බදාදා(24) මධ්‍යම රාත‍්‍රී මහා නත්තල් මංගල දිව්‍ය පූජාව වත්තල සාන්ත ආනා දෙව්මැදුරේදී මැල්කම් කාදිනල් රංජිත් අගරඳගුරු ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
උඩඟු නොවී ඉවසීමෙන් හා සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව එතුමෝ පෙන්වා දුන්හ.
ක‍්‍රිස්තුස් වහන්සේ දිළිදු එඩේරුන්ගේ ගව මඩුවක දිළිදෙකු මෙන් ඉපදීමෙන් අපේ ජීවිත වලටත් හොඳ පණිවුඩ ගෙන එනවා. අප සාමාන්‍ය ජීවිතයේදී බොහො විට පමණට වඩා උඩගු වෙනවා ආඩම්බර වෙනවා. අපි අපේ
ජයග‍්‍රහණ පිළිබදව පමණට වඩා උඩගු වෙනවා අපි අපි අපේ ක‍්‍රියා ගැන, අපේ ජාතිය ගැන, අපි පමණට වඩා අනවශ්‍ය ලෙස උද්දාමයට පත් වී අනිත් පුද්ගලයා නොඉවසන, හැමදේම අපිට කරන්න පුළුවන් , අපි පමණක් ඉහළයි කියන උඩගු භාවයට පත්වෙනවා. අන් අය ඉවසන්නේ නැතිව තමන් ලබාගත්, තමන් කළ දේ පමණක් හරි යැයි සිතා කටයුතු කිරීම. ඒ නිසාම අපි අනිත් අයට පීඩා පමුණුවනවා. ඒනිසාම අන්අය අප හා එකඟ නොවීම අපට තර්ජනයක් යැයි අප සිතනවා. උඩගු වීමෙන් සාමය
සහජීවනය ඇති වන්නේ නැහැ. සාමය සහජීවනය ඇතිවන්නේ ඉවසීමෙන් උඩඟු නොවීමෙන් නත්තලේදි අප විසින් ඒ ගුණාංග ජීවිත වලට ඇතුළු කැර ගත හැකියි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නත්තලක් වේවා! (නදී)
සැමටම සුබ නත්තලක් වේවා.(නදී)
කාලයට ඔබින මසුරන් කතාවක්. අපේ රට ගිලී තියෙන අගාදයට හේතුව මේ මෝඩ උඩගුකම. රටේ අදායම නය ටික ගෙවන්න මදි. හැමෝම බටහිර ආදාර මත හා චින්නුන්ගේ නය මත මහ පරිමාණයෙන් නාස්තිකරනවා. උපදින්න ඉන්න ළමයින්වත් නයකරන මේ රට ගැන මේ නත්තලෙදිවත් හැමෝටම ආයෙත් හිතන්න නුවනක් පහල වේවා! (නදී)
අපුරු දෙයක් කියා ඇත්තේ. (නදී)
සුභ නත්තලක් වේවා (දිල්)
ඔබ සැමට සුබ නත්තලක් වේවා (දිල්)
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා. (ත)
වටිනා කතාවක් වටිනා පුවතක් (දී)
ආදර්ශමත් වැඩක් (දී)
''සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා'' (දී)
සයුරින් එතෙර සිටියත් මා විදෙස ගතින් හදවත වත්තලය මගේ මතක සිතේ රන්ජිත් කර්දිනල් වත්තල් පැමිණි වගයි ජේසු බිලිදු අප සැම වෙත ජනිත වගයි.(නදී)
සුබ නත්තලක් වේවා ! (නදී)