අද ලංකාවෙ ඇති වර්තමාන ගීත පිළිබඳව ඇත්තේ ආදරය, විරහව සහ අයුතු සම්බන්ධතා ඔස්සේ නිර්මාණය වූ මාතෘකා කිහිපයක් යටතේ නිර්මාණය වූ ගීත කොට්ඨාසයකි. එවැනි ගීත රාමුවලින් සහ ගීතමය සංස්කෘතියෙන් ඔබ්බට ගිය ගීතයක් පිළිබඳව අද ඔබට ගෙන ඒමට අපි සිතුවෙමු.
එම නිසා තරුණ පාඨක ඔබට New Release on Youtube ඔස්සේ මෙවර ගෙන ඒමට සිතුවේ එවැනි ගීතයක් පිළිබඳවය. "ඈන්" යනු ගීතයකට එහාගිය එකකි. එහි රූපරාමුවලින් ලොකු වෙනසක් සිදු කර ඇති බව නොපිරිහෙළා කිව යුතුමය. පසුගිය කාලයේ සමාජ වෙබ් අඩවිවල මාතෘකාවක් වූ "ගිනියම් රෑ" ගීතයට මෙය ප්‍රතිනිර්මාණයක්ද යන්න ඇතමුන්ට කිව හැකිය. "වස්ති Production" යනු මීට පෙර විවිධ Joke වීඩියෝ නිෂ්පාදනය කරමින් සමාජ වෙබ් අඩවි පුරා කතාබහට ලක් වූ කණ්ඩායමකි. එවැනි කණ්ඩායමක් තුළින් මෙවැනි ගීතයක් බිහි වීම ඇතැම් විට පුදුමයට කරුණක්ද නොවෙයි.
එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝබර් 10
ගායනය - අනුෂ්ක උදාන / දුලාජ් ජයතිලක
පදරචනය - අනුෂ්ක උදාන / දුලාජ් ජයතිලක
තනුව - අනුෂ්ක උදාන
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය 'ඈන්'