IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


සම්මාන සිහිනයක් තවම මට නෑ

2016-10-05-ent-56

වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක් ලෙස බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් අනුරාධා එදිරිසිංහ සමගින් අද ‘සාරවිට’ තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු.

වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියකට අමතරව ගීත රූප රචනා හා ටෙලි නාට්‍යය සඳහාද සිය රංගන දායකත්වය ලබා දී ඇති අනුරාධා, වර්තමානය වනවිටද කලා නිර්මාණ කිහිපයකින් පුංචි තිරේ හරහා දකින්නට ලැබේ.

 

මේ දිනවල අනුරාධා රඟපාන ටෙලිනාට්‍යය කිහිපයක්ම විකාශය වෙනවා නේද?

2016-10-05-ent-53හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘වස්සාන ප්‍රේමය’ ටෙලි නාට්‍යය වගේම ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘කොළඹ අපි ආවා’ ටෙලි නාට්‍යය තුළිනුත් මාව මේ දවස්වල දකින්න පුළුවන්. ඊට අමතරව මා රංගනයෙන් එක් වුණ ‘කොටගල කහට’ කියන වෙළෙඳ දැන්වීමත් මේ දිනවල ගොඩ දෙනෙක් අතර ජනප්‍රියයි.

 

ඔබ ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට?

ඔව්, හැබැයි මෝස්තර නිරූපිකාවක් විදිහට නෙමෙයි. වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට. මම මෝස්තර නිරූපණයට නම් යොමු වුණේ නැහැ. දැන්නම් මගේ වෘත්තිය වෙලා තියෙන්නෙ රංගනය.

 

ටෙලි නාට්‍ය්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කොපමණ කල්ද?

අවුරුදු 2ක් විතර වෙනවා. මේ කාලය තුළ මම ටෙලි නාට්‍යය 08ක් විතර රඟපාලා තියෙනවා. ඒ ටෙලි නාට්‍යය අතරින් ‘වස්සාන ප්‍රේමය’ ටෙලි නාට්‍යයේ ‘සුමුදු’ කියන චරිතයත්, ‘කොළඹ අපි ආවා’ ටෙලි නාට්‍යයේ ‘අශේනි’ කියන චරිතයත් මිනිස්සු අතර අද බොහෝ සෙයින් ජනප්‍රිය වෙලා තියෙනවා.

 

අනුරාධ කියන්නේ දැන් ජනප්‍රිය චරිතයක්ද?

ලැබෙන ප්‍රතිචාර අනුව යම් පිරිසක් අතරේ මම ජනප්‍රිය වෙලා තියෙනවා කියලා හිතනවා. නමුත්, ඒ පස්සේ වැඩිය මම ගමන් කරන කෙනෙක් නෙමෙයි. මට ආදරය කරන කොයි කවුරුත් මාත් එක්ක ඇවිල්ලා කතා කරනවා. දැන් විකාශය වන ටෙලිනාට්‍යය ගැන විමසනවා. මගේ රඟපෑම් ගැන කතා කරනවා. ගොඩක් දෙනෙක් මම රඟපාන ‘සුමුදු’ හා ‘අශේනි’ චරිත ගැන කතා කරනවා. ගොඩක් හොඳට ඒ චරිත කරනවා කියලත් කියනවා.

 

ක්ෂේත්‍රයට ආවේ නම් ඔබ රංගනය ගැන කිසිදු හැදෑරීමක් නොකරද?

ඔව්, කිසිම දෙයෙක් හැදෑරීමකින් තොරව කරන්න අමාරුයි. ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ මුල් කාලයේදීම මම රංගනය ගැන හැදෑරීම් කළා. පසුගිය අවුරුද්දෙ මම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ රංගනය ගැන ඉගෙනගත්තා. අදටත් මම වර්ක් ෂොප්වලට යනවා. මම දකින විදිහට නම් කවමදාකවත් රංගනය කියන දේ ඉගෙන ගෙන අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

 

ඔබ වගේ අලුත් අයට මේ ක්ෂේත්‍රය තුළ තියෙන තැන කොහොමද?

අපේ ඉන්න පැරැණි නළු නිළියෝ හරිම හොඳයි. මම වැඩ කරලා තියෙන හැමෝම හරිම හොඳයි. කිසිම වෙනස්කමක් නැතිව ගොඩක් සහයෝගයෙන් වැඩ කරනවා. එකිනෙකාට උදව් කරගන්නවා. ඇත්තටම බොහෝම නිහතමානීව ඔවුන් අපිට ඔවුන් දන්න දේ කියලා දෙනවා.

 

රංගනය පැත්තෙන් අනුරාධට තියෙන ඉලක්ක?

එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාලා ප්‍රේක්ෂකයන්ගේ අවධානය, ආදරය දිනාගන්න එක තමයි මට රංගනය පැත්තෙන් තියෙන ලොකුම ඉලක්ක. අවුරුදු 2ක් වැනි මේ ගෙවුණ කෙටි කාලය තුළ රංගනය පැත්තෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා ඒ වගේම මගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් අන්දමේ චරිත ලැබුණා. ඉතින් මට ගොඩක් සතුටුයි.

 

සම්මාන සිහිනයක් නැද්ද?

තාම නැහැ. ඒකට තව කල් තියෙනවා. නමුත්, මම කැමතියි ඊට කලින් හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න.

 

2016-10-05-ent-55
2016-10-05-ent-54
2016-10-05-ent-52



අදහස් (0)

සම්මාන සිහිනයක් තවම මට නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site