(අංජුල මහික වීරරත්න)
සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් වශයෙන් පිළිගනු ලැබ ඇතැයි රජය පවසයි.
ඒ අනුව ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් පවතින බවට හඳුනාගෙන ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින සමනලවැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජල මතුපිට
අවකාශය මෙගාවොට් 150-200 පමණ පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බව තහවුරු වී ඇතැයි රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කොයිතරම් විද්‍යානුකූලද දන්නේ නෑ. ධීවර කර්මාන්තයට බලපානවා. ජලජ ජීවීන්ට බලපානවා. ජලජ ශාකවලට පලපානවා. විෂය දන්නා උගතුන් ඒ ගැන සලකා බලා අවශ්‍ය වෙනස්කම් කරාවි යැයි බලාපොරොත්තු වෙමු..!
මෙය කදිම අදහසකි. ක්‍රියාත්මක කරන්න. ජලාශ පතුලට හිරුඑළිය නොවැටීමෙන් ජලජ ශාක හා මත්ස්‍ය අස්වැන්නට හානි විය හැක. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න...!