බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව මැයෙන් පෝද්දල අටේ කණුවේ කාසිදෙණියේ වත්තක බණකට වඩිමින් සිටි සිරි සමන්තභද්‍ර (විද්‍යාවේදී පිටිදුවේ සිරිධම්ම) හිමියන් ආපසු හරවා යැවීමට මහා සංඝරත්නය ද ගම්වැසියෝ ද සමත් වූහ.
සිරිධම්ම හිමියන් බුදු බණ විකෘති කරතියි ගැමියෝ කියති.
සිරිධම්ම හිමියන් සමග ආ පෞද්ගලික ආරක්ෂකයන් පිරිසක් හා ගැමියන් අතර බහින්බස්වීමක් හටගත් බවත් ආරක්ෂකයන් කිහිපදෙනකුට එහිදි පහරදි ඇති බවත් කියති.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ගාල්ලේ මිනිස්සු....මෙයා වගේ අය රටෙන්ම එලවන්න එලවන්න එලවන්න ඕනේ.
කවුද මේ ජයකොඩි?
බුදු හාමුදුරුවෝ මිත්‍යාදෘෂඨි නැති කරන්න ගහ ගත්තේ නෑ
මෙවැනි පහරදීම් දැඩි ලෙස හෙලා දකිමි. ඕනෑම අයක්ට තමන් කැමති ආගමක් ඇදහීමට නිදහසේ අදහස් පල කිරීමට අයිතියක් ඇත. නිර්මල බුදු දහම බලෙන් ව්‍යාප්ත කරන්නක් නොව කැමැත්තෙන් සත්‍යය දැක වැළදගන්නකි.වර්තමානයේදී දුස්සීල භික්ෂුන් වහන්සේලා ෙද්ශපාලනයටද පිවිසෙිටින අතර ඉන්දියාවේ මෙන් දේශපාලන වාසිය සදහා බොදුනුවන් මෙවැනි ගැටුම් වෙත පෙලඹවන බවයි මගේ අදහස. ඊට වඩා වැදගත් වන්නේ නොමග යන්නන්ට සත්‍ය කියා දීමහ මිස මෙවැනි පහත් කියාවන්හී යෙදී බුදුසසුන අපහාසයට ෙහෝ හෑල්ලුවට ලක්කිරීම නොවේ. මහනායක හිමිවරැණි දැන්වත් පියවර ගන්න නැතින්ම් මේ දුස්සීලයන් බොදුනුවන් වනසනු අැත
මහනායක හිමිවරැණි... දේශපාලනයට පිවිසි සංඝයා... යන්තර මන්තර වැඩ කරන සංඝයා... මූල්‍ය වංචා සිදුකරන භික්ෂුන්... කාන්තාවන් හා වැරදි ඇසුරැ ඇති භික්ෂුන්... භික්ෂුත්වයෙන් නෙරපන්න...
අපේ පිවිතුරු බුදු දහම රැකදේව ,
ජයකොඩි 2012-07-03 16:33:12 "ඉන්ද්‍රජිත්, භික්ෂූන් දෙශගුනය අනුව යම් යම් දේ වෙනස් කර ගෑනිම සාමාන්‍ය සිද්දියකි....." මෙය 100% මහායාන අදහසකි ! දැන් පෙනවනේද මෙයාලගේ සැගවුණු කුමන්ත්‍රණය ?
ජයකොඩි 2012-07-06 17:56:24 "..නමුත් එකක් මතක තබා ගන්න.පරම සත්‍ය කවදා හෝ ජයගන්නවාමයි......" පරම සත්‍ය කවදා හෝ ජයගන්නවා නම් ඔයා ඔච්චර පටමන්නේ මොකද?
මේ හාමුදුරුවෝ කරන්නේ මහායානය පතුරුවන එකයි
මේ හාමුදුරුවො කියන්නේ නිර්මල බුදු දහම ගැනයි. බුදු හාමුදුරුවෝ පොලු මුගුරු අරන් ප්‍රශ්න විසදන්න කියලා නෑ
සත්‍ය ජයගනීවී
එක එක කාලෙට හතු ලෙසින් පිපෙන්නාවූ ව්‍යාජ විදියට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විකෘති කර සිංහල බෞද්ධයන් නොමග යවන්නාවූ චීවර ධාරීන් , නොයෙක් නම් වලින් පෙනී සිටින්නාවූ වසලයන්ගේ වෙස්මුහුණු ගැලව අපේ සිංහල බෞද්ධයන් දැනුවත් කල යුතු කාලය එළඹ ඇත, ඒ වගේම බුදුන් වදහල ධර්මය ගීත ගායනයෙන් දේශනා නොකොට සියලු බුදුන් විසින් දේශනා කළාවූ, කරන්නාවූ , පාලි භාෂාවෙන් උගැන්විය යුතුය. එම ගාථා පාඨයන්හී සිංහල තේරුම දන ගත යුතුය, ඉතිපිසෝ භගවා ගාථා පාඨයන් සජ්ජායනය කිරීමේදී දැනෙන්නාවූ ආශීර්වාදය, ආරක්ෂාව, පන්සිල් රකින්නාවූ සිල්වත් පිරිසට හොඳින් දැනේ, දැන් දැන් වන්නේ බුද්ධං සරණං ගච්චාමි නොව මේ දිනවල සිදුවන්නේ නොයෙක් නොයෙක් චීවරධාරීන් සරණං ගච්චාමි යන්නකි, මෙය ඉතා භයානක ඉරණමකි, බුදුන්ගේ ප්‍රධාන ශ්‍රාවක පිරිසවූ සංඝයාවහන්සේලා බුදුන් වදහල ධර්මය දේශනාකිරීම මිස තමන් වහන්සේලා සරණයාමට උගැන්විය යුතුව නැත, බුදුන් වදාහල ධම්ය පිරිස් එකමුතු කිරීම මිස, දෙකඩ කිරීම නොකර යුතුව ඇත.. මෙවැනි චීවරධාරීන් සමාජයේ ප්‍රසිද්ධවීමට එක හේතුවක් වන්නේ.. අපේම සමහර භික්ෂුන් වහන්සේලාගේ සමහර ක්‍රියාකලාපයන් නිසා.. සමහර පිරිස් මෙවැනි නව ආරයන්ට යොමුවේ.. සියලු සිල්වත් භික්ෂුන් වහන්සේලා එක්ව , දුසිල්වත් චීවර ධාරීන් හා , දහම විකෘති කරන්නාවූ චීවරධාරීන්ගේ වෙස්මුහුණු ගැලවිය යුතු කාලය එළඹ ඇත..
ආර්ය පුද්ගලයෙකුගේ වචනයට ගැළපෙන ක්‍රියාත්, ක්‍රියාවට ගැළපෙන වචනත් තිබිය යුතුයි
ජයකොඩි 2012-07-01 20:47:05 "මෙ ගම්වල ක්‍රියාත්මක වෙන්නෙ රටෙ නිතිය නෙමෙද?ඔන කෙනෙක්ට ඔන තෑනක යාමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් නිදහසක් තියනව.මෙ ගෑමි නිති එලියට පෑනිමෙ සම්ප්‍රදාය වහාම නතර කල යුතුයි.ඔය මොඩ ගෑමි නිති නිසා විශාල ලෙස මිනිසුන් ලන්කාවෙ විනාශයට පත් වෙලා තියනව." ඔන්න තැනකට යාමටත් , අදහස් ප්‍රකාෂ කිරීමටත් නිදහස තිබුනට , ධර්මයක් විකුර්ති කිරීමට කාටවත් නිදහසක් ලැබී නැත !
"පිටිදුවෙ හිමිට මොන සෙල්ලම් දෑම්මත්..." පොඩ්ඩක් හෝව්! පිටිදුවෙ හිමිද? සමන්තභද්‍රද?
ජයකොඩි 2012-07-01 20:47:05 "මෙ ගම්වල ක්‍රියාත්මක වෙන්නෙ රටෙ නිතිය නෙමෙද?ඔන කෙනෙක්ට ඔන තෑනක යාමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් නිදහසක් තියනව.මෙ ගෑමි නිති එලියට පෑනිමෙ සම්ප්‍රදාය වහාම නතර කල යුතුයි.ඔය මොඩ ගෑමි නිති නිසා විශාල ලෙස මිනිසුන් ලන්කාවෙ විනාශයට පත් වෙලා තියනව." ඕන කෙනෙක්ට ඕන තෑනක යාමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් නිදහසක් තියනමුත් බුදු දහම විකෘති කිරීමට කිසිදු අයිතියක් නොමැත.
දැන් පින්වත්නි මේ හාමුදුරැවොත් වඩින්නෙ ප්‍රාඩෝ එකෙන් පෞද්ගලික ආරක්ෂකයොත් එක්කයි. හරියට ඇමති කෙනක් වගේනෙ. මෙය හාමුදුරැනමකට අකැපයි.
ඉන්දික 2012-07-01 19:19:21 මම මේ ස්වාමීන් වහන්සේගෙ බණ අහල තියනව video වලින්. කීපදෙනෙක්ගෙන් මේ හාමුදුරුවො ගැන අහපුවම කියපු දේවල් සහ බණට කියන දේවල් වල ලොකු වෙනසක් තියනව. මටනම් පෙනෙන ව්දිහට මේ හාමුදුරුවො කියන බණ ඉතාමත් ප්‍රායොගික සහ පිලිගත හැකි නිර්මල බුදුදහම වගෙයි. අපේ රටේ විතරක් නොවෙයි ලෝකෙ කොහෙත් වැඩි පිරිසක් ඕනම දහමක් අන්ධානුකරණය කරන එකයි කරන්නෙ. මේ හාමුදුරුවො එලවගත්ත අයගෙන් මුස්ලිම් ආගම ගැන ඇහුවොත් මොනව කියයිද. තමන් විශ්වාස කරගෙන ඉන්න දේම හරි කියල හිතන ඉතාමත් නූගත් ජනසමාජයක් අපේ රටේ වගෙම මුලු ලෝකෙම ඉන්නව. විශේෂයෙන්ම ග්‍රාමීය මෙන්ම නාගරික නූගත් ජන කොටස් වල බුද්ධි මට්ටම අඩු අය පිරිසක් එක් උනාම, හරි දෙය වැරදි දෙය තේරුම් ගන්නෙ නැතිව විශාල හානි ගෙනෙනව සමාජයට. බුදු දහම රැකගන්න හාමුදුරුවරු පෙළ ගැසෙන එකට අපි නමස්කාර පූර්වකව ගෞරව කලත්, සෑම හාමුදුරු නමක්ම බුද්ධිමත් ලෙස කටයුතු කරනව කියල පිලිගන්න බැහැ. සිවුරක් පොරවගෙන අපි අතර ගැවසුනත්, සමහර හාමුදුරුවරු ඉතාමත් දුස්ශිලයි. ඒක තමා තිත්ත ඇත්ත. නිකාය, පන්සල්, ප්රදේශ වලට බෙදිල බුදු දහමෙ කියන මූලික දේවල්වත් පිළි නොපදින හාමුදුරුවරු, වෙනත් හාමුදුරු කෙනෙක් බණකට වඩිනකොට මැරකමින් එලව ගන්නව.
ඉන්දික 2012-07-01 19:19:21 'මම මේ ස්වාමීන් වහන්සේගෙ බණ අහල තියනව video වලින්. කීපදෙනෙක්ගෙන් මේ හාමුදුරුවො ගැන අහපුවම කියපු දේවල් සහ බණට කියන දේවල් වල ලොකු වෙනසක් තියනව. මටනම් පෙනෙන ව්දිහට මේ හාමුදුරුවො කියන බණ ඉතාමත් ප්‍රායොගික සහ පිලිගත හැකි නිර්මල බුදුදහම වගෙයි.' .......'මටනම් පෙනෙන ව්දිහට'....... ත්‍රිපිටකය පිළිබද හරිහැටි නොදන්නා ඔබට පෙනෙන විදිය හරිවෙන්නේ කොහොමද ? මෙවන් බුද්ධිහීන පුද්ගලයන් නිසා තමයි මීවගේ ධර්මයට විනකරන්නන් බිහිවෙන්නේ සහ පවතින්නේ ..!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතානෙනි, මා වසන්ත ලියනගේ මිස වසන්ත ප්‍රිලයදර්ශන නොවේ. මා පරිසර ඉංජිනේරු විද්යා ව පිළිබද ආචාර්ය උපාධිධරයෙකි. කෙසේ වුවද, ඔබ විසින් මෙහි නිතර පළකරන අදහස් මා කැමැත්තෙන් කියවන අතර, එම අදහස් කෙරෙහි දක්වන විවේචනයන්ද දකිමි. කරුණු වලට ප්‍රතිචාර දැකිවීමට අමතරව පෞද්ගලික මට්ටමේ විවේචනයන්ද දකිමි. එසේ වුවත් නොසැළී සිටීමේ ගුණය අගය කරමි.
සමන්ත වෙන මොකුත් දැක්කේ නැද්ද ?
1956 සිංහල පමණි.. 86 ඊලම, 2009 සාමය, 2012 අලුත් බුදුවරයෙක් බුදු දහමක්., චිත්‍රපටථ නවකතා, ටෙලිනාට්‍ය, නිධාන. අතුරැදන්වම්, කප්පම් වගේ දේවල්...මේවා නියම දේවල් ජාත්‍යන්තරයට..අළෙවි කරන්නට..
බුද්ධාගම කියන්නේ ඉතාමත් අවිහිංසක ආගමක්.සිරිධම්ම හාමුදුරැවන්ට ආරක්ෂාවට මිනුස්සු ඉන්නවා කියන්නේ අපි හැමෝම හොදට හිතල බලන්න ඕනි මෙතන මොකක් හරිවෙනවද කියල.හාමුදුරුවරු කවද්ද ආරක්ෂකයෝ පාවිච්චි කලේ
කැරපොතු ගුලට සුවඳක් යවල කැරපොත්ත එලියට අරන් මොර්ටින් ගහන්න ඕන .
ජයකොඩි මහ්තයෝ... බණ කියන හාමුදුරුවන් හට කොහින්ද ජිවිත තර්ජන. දේශපාලනය හරි වෙන මොනවා හරි මගෝඩි වැඩ කරනවනම් ඉතින් බෝඩිගර්ඩ්ලා තියා ගන්න වෙනවා. මමත් ලංකවේ හොදට සිංහල තේරනවා. බෝඩිගර්ඩ්ලා කියන්නේ හාමුදුරුවන් පසුපස යන ඇබිත්ත කොලුවන්ට නොවිනේ. අපේ ගම්වල හාමුදුරුවන්ට බොඩි ගාඩ්ලා නැ . මොකද එයාල කියන්නේ බණ නිසා...
ආචාර්ය වසන්ත ලියනගේ මහත්මා කියන දේ සත්‍යයි. මුදල් හරි හම්බ කර ගන්න ඕන නම් ඒකට සුදුසු ක්‍රමවේද තියෙනවා.ඒකට අසරණ අහිංසක හාමුදුරුනමක් දඩමීමා කරගෙන ඒ හාමුදුරුවෝ ලව්වා තමන්ගේ පුවත්පත ජනප්‍රිය කරගෙන පසුව ඒකෙන් ඒ හාමුදුරුවන්ට වන අයහපත ගැන අබමල් රේණූවක තරමක වත් හැඟීමක් නැති අය ගැන මට හරි කණගාටුයි. මගේ අරමුණ වුනේ නිස්සරණාධ්‍යාශයෙන් අපි උගත් දෙයින් මහජනතාවට සේවය කිරීම නිසා.අනික මට ජීවත්වෙන්න හොඳ රැකියාවක් තියෙනවා.ඉතින් මට බුදුදහම හරි බුදුහාමුදුරුවෝ විකූණන්න හරි ඕන නැහැ.මම කිසිම පුවත්පතකට මේ තාක් යැව්ව කිසිම ලිපියකට මුදල අරගෙන නැහැ.ඒවා සේරම නොමිලේ.මම ප්‍රකාශ කරපු කිසිම පොතකට හරි සඟරාවකට හරි මුදල් අරගෙන නැහැ.එහෙම මුදල් අරගෙන තිබෙනවා නම් ඒවා ප්‍රසිද්ධියේ හෙළි කරන්න.මම කියන්නේ මේ හාමුදුරුවෝ යම් කිසිවෙකුගේ බළල් අතක් වුනා.දැන් මේ හාමුදුරුවන්ට යන එන මං නැතිවෙලා තියෙන්නේ.ඒත් එකක් කිව යුතුයි.එහෙම කියලා කාටවත්ම හිරිහැර කරන්න,හිංසා කරන්න කාටවත් ලයිසන් දීලා නැහැ. මේ හාමුදුරුවෝ කියන්නේ බොරු බණ වෙන්න පුළුවන්.ඒත් කාටවත්ම අයිතියක් නැහැ මේ හාමුදුරුවන්ට පහරදෙන්න,හිරිහැර කරන්න.එහෙම නම් නීතිය,උසාවිය,පොලිසිය පොල් ගාන්නද?කරුණාකරලා ඔබලා නීතිය අතට ගන්න හදන්න එපා.මම මේක කියන්නේ කාලයක් මගේ රැකියාව වෙලා තිබ්බෙත් නීතිය සමඟ රාජකාරි කිරීම නිසා නීතිය කියන්නේ මොකක්ද කියලා මම හොඳින්ම දන්න නිසායි.මට කිසිදු දේශපාලන පක්ෂයක්,පාටක්,මතවාදයක් නැත.අවංකව හෘදශාක්ෂියට එකඟව කතාකලේ.කාගේහරි හිත නොදැනුවත්ව හරි රිදුනා නම් මට සමාව දෙන්න.තෙරුවන් සරණයි !!!
