ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ සඳහා ගිවිසුමට පසුව අත්සන් කරන බව ද ඔහු කීවේය.
“මේ ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. එයයි අපේ ප්‍රධාන අරමුණ. අපි එය නැවත සිහිපත් කරගත යුතුයි. කණ්ඩායමකට ඇමැති කම් ගන්න, පුද්ගල යහපත උදෙසා ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරනවා. අපි මේ ජාතික ආණ්ඩුවේ හැදුවේ රටේ ජනතාවට සේවය කරන්න. එය අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

COMMENTS
තනිව මුහුණ දීමට කොන්දක් නැති කම. (හේ)
දේස පාලුවෝ (බ)
ඔබතුමන්ලාගේ යහපත වෙනුවෙන් කියල කියන්න අමතක වුනා නේ! (බ)
මේ හවුල හොටු ගැහැණියයි කැහි ගැහැණියයි අතර නිසා මැරෙනතුරුම දීග කෑවත් ආර්ථික සංවර්ධනය කියන දරුවා බිහිවෙන්නේ නැහැ. (නි)
ඇද්ද අහගත්ත ටික? ඔය උඩින් සමහරු ලස්සනට අදහසුත් දාලා තියෙන්නේ. (නි)
තව අවුරුදු 3ක් සැපට බෙදාගෙන කන්න තියෙන චාන්ස් එක නැතිකරගන්නේ මොන මෝඩයද නේද අනේ! (ම)
දවස් 100 අසාර්ථකයි,සම්මුති රජයේ පළමු වසරත් අසාර්ථකයි ඉතින් තව වසර 10 ගත්තත් ඒ ටිකම තමයි.මහජනතාව දුක්විදිදනවා. (ම)
කවුරු බලයට ආවත් ලොකු වෙනසක් නොවන ජාතික ප්‍රතිපත්තියක් රටේ ප්‍රදාන ක්ෂේත්‍ර වලට ඇතිකරන්න. එය කිරීමට ලැබෙන ප්‍රථම හා අවසන් අවස්ථාව මෙය විය හැකිය (ම)
ඇයි ඊට පස්සේ ඩිවෝස් වෙන්නද කල්පනාව. ඔහොම්මම ඉන්න වෙනවා ජිවිත කාලයටම. ඉතුරු තුනෙන් පස්සේ ආයිත් නඩත්තු ගෙවන්න ජනතාව කැමති නැහැ.(බ)
බලය දිගටම පවත්වාගෙන යන්න ඕනෑම ගිවිසුමක් ගහන්න ඇමතිතුමා. ඔබලාට ජයවේවා! (හේ)