
(ආරියරත්න රණබාහු)
සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
මේ හේතුවෙන් ගම්වල පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයට පත්ව ඇති බව වාර්තාවී ඇතැයිද හෙතෙම කීය.
මෙම තත්වය මඟ හැරීම සඳහා සියලුම සමූපකාර අලෙවිසැල් හා සමූපකාර දෙපාර්තුමේන්තුවට අයත් සියලු අංශ නවීකරණය කිරීමට පියවර ගන්නා බව පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරන බවද සදහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමූපකාර තනිකරම සුදු අලි. එකේ වැඩකරන දේශපාලන ගැත්තෝ ඊට හපන්. සමූපකාර ප්‍රායෝගික නෑ. තිබ්බත් තියෙන්නේ මිනිස් පරිභෝජනයට අහිතකර ආහාර (ගොඩක් ඒවා නරක් වෙලා)
නියමයි. සමූපකාර ක්‍රමය වැඩිදියුණු කළ ගමන් කළුකඩකාරයින්ගේ මගඩි ඉවරයි.
ඊට වැඩිය හොඳ නැතිද ඔය ආයතන ඈවර කර දැමීම. සුදු අලි.. වැඩිපුරම හිස් රාක්ක. මම දකින්නේ ගම්පහ ප්‍රදේශයේ සමූපකාරවල තත්ත්වය...