කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
මේ හිමි නම නාරම්මල කෙනෙකියි අධිකරණයේදී කියැවිණි.
වැලිවේරිය පොලීසිය බී වාර්තාවකින් දැනුම් දුන්නේ දෙදෙනා ජංගම දුරකථනවලින් කතා කර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව කතාකර ගත් පරිදි වැලිවේරිය බටහේනෙ හන්දියට පැමිණ දෙදෙනාම ත්‍රීරෝද රියක නැගී මද දුරක් ගොස් දැරියගේ පාසල් නිල ඇදුම් මාර කැර ගම්පහට පැමිණ චිත්‍රපටය නරඹා ඇති බව ද පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකාර හිමිනමගේ බෑගයේ තිබී දම් පැහැති සිවුරක්, දම් පැහැති අඳනකඩයක් සහ ඉන පටියක් තුබූ බව ද කැයැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සම්පත් කිව්වා වගේ දෙව්දත්ලත් හිටියා, දෙව්දත් ඔලුවෙ තියන් හිටිය අජාසත්තලත් හිටියා. මුතුකුඩ, මාත් දන්නවා ඔයා ඔය කිව්ව දේවල් දෙක. මං අහන්නේ හලාල් වේවා, හරාම් වේවා, ඒකෙයි මේ ප්‍රවෘත්තියෙයි තියෙන සම්බන්දය මොකක්ද කියලා. මන් ඒකයි දන්නැත්තේ. ඒක කියා දෙන්න. පඳුර වටේ තලන්නැතුව.. (ස)
බොදු බල සේනාව හලාල් සහතික නිකුත් කරන එක මේ බෞද්ධ රටට අයහපත් කියා කෑ ගහනවා. ඇත්තෙන්ම මේ බෞද්ධ රටට අපහාස ක්‍රියා වන්නේ මේ වගේ ක්‍රියාවන් නිසා. අද මේ අසන්න ලැබෙන්නේ සාමණේරගේ කතාව. නමුත් මීට වඩා අසික්කිත ක්‍රියා පුවත් පත් වල දකින්න ලැබුණා. කුරුණෑගල විහාරයක හාමුදුරු කෙනෙක්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගිය ගැහැණු ළමයෙක්ට අතවර කළා. එම නිසා බොදු බල සේනාව රට හැදීමට නම් මේ වගේ ක්‍රියාවන්ට පියවර ගන්න. (නි)
සිවුරට කල නිගාවක් (දී)
කෝ බොදු බල සේනාව? (නි)
පවු. පොඩි සාදු ෆිල්ම් එකක් බලන්න යන්න ඇති. (නි)
මේවා හලාල්ද කියලා අහන්න තරම් සම'හරක්' අයගේ මෝඩකම් ඉහවහා ගිහින්. කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. හලාල් ආහාර වලට සහතිකයක් විදියෙත්, ක්‍රමවේදයෙත් තියෙන අසමත්කම පොතේම ලියලා තියෙනවා. නමුත් මේවා බෞද්ධ දර්ශනයේ කොහෙවත් කරන්න කියලා ලියලා නැහැ. (නි)
ස්වභාව ධර්මය සමග හැප්පෙන නීති සහ රෙගුලාසි දැන නොගත්තහම ඔහොම වෙනවා. (නි)
සිවුර ගලවලා ගිහින්නේ බලලා තියෙන්නේ. ඉතිං මොකෝ? (නි)
වෙන කරන්න දෙයක් නැහැනේ (දී)
ඒ ගැහැණු ළමයා නොදනුවත්වද දන්නේ නැහැ නේද (දී)
නැවතත් මේ වගේ සිද්ද නොවෙන්න කටයුතු කරන්න (දී)
ඇස් අදහා ගන්න බැරි වඩනේ මෙවුවා (දී)
