අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ 2015 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (25) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ පුෂ්පකුමාර මහතා පැවසීය.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenet.lk යන වෙබ් අඩවියේ පළ කර තිඛෙන බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කීවේය.
2015 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා අයදුම් පත්‍ර 109096 ක් ලැබී තිබූ බවද ඉන් 1197ක් සංශෝධනය වී තිබෙන බවද පුෂ්පකුමාර මහතා සදහන් කළේය.
මෙම විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ ලිපිනයන් වෙතද තැපැල් කළ බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd