
(සුමිත් පොතුපිටිය )
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
රෝහල් ගත කර ඇති කාන්තාවගේ සැමියා ඔහුගේ අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇති අතර, මීට දින දෙකකට පෙර සිය සැමියා බිරිඳවද බලහත්කාරයෙන් එම නිවසට රැගෙන විත් රදවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති නිත්‍යනුකූල බිරිය රෙදි පටිවලින් සැකසූ ආධාරකයකින් ජනේලයකින් පැන පහලට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයිද පොලිසිය කීය.
තුවාල ලැබූ ඇය කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිදද අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd