තමා අයුක්ති සහගතව නීතියට පටහැනි අයුරින් සේවයෙන් නෙරැපීමට සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය ගත් තීරණය අයුක්ති සහගත මෙන්ම නීතියට පටහැනි බව අනුරාධපුර කම්කරු විනිශ්චය සභාවේ සභාපති සහ අතිරේක මහේස්ත‍්‍රාත් යූ. ධනංජය මධුජිත් මහතා නිගමනය කළේය.
ඒ අනුව පැමිණිලිකාර කළමනාකාරවරිය ඛන්ඩනය නොවන අයුරින් යලි සේවයේ පිහිටුවා උසස්වීම් සහ වැටුප් වර්ධකද ඇයට ලබා දෙන ලෙසට වගඋත්තරකාර අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියට නියෝග කළ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා පැමිණිලිකාරියට රුපියල් දොලොස් ලක්ෂ අනූ හය දහසක වන්දියක් ගෙවන ලෙසටද තවදුරටත් නියෝග කළේය.
තලංගම කොස්වත්ත කලපලූවාව පාර අංක 15/ ඞී. ලිපිනයේ පදිංචි එචි.කේ.මොනිකා කන්ඩමිබි මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් අනුරාධපුර කමිකරු විනිශ්චය සභාවට ඉදිරිපත් කළපැමිණිල්ලක් සලකා බැලිමෙන් පසු අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd