
(සුමිත් පොතුපිටිය )
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
රෝහල් ගත කර ඇති කාන්තාවගේ සැමියා ඔහුගේ අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇති අතර, මීට දින දෙකකට පෙර සිය සැමියා බිරිඳවද බලහත්කාරයෙන් එම නිවසට රැගෙන විත් රදවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති නිත්‍යනුකූල බිරිය රෙදි පටිවලින් සැකසූ ආධාරකයකින් ජනේලයකින් පැන පහලට බැසීමට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයිද පොලිසිය කීය.
තුවාල ලැබූ ඇය කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිදද අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට