රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් කැබලි සිය සිරුරේ රහසිගතව සගවාගෙන රැගෙන එද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවටපත් පුද්ගලයා තමාගේ සබන්ධීකරණ ලේකම්වරයකු නොවන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කීවේය.
තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් තමන් සමග සිටින බවත්, අත් අඩංගුවට පත් මෙම පුද්ගලයා කෙසේ හෝ මෙම අමාත්යාං ශය මගින් නිකුත් කරනු ලබන හැදුනුම්පතක් ලබා ගෙන අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිට ඇති බව පෙනී යන බවත්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්රී යාත්මක කරන ලෙස තමන් රේගුවෙන් ඉල්ලා සිටි බව ද ඇමැති පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කවුද මෙතන හරි එතකොට? (නි)
ඕව බොරු.. ඔය හොර වැඩේ කරපු ඒකා ඇමතිතුමාගේ කාර්යය මණ්ඩලයේ තමා. නමුත් සම්බන්දිකරන ලේකම් කෙනෙක් නෙවේ.. මේ ලඟදී ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් හොර හරක් පටවන්න වාහන අරන් දීල අහුවෙලා.. (කෞ)
නමුත් රේගු අත්අඩංගුවට පත්වී ඇති එම්. එම්. මජීඩ් නැමැත්තා තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ඇමැති කාර්ය මණ්‌ඩලයේ පුද්ගලික සහකාර නිලධාරියකු බවත් ඔහුට අදාළ පත්වීම ලබාදී තිබෙන්නේ මෙම මස 10 වැනිදා බවටත් වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට ඔහු තනතුරෙන් පහ කර ඇති බැවින් ඔහු අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නොවන බවට ඇමතිවරයා පවසයි. (කෞ)
දැන් ඉතින් එහෙම කියයි.(හේ)
දවල් මිගෙල් රෑ දනියෙල් . (කෞ)
අපරාදේ පස්ස (කෞ)
දැන් අපි කාවද විශ්වාස කරන්න ඕනෑ? (නි)
අනේ මන්දා මේ කතා! (නි)
"මේ තණකොළ ටිකක් කපාගන්න ගහට නැග්ගා" කතාව මට මතක්වුණා (නි)
දැන් ඉතින් එහෙම කියයි. අපි බලමුකෝ (නි)