ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් පාසල් පාපන්දු සංගමය සිවුවැනි වරටත් මෙහෙයවන වයස 13 න් පහළ අන්තර් පාසල් ‘සමපෝෂ කුසලාන’ පාපන්දු තරගාවලියට (බාලක/බාලිකා) සිලෝන් බිස්කට් සමාගමේ ‘සමපෝෂ’ අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (6) ආරම්භවීමට නියමිතය.
තරගාවලියේ මුලික වටයේ තරග අවසන් වී තිබෙන අතර ඒ සඳහා පාසල් 600 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 17,000 ක පමණ සහභාගිවුහ. බාලක කණ්ඩායම් 21 ක් සහ බාලිකා කණ්ඩායම් 21 ක් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ඇත. ඊට ක‍්‍රීඩකයෝ 438 දෙනෙක් ද, ක‍්‍රීඩිකාවෝ 178 දෙනෙක්ද සහභාගිවෙති.
මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ත‍්‍රිකුණාමලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද ශූරතා සම්මාන පිරිනැමේ.
පසුගිය වසරේ බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් ද, බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදී.
ඡුායාරූපය:
ප්ලේන්ටි ෆුඞ් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න මහතා විසින් පාපන්දු සංගමයේ යොවුන් ක‍්‍රීඩක සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය මනිල් ප‍්‍රනාන්දු මහතාට අනුග‍්‍රාහක චෙක්පත සහ ශූරයන්ට පිරිනැමෙන ‘සමපෝෂ කුසලාන’ ප‍්‍රදානය කරන ලද අයුරු. ප්ලේන්ටි ෆුඞ් සමාගමේ සාමාන්‍යාධිකාරී (වෙළෙඳ* වසන්ත චන්ද්‍රපාල, පාපන්දු සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වා, පාසල් පාපන්දු සංගමයේ සභාපති ඞී. ජී. ආරියරත්න සහ පාපන්දු සංගමයේ කාන්තා ව්‍යාපෘති භාර නිලධාරිණී ඔලිවියා ගමගේ යන මහත්ම මහත්මීහුද මෙහි සිටිති.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සමපෝෂ’ 13 න් පහළ පාපන්දු අවසන් වටයේ තරග හෙට සිට