මේ අදහස් වලින් පැහැදිලි වෙන එකම දේ තමයි, අපේ මුස්ලිම් අය හාමුදුරුවන්ටයි, බොදු බල අයටයි තියෙන වෛරය. සාමනේර නමක් ගෑනු ලමයෙක් එක්ක චිත්‍රපටියක් බලන්න යාම කුරාණෙට අනුව තීරණය කරන්න තරම් මෝඩ වුණේ කොහොමද? සාමනේ කෙනෙකුට ඕනෑ වෙලාවක සිවුර දාලා ගිහියෙක් වෙන්න පුලුවන්. ඒත් නබී? අනුන්ගේ කුණු හොයන්න කලින් තමන්ගේ ඒවා පිරිසිඳු කළ යුත්තේ කවුද කියලා පැහැදිලියි නේද දැන්? (නි)
මේ වගේ වැඩ නතර කල යුතුයි (දී)
මේවා දැක්කහම අනෙක් ආගම් වල අයට රජ මගුල් වගේ ඇති. (නි)
අයියෝ සල්ලි (දී)
ඉෂාර ඉස්ලාමි ධර්මයේ මේ වගේ වැඩවලට අරාබි භාෂාවෙන් කියන්ෙන් හරාමි කියලා. ඒහි අර්ථය තහනමි යන්නයි. යමෙකු නීතියේ අනුමැතිය ඇතිව විවාහ ගිවිස ගත්තේ නම් එයට අරාබි භෂාවෙන් කියන්නේ හලාල් යනුවෙනි. එහි තේරුම අනුමත කරන ලද යන්නයි.(නදී)
බෑග් එකේ වෙන මුකුත් තිබුණේ නැද්ද? (නි)
දියණියේ, ඔබ කළ පවින් මිදෙන්න නම් ඒ පන්සලේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් සමාව ලබාගන්න. (නි)
කෝ අර සේනාව? එව! බලව! (නි)
නුවන් මල්ලි, පොඩි හාමුදුරුවෝ මෙහෙම කරනවා නම් ලොකු ලොකු හාමුදුරුගොල්ලා මොන මොනවා කරනවාද දන්නෙ නැහැ නේද? (නි)
නංගිට ච්ත්‍රපටයක් පෙන්නුවේ එයා අහිංසක නිසා. නංගි ආවේ සංසාරෙන් එතෙරවෙන්න.(නදී)
ඔව් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ (දී)
බුදු දහමේ අනුමත කරන්නේ නැහැ මෙවන් වැඩ (දී)
අද පැවිදි දිවියට එන්නේ වැඩි හරියක් නැති බැරි පවුල්වල ළමයි.ඒ අය දානෙ කාල ඉගෙනගෙන සිවුරු හරිනව.සැබෑවටම සසර කල කිරිල නෙමේ පැවිදි වෙන්නෙ.අද බොහෝ ස්වාමීන් වහන්සේලාට ධර්මාවබෝධයක් නෑ ගිහියන්ට තරම්වත්.(නදී)
ඇත්තෙන්ම මෙම හිමිනම පළමුව චීවරයට ගරු කර එය ගලවා දමා ඇත. චීවරය පිටින් ෂෝ එක බැලුවා නම්, කේස් එක වෙන අතක් ගන්න තිබුණා. සමස්ත බුදු දහමට නිගාවෙන්න තිබුණා. මෙයා සිවිල් වැඩේට බැහැලා තියෙන්නේ. වැඩිවියට පත්වී හෝමෝන ක්‍රියාකාරිත්වය ස්ක්‍රීය වු විට විරුද්ධ ලිංගිකත්වයට නැඹුරුවීම චීවරයෙන් වසාගන්න බැහැ. සමාජ සම්මතය වුණත්, සාංඝික නීති කෙටුම්පත් වුණත් සොබාදහමට පිටුපන්න කාටවත්ම බැහැ. (නි)
සාමනේර හිමි නමක් රකින්න ඕන සීලයක් තියෙනවා (දී)
මේ හැම විපත්තියකටම හේතුව, 1815.03.02 පසුව රාජ්‍ය අනුග‍්‍රහය සහ භෞතික මෙහෙයවීම බුදු දහමට නොලැබීමයි. (නි)
වෙන ඉතින් මොකක් කරන්නද (දී)
කොනක් අල්ලගන්න දගලන අයට මේ වගේ දේවල් ගොඩක් රසවත් ඇති. ප්‍රතිචාර දාන්න කලින් තමන්ගේ ආගමට නේද ගරහන්නේ කියලා හිතන්න. ඒක හාමුදුරු කෙනෙක් වැරදි කලාට මුළු සාසනයටම බනින එක හරිද? ඔය වගේ හාමුදුරුවරු බුදුන්ගේ කාලයෙත් හිටියා. (නදී)
මධූට මොළේ පෑදෙන්න තමන්ගේ ආගමට දෙයක් වෙන්නම ඕනෑ නේද? (නි)
අද අපේ රටේ නායක හාමුදුරුවරු දේශපාලන පඹගාලේ පැටලිලා. සාසනයෙ විනය කටයුතු හොයන්න වෙලා තියෙන්නේ පොලීසියට...(ස)
අධිකරණය මේ ගැටළුව සංඝ සභාවට යොමු කරන එකයි කළ යුත්තේ මට නම් හිතෙන විදියට..!(නු)
සාමනේර තැන සිවුරු අරවනවා මිසක් රිමාන්ඩ් කරලා ඇති වැඩේ මොකක්ද? උන්නාන්සේ ක්‍රිමිනල් අපරාධයක් කරලා නැහැනේ. (නි)
දිනපතා ප්‍රවෘති, සහ පත්තර බැලුවම බුදු දහම ලංකාවේ ක්‍රියාත්මක වන හැටි පෙනේවි. බෞද්ධයිනි අන් ආගම්වලට නිගරු කරන්න එපා. (ස)
ආගම් වලට මඩ ගැසීම නැවැත්වීම සදහා සියල්ලෝම පෙළ ගැසෙමු. (නි)
මීට වසර 30කට පමණ පෙර මහනුවර පැත්තේ පන්සලක හාමුදුරු කෙනෙකුත් මෙහෙම කලිසමට මාරුවෙලා 9.30 චිත්‍රපටිය බලලා එනවා. නමුත් හැමෝම දානේ වරද්දන්නේ නැතුව ගෙනිහින් දුන්නා. (නි)
බොඳු බල සහ මේ සිද්ධිය සමස්ථ බෞද්ධ කියන දේ හිතාගෙන අදහස් දමන අයගේ මොලේ කළදක්වත් නැති තරම් කියලත්, වෛරයෙන් ලියන අදහස් බවත් පේනවා. සාමනේර කළ වැඩේ වැරදියි. බොඳු බල අය කළේ අන්‍යාගමිකයින්ගෙන් බෞද්ධ දර්ශනයට වෙන අසාධාරණය වෙනුවෙන් පෙනී හිටපු එකයි. (නි)
අන්‍යාගමිකයන්ට බැණ බැණ ඉන්නවාට වඩා අපේ ආගමේ අඩුපාඩු හදාගත්තොත් තමා වටින්නේ. අද ලංකාවේ සිල්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ කීයෙන් කීදෙනාද? පසුගියදා උදේ හෝටලයකදී පෝලිමේ ගිහින් කෑම බෙදාගෙන කන සිවුරක් ඇඳගත් කෙනෙක් මම දැක්කා. ඒ වගේ අය දහදෙනෙක් විතර හෝටලයකදී දවල් ආහාරය ගන්නවා මම දැක්කා. මේවා හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. ලංකාවේ ස්වාමීන් වහන්සේලා සමහරකගේ තත්වය ඕකයි. (නි)
ආගම රකින්න නම් උසාවියක් පන්සලටත් ඕනෑ. වැරදි කර කර සිවුරේ ඉන්න දෙන්න එපා . එයාව ඒකෙන් නිදහස් කරන්න . (නි)
පොඩි සාදුගේ සුලු වැරැද්දක්නේ අප්පා! ෂා ෂා.... ඇයි රිමාන්ඩ් කළේ? (නි)
මොකක්ද මේ නීතිය? දෙන්නෙකුට විත්‍රපටියකට යන්නත් බැරිද? (නි)
සිවුරේ නම්බුවවත් තියන්න ඕනෑ කියලා හිතන්න තිබුණා නේද? (නි)
තව තව මුස්ලිම් මිනිසුන්ට බණින්න, බුදු දහම විනාශ කරන්න හදනවා කියලා. මට හිතෙන්නෙ ඔය වැඩියෙන්ම කෑගහන්නෙ ඔය වගෙ වැඩ කරන අයම තමා. තමන්ගේ හොර මගඩි වහන්න වෙන මිනිසුන්ගෙ පිටට වැරැද්ද පටවනවා. අපේ මෝඩයොත් ඒවම විශ්වාස කරනවා. (නි)
සාධු... සාධු... සාධු...! කෝ අනෙක් ආගම් ගැන අදහස් දක්වන අය? (නි)
මෙතන වරද ඇත්තේ ඔය කියන සාමනේර නමගේ දෙමවුපියන්ගේය. (නි)
මතක තියා ගන්න බුද්ද කාලෙත් හිටියා මෙවන් අය (දී)
මේවා හලාල්ද ස්වාමීනි? (නි)
සිවුර සදාකාලිකවම අත ඇරලා මේක කළා නම් කමක් නැහැ. සාමණේර හිමිගේ වයස ගැන සඳහනක් නැහැනේ. කොහොමද පාසල් දැරියට වඩා වයසින් අඩුනම්? (නි)
නීතියට අනුව ඒ හාමුදුරුවෝ වරදක් නොකළත් විනයට අනුව නම් වැඩේ වැරදියි. (නි)
හාමුදුරුවරු දෙනමක් ගුටි බැට හුවමාරු කරගෙන ඔලුත් පළාගත්ත එකේ මේ කොලු වයසට මේ සාමණේර හාමුදුරුවෝ කරලා තියෙන්නේ බොහොම පොඩි වැඩක්නේ. (නි)
අනේ අපිට යන කල... (නි)
පවු අනේ! සාමණේර වුණා කියලා හැගීමක් නැති වෙන්නේ කොහොමද? (නි)
බල සේනා , මෙන්න ඉස්සෙල්ලම කරන්න ඕනෑ වැඩ. (නි)
කෝ මේ මහානායකවරු? (නි)
සාමනේර හිමියන්ට මේ වැඩ අකැපයි (දී)
මොකක්ද හිමිනමට විරුද්ධව ඇති චෝදනාව? (නි)
බොදු බල සේනාවට අන්තිමට මොකද මේ වුණේ? (නි)
ගම්පහ පැත්තේ සිදුවෙන මිලියන ගණනේ කප්පම් සිද්ධිත් එක්ක බලද්දී මේ හිමිනම කරලා තියෙන්නේ බොහොම සුලු දෙයක්. (නි)
අපේ හාමුදුරුවරුන්ට වැරදි පෙන්වලා දෙන්න ලොකු ස්වාමින් වහන්සේලාවත් නැහැනේ හරියකට. (නි)
රිමාන්ඩ් කරන්න මෙයා කරපු වැරැද්ද මොකක්ද? ඕනෑ කෙනෙක් එක්ක චිත්‍රපට බලන්න ඕනෑ කෙනෙකුට අයිතියක් තිබෙනවා. ආගම සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒක කරන්න ඕනෑ සංඝ සභාවක් වගේ එකකින්. උසාවිය මෙයාව රිමාන්ඩ් කළේ මොන පදනමින්ද? (නි)
අයියෝ බොදු බල සේනා........ (නි)
එතකොට පහුගිය දවස් වල සිය ගණන් සාමණේර හිමිවරුන් සිය ගණන් සිදුහත් උපත බලන්න වැඩියේ නැද්ද? (නි)
නිවන් දක්නා ජාති දක්වා... (නි)
සාමණේර නමක් කියන්නේ අපේ සමාජයේ විශේෂ චරිතයක්. ශීලයක් තියෙනවා ආරක්ෂා කරන්න. ඒක නිසා මේ වැඩ වැරදියි. නමුත් දඩුවම පන්සලේ නායක හාමුදුරුවෝ හරි විනය මණ්ඩලයකින් හරි දුන්න නම් තමා හොඳ... නිර්මල බුදු දහමට පහර දෙන්න මේ වගේ සිද්දි යොදා ගන්න එපා....(ස)
රහත් වෙලා නැහැ නේ. වැරදි හදාගෙන ඉදිරියටම යායුතුයි (නි)
මේක පින් පළදීමේ ගැටලුවක්. (නි)
දැරිය මොහු මහණවී ඇති කෙනෙක් බව දැනගෙන චිත්‍රපටය බැලුවේ නම් මෙහි කිසිම නඩු නිමිත්තක් නැත. (නි)
දැකුම්කලු තරුණයින් යනු ස්වභාව ධර්මයේ අත්වැරදීම්ලු. (නි)
කොයි කොයි අයියලාගෙත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තියෙනවා. (නි)
හැගීම් ඇති වන එක සාමාන්‍ය දෙයක් වුණත් කරලා ඇති දේ හිමිනමකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. (නි)
ඕකතමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
මේවා අහනකොට දකිනකොට මටත් ගිහිගෙය අතහැර යන්න හිතෙනවා. (නි)
පළමුව මෙවන් නැහැදිච්ච හිමිවරුන් මට්ටු කිරීම ගැන සළකා බැලුවොත් නේද හොද? (නි)
කෝටියක් සංවර සීලය රකින්න ඕනේ (දී)
වංචා කිරීමේ චෝදනාවත් හාමුදුරුවන්ට එල්ල වෙන්න පුලුවන්. (නි)
හේරත්, භික්ෂුන්ට කල අවමානයක් කියන්නේ, අනෙක් භික්ෂූනුත් එහෙම කරනවාද? (නි)
සමහර අයගේ ප්‍රතිචාර දක්කම් හිනා යනවා. සිවුර හංගාගෙන බාලවයස්කාර දැරියක් චිත්‍රපට ශාලාවකට අරගෙන යාම වරදක් නෙමෙයිද? (නි)
බෞද්ධාගම ගැන තීරණ ගන්නෙත් අධිකරණයෙන්ද? (නි)
පොඩි සාදු බලන්න ගිහින් තියෙන්නේ සූරිය අරණ ලු. ටිකට් ගන්න දන්නෙ නැති නිසා දහම් පාසලේ ළමයෙක්ව තනියට එක්කගෙන ගිහින්ලු. (නි)
බොදු බල සේනාවට මේවා පෙනෙන්නේ නැද්ද ??? (නි)
ඇතැම් දුස්සීල භික්ෂුන් එදත් හිටියා.හෙටත් ඉන්නවා.ඒත් අපි උත්සහ කරන්න ඕනෑ ගිහි පැවිදි දෙගොල්ලටම හරි ධර්මයක් දෙන්න.නාමික බෞද්ධයො වැඩක් නැහැ. (නි)
රිමාන්ද කල පදනම කුමක්ද (දී)
පුංචි හාමුදුරුවරු (උපසම්පදා වෙන්න ඉස්සර) ඔය වගේ දඟ වැඩ කරනවා. මට බැන්නට කමක් නැහැ. මමත් ඒවාට උදවු කරලා තියෙනවා. එයාලාගෙන් 100ට 99ක විතර අය වගකීම් බාරගත්තට පස්සේ (උපසම්පදා වුණාට පස්සේ) නියම හාමුදුරුවරු විදියට සමාජයට සේවය කරනවා. මම අදත් එයාලාගේ පන්සල වලට ගියාම වඳිනවා. එයාලා අද මගේ දරුවන්ගේ මග පෙන්වන්නෝ. මේක මනුස්සයන්ට හැදෙන රෝගයක් මිස සත්තුන්ට හැදෙන දෙයක් නෙමෙයි. තව දෙයක්.... මේක ආගමේ වරදක් නෙමෙයි. (නි)
බලන්න මෙහෙමත් වැඩ (දී)
කතා කර කර ඉන්න දෙයක් නැහැ. එයා මහනකමට සුදුසු නැහැ (දී)
පාසල් ළමුන්ට මේක හොද පාඩමක් (දී)
මේකේ දාලා තියෙන අදහස් දැක්කහම හිතෙනවා අන්‍යආමික හෝ බෞද්ධ ඇතැම් පුද්ගලයන්ගේ තියෙන අසහනය. සමහර අය කතා කරන්නේ මේවා වෙන්නේ බෞද්ධ ආගමේ විතරක්ම වගේ. තේරුම් ගන්න, බෞද්ද දර්ශනේ ඉන්නවා භික්ෂුන් සහ චීවරධාරියෝ කියලා දෙකොටසක්. අද විතරක් නොව අතීතයෙත් එසේමයි. ඕනෑම මනුස්සයෙකුට හැගීම් තියෙනවා. නමුත් භික්ෂුවක් තම හැගීම් පාලනය කරගත යතුයි. මුලු බෞද්ධ භික්ෂුන්ටම බැනලා මේ කියලා තියෙන දේවල් වලින් තේරෙනවා වෙනත් ආගම්වල පුද්ගලයනුත් හොදින් තමන්ගේ ආගම, දහම පිළිපදින බව. (නි)
බෑග් එකේ තිබිලා යම් දෙයක් හමු වුණාලු. ඒවාට හාලල් ළකුණ තිබුණා කියන්නේ? (නි)
අද පැවිදි ඇත්තෝ පැවිදිගෙය අතහැර ගිහිගෙය කරා හඹායෑම ඇත්තෙන්ම කණගාටුවට කාරණයකි. (නි)
මේ පුද්ගලයාට "සාමනේර හිමිනමක්" කියන්න බැහැ. වඩා හොඳයි "චීවරධාරියෙක්" කියල කියන එක. විනය ධර්ම රකින පැවිද්දෙක් විතරයි හාමුදුරු නමක් වෙන්නේ. අනෙක සාමනේර නමක් කියන්නේ හාමුදුරු නමක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්. මේ අයගෙන් වැරදි වෙන එකට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. (නි)
මේකෙයි, බොදුබල සේනා සංවිදානෙයි තියෙන සම්බන්දේ කුමක්ද? කරුණාකර පිළතුරු දෙන්න. හැම දේටම අදෝමාර්ගයෙන් හිනාවෙන්න බලන් ඉන්න නිවට හිවලුන්ගෙන් මං ඉල්ලන්නෙ.(ස)
මෙවැනි දේවල් මෙසේ ප්‍රචාරය සාධාරණද? (නි)
අදහස් දාපු සමහර අය බොදු බලසේනාව එක්ක තියන හිතේ අමාරුව ඇරගන්න මේක පාවිච්චි කරලා. (නි)
මෙවන් දේවලින් වෙන්නේ අපේ ආගමට අන්‍යආගමිකයින් ගරහන එකයි. (නි)
මේවට තමයි කැළෑ නීතිය කියන්නේ, අපි නම්. (නි)
ප්‍රතිචාර දැක්වීමට පහසුකමක් තිබුන පලියට අර කන්නාඩිය අතට ගත්ත වදුරො වගේ හැසිරෙන්න එපා. වගකීමෙන් ප්‍රකාස නිකුත් කරන්න.(ස)
මමනම් මොකුත් කියන්නේ නැහැ, මට කියන්න මොකුත් හිතා ගන්න බැහැ (දී)
අපි නම් කියෙන්නෙ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඕනෑ. බොදු බල සේනා, සිංහල රාවය අපේ කාලයේ ජාතියේ වීරයෝ... අපේ බෞද්ධයන් බොරු සුභාරංචි අරන් නැති දෙයියෙක් ගැන කියෝ කියෝ මිනිස්සු මුලා කරන්නෙ නැහැ. (නි)
"හිමියන්ට කියලා හැකීමක් නැත්තේ නැහැනේ." ඇත්තද? ඒ හැගීම පාලනය කර ගැනීමට තමයි ආදරය කරුණාව පෙරදැරි කරගත් විවාහ සම්ප්‍රදායක් මනුසතාට ලබා දී තිබෙන්නේ. ධර්මය යනු වයසට මුහුකුරා ගියාට පසු ඇදහිය පිළිපැදිය යුතු දෙයක් නොව මනුෂ්‍යයාගේ උපත්තියේ සිට මිනීවළ දක්වා තමාව ආවරණය කරගෙන පැළදගත යුතු චිත්ත පාරිශුද්ධිය නමැති වටිනා ආභරණයකි. එසේ නොසිදුවන විට මෙවැනි දේ සිදුවීම නොවැළැක්විය හැකිය. (නි)
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ... (නි)
අමිල, හලාල් ගැන ප්‍රශ්නේ තියෙන්නෙ ඒ සංවිදානෙට නෙමෙයි. අපේ රටටග අපේ සිංහල කමට. මාත් කාලයක් ඔක ගැන ඔය විදිහට හිතුවා. නමුත් එම සංවිදානෙන් කරපු දැනුවත් කිරීම නිසා මටත් හිතෙනවා මේ කියන දේ ඇත්තක් තියෙනවා කියලා. අනික දැන් "සාමනේර හිමි රිමාන්ඩ් - කෙල්ලක සමග සිනමා හලක" කියන ප්‍රවෘත්තියෙයි, හලාල් ලකුනෙයි තියෙන සම්පන්දෙ මොකක්ද? එහෙම නැත්තන් බොදු බල සන්විදානෙයි ඉහත ප්‍රවෘත්තියෙයි සම්බන්දෙ මොකක්ද කියලා මන් ඇහුවෙ. යන්නනෙ කොහෙද ඇහුවම මල්ලේ තියන ඒවා කිව්ව කට්ටියනේ ඉන්නෙ.(ස)
මේ වගේ හාමුදුරුවරු තව නැත්තේ නැහැ. (නි)
කලිසමක් ඇදගෙන ගියේ සිවුරට අගෞරව වෙන නිසා කියලාවත් තේරුම්ගන්න බැරිද? (නි)
අද කාලේ හැටියට ඕවත් වැඩද? (නි)
දැන් පොලිසිය හිතාගෙන ඇති ලොකු වැඩක් කළා කියලා. (නි)
පොඩි හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ විශ්වරූපම් බලන්නලු. බලන්න කලින් හලාල් බුහාරි කෑවා කියලත් ආරංචියක් තියෙනවා. (නි)
මේ සිද්දිය රටේ සංස්කෘතියට, හා සභ්‍යත්වයට බලපාන එක් සිද්ධියක් පමණි. ඕනෑම රටක හොඳ ,නරක දෙකම වෙනවා. දැන් අපේ රටේ මාධ්‍ය දියුණු තත්ත්වයක පවතින නිසා ඕනෑම සිද්ධියක් සුළු වෙලාවකින් හෙළිදරවු වෙනවා. හොඳ තරමටම නරකත් ඇතිවෙනවා. සමබරතාවය රැකෙන්නයි එහෙම වෙන්නේ. ඕක ගැන ලොකුවට හිතන්න එපා . (නි)
නායක ඉබ්බො ඇදේට යන ගමන් පොඩි ඉබ්බොන්ට කෙලින් යන්න කියන එක වැරදියි අනේ. (නි)
ඔය සාමණේර නම අනිවාර්යෙන් රෑටත් කනවා ඇති..(ස)
වැලන්ටයින් ඩේ සමරන්න වෙන්න ඇති. කොල්ලනේ කෙල්ලනේ! ඔබලාට පෙම්වතුන් වී අත්විඳිය හැක්කේ කුඩා රසයක් මෙන්ම එයද කෙටි කලකි. නමුත් විවාහය යනු මරණය දක්වාම දිවයන අලංකාර දිවි සැලසුමකි. එහි අරුමය සැබෑ ලෙසම අත්විඳින්නට නම් ඔබත් විවාහයට පළමුව පෙම් නොකර විවාහයෙන් පසුව පෙම්සුව විඳින්නට සිතා ගන්න. “ගොනාට ඉදිරියෙන් කරත්තය නොව කරත්තයට ඉදිරියෙන් ගොනා” යන්න නිවැරදි ක්‍රමයයි. (නි)
මම ඉෂාරගේ අදහස් වලට එකගයි. (නි)
සාමනේර නමක් සික්ෂා පද කියක් රකින්න අවශයිද (දී)
භික්ෂුත්වයට කල අවමානයක් (දී)
කරුණූ සොයා බලන්නේ නැතුව ගරහන්න එපා. (නි)
ඉෂාර ඔය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඉස්සෙල්ලාම කියමු බලන්න බොදු බල සේනාවේ අයට හලාල් එක්ක තියන ප්‍රශ්නේ මොකක්ද කියලා. (නි)
කෝ අපේ අර බල සේනාව? (නි)
මහණකම කියන්නේ කටු ඔටුන්නක් නොව රත්තරන් ඔටුන්නකි. නමුත් එහි වටිනාකම නොදන්නා කල එහි වටිනාකම නොදැනෙයි. (නි)
මේ දූෂිත ලෝකෙ මොනම ආගමක හෝ කෙලෙස් දුරු කරගෙන සීලයෙහි පිහිටා සිටින්නේ කීයෙන් කී දෙනාද ? (ස)
හිමියන්ට කියලා හැගීමක් නැත්තේ නැහැනේ. (නි)
හැගීම් පාලනය කරගන්න බැරි නම් මහණ වෙන්නේ ඇයි? (නි)
ආර්ථික ප්‍රශ්න නිසා කුඩා දරුවන් මහන කරන එක තහනම් කරන්න. මේ දරුවන් ලොකු වුනාම මේ වගේ දේවල් වෙනවා.(නදී)
හාමුදුරුවෝ දේශපාලනය කිරීම, සාස්තර කීම, රැකියා කිරීම ගැන අපේ අයට ප්‍රශ්නයක් නෑනේ. ඉතින් ච්ත්‍රපටියක් බැලුවම මොකද?(නදී)
රිය පැදවීම, ච්ත්‍රපටි බැලීම වගේ දේවල් ගැන ඇයි මෙච්චර උරණ වෙන්නේ? (නි)
මේ ප්‍රශ්නෙත් එක්ක බොදු බල සේනාවෙයි, හලාල් වලයි තියෙන සම්බන්ධය මොකක්ද? (නි)
හලාල් තැන හොයන්න කලින් මේ වගේ දේවල් ගැන හොයලා බලන්න. (නි)