IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සම්මානලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක පීටර් ෂේෆර් මිය යයි...

20160612Peter-1සම්මානනීය "Amadeus", "Equus" වැනි සිනමා නිර්මාණයන්ගේ තිර රචනයන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගත් සම්මානලාභී බ්‍රිතාන්‍ය ජාතික නාට්‍ය සහ තිර රචක සර් පීටර් ෂේෆර් "Peter Shaffer" පසුගිය සඳුදා දිනයේ මිය ගිය බව ඔහුගේ දිගුකාලීන නියෝජිතයා ප්‍රකාශයට පත්කොට ඇත. මිය යන විට 90 වැනි වියේ පසුවූ ඔහු නියුමෝනියාව සහ වයස්ගත වීම ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලින් පෙලුණු බවද ඔහු ප්‍රකාශයට පත්කොට ඇත. 1926 මැයි 15 දින එංගලන්තයේ ලැන්කෂයර්හි ලිවර්පූල් ප්‍රදේශයේදී උපත ලද පීටර් ෂේෆර් ලන්ඩනයේ කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලැබූ අතර, ඔහු සිය වෘත්තිය ආරම්භ කරනු ලැබූවේ 1954 දීය. "The Private Ear" සහ "The Public Eye" වැනි නාට්‍ය නිර්මාණයන්ගේ තිර රචනය සඳහා ප්‍රකට වූ පීටර්ගේ 1975 "Equus", 1981 "Amadeus" සිනමා නිර්මාණ ඔස්කා සම්මානය ඇතුළු සම්මාන උලෙළ රාශියකම ඇගයීමට ලක්විය.

 

අනුෂි දන්තනාරායන

 

 



අදහස් (0)

සම්මානලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක පීටර් ෂේෆර් මිය යයි...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 556 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 717 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site