අවසන් යුද සමයෙදී උතුර නැගෙනහිර වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම්වලට ලක් රජය වගවිය යුතු බවත් අසාධාරණයට ලක්වූ දෙමළ ජනතාවට සාධාරණය ඉටුවිය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් ඇමරිකා තානාපති අතුල් කෙෂාප් සමග කියා ඇත.
ඇමරිකා තානාපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර විපක්‍ෂනායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී සම්බන්දන් මහතා මේ බව සදහන් කළ බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එ් සුමන්තිරන් මහතා පැවසීය
මෙම සාකච්ඡාවේදී විපක්‍ෂ නායකවරයා උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනතාව මුහුණ පා සිටිතියි කියන අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කතා කළ බවද සුමන්තිරන් මහතා කීය
සම්බන්ධන් මහතා හමුවීම සහ ඔහුගේ අදහස් පිළිබද සෑම විටම තමන් පුදුමවන බවට කෙෂාප් සදහන් කර සිටි බවද හෙතෙම කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අපිත් ඇමරිකානු තානාපතිතුමා ගැන පුදුම වෙනවා (අ)
බොරු වපුරන්නෙකුට විපක්ෂ නායකකම බලෙන්ම දීල ඇනගත්ත නේද ? (අ)
ඇමරිකන් තානාපතිලා මෙතෙක් කලක් සිටියෙ කොහෙද මන්දා? අපි කවුරුත් දන්නවා එදා ඉඳලම ටී.ඇන්. ඒ කියන්නෙ කොටි සං විධානයේ දේශපාලන අංශය බව. මේ හැම වැඩක්ම කරන්නෙ මොවුන් එක අරමුණකින්. අපේ ඇත්තෝ මේවා දැනගෙනත් සද්ද නැහැ. මේ අයට හැමවිටම මුව හම හංගාගෙන ඉන්න බැහැ. (නි)
මිනිසුනේ, දැන් උත්තර දෙන්න. රට දීලා දැන් ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නෙ (නි)
මේ ආණ්ඩුව හින්දයි මෙයා මෙහෙම හැසිරෙන්නේ. එක එක තැනදී එක එක දේවල් කියනවා (නි)
මේ යන විදිහට රටට මොනවා වෙයිද? (නි)
එතකොට උතුරේ හිටිය සිංහලයෝ පන්නනකොට, එයාලට හිරිහැර කරනකොට ඒවාට කවුරුවත් කතාකරන්නේ නැත්තේ මොකද? උතුරේ ඉන්නේ දෙමළ අය විතරක් නෙමෙයිනේ. (නි)
අපේ විපක්ෂ නායකයා, ඇමරිකාවේ තානාපති, ඉන්දියාවේ කෙනෙක් කියා හිතාගෙන කතාකරනවා දන්නේ නැහැ. විපක්ෂ නායක පදවිය සමස්ථ ලාංකිකයන්ම නියෝජනය කරන තත්වයක් කියල නොදන්නා කමද? (අ)
අනේ අපි මේවට මොකුත් කියන්නෙ නැහැ (නි)
ඒ පුදුමවීම ගැන අපිටත් පුදුමයි (නි)
ඇයි මේ අභූත චෝදනා වලට නීති මඟින් කටයුතු නොකරන්නේ. (නි)
කන්න දුන් අත හපාකන්න වගෙයි සම්බන්ධන් හදන්නේ? කැලේ මාරු කළාට කොටියාගේ පුල්ලි ටික තවමත් ඒ විදිහටම තියනවා කියලා තමයි අපට නම් පෙනෙන්නේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ඔබට සතුටුඉ ද දැන් ?(හේ)
එතකොට කොටියා දහස් ගණන් අහිංසක මිනිස්සු මරපුවා මතක නැද්ද? ඒ ගැන කව්රුත් කතා නැහැ. කාටවත් අමුතුවෙන් සාධාරනයක් අවශ්‍ය නැහැ. බෝම්බ තිය තියා මරපු සිංහල මිනිසුන්ගේ පවුල් වලට සාධාරණය ඉෂ්ට කරලා ඊටපස්සේ ඔය ඉල්ලීම ඉල්ලන්න (නි)
ඔය සම්බන්ධන් කාර්බෝඩ් වීරයෙක් වෙන්න හදන එක දැන්වත් නතර කළොත් හොඳයි. (නි)