?
මටත් පුදුම හිතුනා තාත්තා ඒ වෙලාවෙ මට විරුද්ධ වුණේ නෑ. ඒ නිසාම නොහිතපු විදිහටම ලැබුණ ආරාධනයකට අනුව තමයි ‘දුර්ග තරණය’ ටෙලිනාට්‍යයේ රඟපාන්නත් ඉඩ ලැබුණා. ඊට පස්සේ නම් මගේ හිතෙත් රඟපෑම ගැන උනන්දුවක් වගේම ආසාවක් ඇතිවුණා.
ඔබ මේ වෙද්දි ටෙලිනාට්‍ය කීයක රඟපාල තියෙනවාද?
දුර්ග තරණය හා උතුම් පැතුම්. නිල්වලා ආයතනයෙන් තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා.
අහම්බෙන් ලැබුණ අවස්ථා නිසා නිළියක් වීම ගැන දැන් මොකද හිතෙන්නේ?
දෛවය විසින් මට උරුම දේ ලබාදීලා තියෙනව කියල හිතෙනවා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා.
සිනමාව පැත්තට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
තවම ඒ විදිහෙ ආරාධනා නම් ලැබිලා නෑ. ඒත් සිනමාවට මම ආසයි.
ඔයා ඩාන්සින් පැත්තටත් උනන්දු නිසා සිනමාවේ ලස්සන නැට්ටුක්කාරියෙක් වෙන්න ආස නැද්ද?
ඒක හීනයක්.
ඒ හීනේ සැබෑකරගන්න හිතෙන්නේ නැද්ද?
ඒකත් මම දෛවයටම බාර කරනවා. මේ වෙනකම් කිසිම දෙයක් මම පස්සෙන් ගිහින් ලබාගෙන නෑ.
අපේ සිනමාවේ පෙම් චරිත රඟපාන්න හොඳම නිළිය කවුරු කියලද ඔබ හිතන්නේ?
පූජා උමාශංකර්. පූජා රඟපාපු තිරගත වෙන්න තියෙන පත්තිනි චිත‍්‍රපටයේ දර්ශන මම දැක්කා. හරිම ලස්සනයි.
අපේ නළුවන්ගෙන් හිත පිස්සු වට්ටන තරමට පෙම් චරිත රඟපාන නළුවා කවුද කියලා ඇහුවොත්?
ඒ රොෂාන් රණවක.
කටකතාවලට මම බය නෑ. ඒත් කටකතා හදාගන්න ආස නෑ.
ඒත් ඔයා ගැනත් කතාවක් හැදිලා තියෙනවානෙ?
මේ මම ගැන? තාම මගේ පළවෙනි ටෙලිනාට්‍ය විකාශනය වෙන්න පටන් ගත්තා විතරයිනෙ අනේ.
ඔයා තාම රඟපාලා තියෙන්නෙ ටෙලිනාට්‍ය දෙකක විතරයි. ඒකෙනුත් විකාශනය වෙන ටෙලිනාට්‍යයෙන් ඔයාගෙ චරිතය පටන් ගත්තා විතරයි. ඒත් තරමක සුළු කටකතාවක්නෙ ඔයා ගැන පැතිරෙන්නේ.
නෑ... ඒක වෙන්න බැරි කතාවක්.
ඇයි නැත්තෙ ඔයා තරුණ නළුවෙක් එක්ක එහෙ මෙහෙ රවුම් ගහනවාලූ. ඒක බොරු කතාවක්ද?
සමීර චානක අයියා එක්ක තමයි මම ‘‘දුර්ග තරණය’’ ටෙලිනාට්‍යයේ රඟපෑවේ. සමීර අයියා මට ගොඩක් උදවු කරනවා. ඒ නිසාම අපි දෙන්නා හොඳ යාළුවො. මොනවා හරි විශේෂ අවස්ථාවක් තිබුණොත් මම සමීර අයියත් එක්ක තමයි යන්නෙ. අනේ ඒක කටකතාවක් හදන්න තරම් දෙයක් නෙමෙයි.
ඒක ආදර සම්බන්ධයක් ඇතිවෙන්න තරම් හොඳ යාළුකමක් වෙලා නැද්ද තවම?
අපෝ, අපි කාගෙවත් හිත්වල එහෙම හැඟීමක් නෑ.
දැන් අපි උතුම් පැතුම් ටෙලිනාට්‍යයෙ ඔයා රඟපාන චරිතය ගැන කතාකරමුකො?
‘නයෝමි’ කියන චරිතය තමයි මට උතුම් පැතුම් ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ. ඒක ටිකක් කට සැර ගෑනු ළමයෙකුගෙ චරිතයක්.
ඔයත් හැබෑ ජීවිතයේ ඒ වගේ කට සැර ගෑනු ළමයෙක්ද?
දන්නෙ නෑ. මම ඒ තරම් කට සැර කෙනෙක් නෙමෙයි. ඒ චරිතය වෙනුවෙන් මට කට සැරකර ගන්න වෙලා තියෙනවා.
අලූත් නිළියො එද්දි පරණ නිළියො කැපිලි දානවලූ? ‘‘උතුම් පැතුම්’’ ටෙලිනාට්‍යයේදී ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධවෙලා නැද්ද?
නෑ... මට නම් එහෙම වෙලා නෑ. මට වැඩිපුරම රඟපාන්න ලැබිලා තියෙන්නේ බුවනි අක්කා එක්ක. එයා නම් හරිම හොඳයි. හොඳ සහයෝගයක් මට දෙනවා.
අනුරාධාගේ පවුලේ තොරතුරු කියන්න.
අම්මයි, තාත්තයි, අයියයි, මමයි. මගෙ කලා කටයුතුවලට අම්මගෙනුයි අයියගෙනුයි හොඳ සහයෝගයක් ලැබෙනවා.
- ගාමිණී වාසුලසූරිය -
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමීර අයියා මට ගොඩක් උදව් කරනවා