IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමබර ආහාරයේ මහිමය

නවලෝක රෝහලේ ප‍්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රෝෂාන් ෂෙයිරිඩීන් සෙයිඩ්

අන්තරාසර්ග පද්ධතිය ආශ‍්‍රිත රෝග අතරින් ලොව පුරා කාන්තාවන් බහුලව පීඩා විඳින තත්ත්වයක් ලෙස පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රෝම් හෙවත් බහුකෝෂ්ට ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය හඳුන්වයි. මෙම තත්ත්වයේදී හෝමෝන අසමතුලිතතා හේතුවෙන් මාස් ශුද්ධිය හා ගැබ් ගැනීම් දුර්වලතා ඇතිවේ. මෙයට හේතුව තවමත් ස්ථීරවම සොයාගෙන නොමැති බැවින් මෙහි රෝග විනිශ්චය තවමත් ඉතා අඩුමට්ටමක පවතී.

මෙම තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?

මෙහි රෝග විනිශ්චයට පහත කරුණු 3 න් 2 ක් වත් සම්පූර්ණ විය යුතුය.

1. මන්ද ආර්ථවය හෝ ආර්ථවය සිදුනොවීම. (ඩිම්බ පිටවීම ඇන හිටීම නිසා)

2. ඇන්ඩ්‍රොජන් (පුරුෂ) හෝමෝනය රුධිරයේ අධිකව පැවැතීම හේතුවෙන් වන සායනික හා ජීව රසායනික  වෙනස්කම්

3. අතිධ්වනි තරංග පරීක්‍ෂණය (අල්ට්‍රා සවුඩ් ස්කෑන්) මගින් ඩිම්බ කෝෂවල බහුකෝෂ්ටතාව තහවුරු කිරීම.

මෙම තත්ත්වයේදී ඩිම්බකෝෂ තරමක් විශාල වුවත් ඒවා සාමාන්‍ය ඩිම්බ කෝෂවේ. බහු කෝෂ්ට ඩිම්බකෝෂ කියූ පමණින් කාන්තාවන් බිය වන්නේ ඔවුන්ගේ ඩිම්බ කෝෂවල විශාල ගෙඩි, ගැටිති ඇතැයි සිතාය. මෙය සාමාන්‍ය කාන්තාවන් අතර පමණ නොව කරුණු හරියාකාරව වටහා නොගත් සමහර වෛද්‍ය කාර්ය මණ්ඩල අතරද පවත්නා වැරැදි අවබෝධයකි. පුරුෂ හෝමෝනයේ අධි ක‍්‍රියාකාරීත්වයට හේතුවන වෙනස් තත්ත්ව බහු කෝෂ්ට ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය බවට විනිශ්චය කිරීමට ප‍්‍රථම සලකා බැලිය යුතුය.

මෙම රෝගී තත්ත්වයේ ලක්‍ෂණ මොනවාද?

මෙම තත්ත්වයේදී වැඩි බලපෑමක් කරන හෝමෝනය වන්නේ ටෙස්ටෙස්ටරොන් හෙවත් පුරුෂ හෝමෝනය සහ ඉන්සියුලින්ය. (ශරීරයේ සීනි මට්ටම පවත්වන හෝමෝනය) මේවායේ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් විවිධාකාර වූ රෝග ලක්‍ෂණ ඇතිවිය හැකිය. වඩාත් ප‍්‍රමුඛව දැකිය හැකි ලක්‍ෂණ අතර මුහුණේ සහ ශාරීරිකව අධික රෝම වර්ධනය, හිසකෙස් හැලී යාම, තෙල් සහිත සම, මාස් ශුද්ධියේ විකෘතිතා යන කරුණු කාන්තාවන් පීඩාවට පත්කරන සාධක වේ.

මෙම රෝගී තත්ත්වය නිසා ඇතිවන අහිතකර ප‍්‍රතිඵල මොනවාද?

මෙහිදී කාන්තාවන් මඳසරුබවට හෝ ගැබ් ගැනීමට වඩා වැඩි කාලයක් ගතවීම සිදුවිය හැක. ඉන්සියුලින් හෝමෝනයට ශරීරයේ ප‍්‍රතිචාරය අඩුවීම හෝ සම්පූර්ණයෙන් නැතිවීමද විය හැක. මේ නිසා පසු කාලයක එම කාන්තාවන් ශරීරයේ සීනි මට්ටමේ වෙනස්වීම් වලට, දියැවැඩියා තත්ත්වයට, අධි රුධිරපීඩනයට, ශාරීරික මේද මට්ටමේ ඉහළ යාමට, හෘද රෝග හා රුධිර නාලවල ඇතිවන රෝග තත්ත්වවලට ගොදුරුවිය හැකිය.

