මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගත් තම ස්වාමිපුරුෂයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා සැරයන් මේජර් ඩබ්ලිව්.ජේ.යූ.උපසේන සහ ලාන්ස් කෝප‍්‍රල් රවින්ද්‍ර රූපසිංහගේ බිරියෝ දෙදෙනා අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනු කළහ.
මැණික්හින්නේ වසන්තා පද්මසීලි සහ මනම්පිටියේ නිර්මලා සුදර්ශනී සිය පෙත්සම් වලින් වගඋත්තරකරුවන් ලෙස රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, එහි සමූහ කොල්ලකෑම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා, එහි සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර,ආරක්ෂක ලේකම් ,පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒගොල්ලොත් අතුරුදහන්වෙලා හොයාගන්න නැතිද? (ර)
ඔයින් මෙයින් මුළු ලංකාවම අතුරුදහන් වෙයිද ?(රේ)