දිගු කාලයක් ආර්ථවය සිදුනොවීම ගර්භාෂ පිළිකා ඇතිවීමට හේතුවේ. ශරීරයේ බර වැඩිවීම හා ස්ථූලතාව නිසා ඇතිවන වෙනත් රෝගාබාධ බහු කෝෂ්ට ඩිම්බ කෝෂ සින්ඩ්‍රෝමයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ ප‍්‍රධානම ගැටලූව වේ. මේ තත්ත්වය නිසා බහුතර කාන්තාවන් තම ශාරීරික ස්වරූපය පිළිබඳව අසහනාකාරී තත්ත්වයෙන් පීඩා විඳිති.

මෙම තත්ත්වයට ඇති ප‍්‍රතිකාර මොනවාද?

මේ සඳහා ස්ථීර ප‍්‍රතිකාරයක් නොමැති වුවත් වෛද්‍ය ප‍්‍රතිකාරවලදී සිදුකරන්නේ රෝග ලක්‍ෂණ අවම කිරීම හා දිගුකාලීන වශයෙන් ඇතිවන ආබාධ නැති කිරීමය. ශරීරයේ බර සාමාන්‍ය ලෙස පවත්වා ගැනීම බහු කෝෂ්ට ඩිම්බ කෝෂ තත්ත්ව පාලනයට බෙහෙවින් උපකාරී වේ. සෞඛ්‍යමය සමබල ආහාර රටාවකට හා නිති පතා ව්‍යායාම කිරීම මගින් යහපත් ප‍්‍රතිඵල ලබාගත හැක.

ඉතා අධික ස්ථූලතාවයෙන් යුක්ත කාන්තාවන්ට නම් වෛද්‍යමය හා ශල්‍යමය වශයෙන් බර අඩුකරගත යුතුය. ශරීර ස්කන්ධය අඩුකිරීම මාස් ශුද්ධිය ක‍්‍රමාණූකූලවීමටත් සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීමටත් ඒ නිසා ප‍්‍රතිකාරවලින් තොරව ස්වාභාවිකව ගැබ් ගැනීමත් සිදුවේ. එමෙන්ම රුධිර සීනි ප‍්‍රමාණය පාලනයත් ඉන්සියුලින් හෝමෝනයට සංවේදීවීමත්, දියවැඩියා තත්ත්ව පාලනයත් සිදුවේ. ශරීරයේ බර අඩුවීමෙන් වැඩිපුර ඇති රෝම ක‍්‍රමාණුකූලව අඩුවීමත් ශරීරයේ හැඩය නැවත ලබා ගැනීමටත් හේතුවේ. එමෙන්ම ගර්භාෂ පිළිකා, හදවත් රෝග, අධි රුධිර පීඩනය සහ රුධිරගත ලිපිඩ ප‍්‍රමාණය පාලනයද ඇති කර ගත හැකිය.

මෙම තත්ත්වය ඇති කාන්තාවන් උත්සාහ කළ යුත්තේ වසරකට මාස් ශුද්ධි 3x4 ක් වත් ස්වාභාවිකව හෝ වෛද්‍යමය ක‍්‍රම මගින් උත්තේජනය කර ඇති කරගැනීමය. එමගින් ගර්භාෂ පිළිකා අවධානම නැතිවීමට හේතුවේ. ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම මගින් හෝ ශරීරයේ බර අඩුකිරීම මගින් ආර්ථවයේ වෙනසක් නැති කාන්තාවට කෘති‍්‍රමව මාස් ශුද්ධිය ඇති කිරීම, ඩිම්බකෝෂ ශල්‍යකර්ම මගින් සිදුරුකිරීම හෝ කෘති‍්‍රම සංසේචන ක‍්‍රම භාවිත කර ප‍්‍රතිඵල අත්කර දිය හැකියි.



අදහස් (0)

සමබර ආහාරයේ මහිමය

බන්දු Monday, 02 May 2016 05:02 AM

සමබර ආහාර වේලක් නොගන්නා සෑම කාන්තාවකටම මෙවැනි රෝග ඇති වීවේ හැකියාව තිබෙනවාද? (ර)

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site