බුද්ධාගම කියන්නේ ඉතාමත් අවිහිංසක ආගමක්.සිරිධම්මට ආරක්ෂාවට මිනුස්සු ඉන්නවා කියන්නේ අපි හැමෝම හොදට හිතල බලන්න ඕනි මෙතන මොකක් හරිවෙනවකියල.හාමුදුරුවරු කවද්ද ආරක්ෂකයෝ පාවිච්චි කලේ
( පින්නට දෑමු හිස් ආවරනය නිසා හිමිනමක් මහායානික වන බව පෑවසු ...) කවුද එහෙම කිව්වේ......?????????????
සම්පත් 2012-07-01 17:23:34 '... පිටිදූවෙ සිරිධම්ම හිමිගේ දේශනාව අනුව මම මගේ සිත පුරුදු කරලා බුදුන් දැක්කා.....' මෙන්න තවත් පිස්සෙක් !
ජයකොඩි 2012-07-03 16:15:10 "ඉන්ද්‍රජිත් මහතානෙනි,ටි ෂර්ට් අදින්න කියා ත්‍රිපිටකයෙ නෑත.සත්‍යයකි.මන්ද එකල ටි ෂර්ට් නොතිබිනි..." අසවු.අසවු. බුදුන් වහන්‍සේ භික්ෂූන්ට තුන් සිවුරු අනුදැන වදාලේ එකල ටී-ෂර්ට් නොතිබුණූ නිසාය
ජයකොඩි 2012-07-06 17:56:24 "පිටිදුවෙ හිමිට මොන සෙල්ලම් දෑම්මත් එය යටපත් කල නොහෑක.." ඔවු.ඔවු. එයාගේ වැඩ ගැන ඔය අපූරුවට පත්තර වල තිබුණේ පහුගිය කාලේ
වහනය දැක්කම බන ගැන හිත ගන්න පුළුවන් .
හාමුදුරුවරු කවද්ද ආරක්ෂකයෝ පාවිච්චි කලේ.
ගිය වසරෙ පිටිදුවෙ හිමිගෙ ආශ්‍රමය භික්ෂූන් 200 ක් පමන වටලා මහා විනාශයක් කලා. එම පන්සලෙ දායකයන්ට හිංසා කලා.දෙපල විනාස කලා. එහිදි එම හිමිවරු ආශ්‍රමය වනසා සොයාගත් ජායාරුප තමා ඔය දෑන් මඩ ගහන්න පෙන්නන්නෙ.එහෙම නෑතුව උන්වහන්සෙට ඕව අන්තර්ජාලයට දෑමිමෙ උවමනාවක් තිබුනෙ නෑ.දෑන් උන්වහන්සෙ ඒවා පෙන්නන්නෙ එහි කිසි වෑරෑද්දක් නොමෑති බව පෙන්වීමටයි.හිමිනමක් නාන වෙලාවක යට අදනයකින් සිටිමෙ වෑරෑද්දක් නෑහෑ.
යමක හොඳ නරක තෝරා බේරා ගැනීමට නොහැකිව ආර්ය මාර්ගය පසෙක තිබෙද්දී වෙනත් දේවල් හා කාමයන් පසුපස ඉවක් ඉවක් නොමැතිව ලුහුබැඳීම නිසා සසර දිගුවන බව බුදුරජාණන්වහන්සේ විසින් විග්‍රහ කර ඇත්තේ මේ අයුරිනි.එය මගේ වචනය නොවේ.බුද්ධ වචනය ඒ අයුරින්ම දැක්වීම මැනවැයි සිතූ බැවින් ත්‍රිපිටකගත බුද්ධ දේශනා ඒ අයුරින්ම උපුටා මෙහි දැක්වීමි.“යෙ හි කෙවි භික්ඛවෙ සමණා වා බ්‍රාහ්මණා වා ඉමෙ පඤ්ච කාමගුණෙ ගටිතා මුච්ඡිතා අජ්ඣාපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ඤජන්ති, තෙ එවමෙසු වෙදිතබ්බා: අනයමාපන්නා බ්‍යාසනමාපන්නා යථාකාමකරණීයා පාපීමතො“ (මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පස්කම් සුවයන්හි වෙළුනාහු මුසපත් වූවාහු බැස ගත්තාහු දොස් නොදක්කා සුලු වූවාහු ප්‍රත්‍යෙවෙක්‍ෂා ඥාණයෙන් තොර වූවාහු නම් මේ පස්කම් ගුණයන් පරිභෝග කෙරෙද්ද, ඔහු අනභිවෘද්ධියට පැමිණියාහු ව්‍යසනයට පැමිණියාහු පවිටු මරහු විසින් කැමති සේ කට යුත්තාහු යි මෙසේ දක යුත්තාහු ය.) - මජ්ඣිම නිකාය, ප්‍රථම භාගය, මූල පණ්ණාසකය, ඔපම්ම වග්ගය, අරියපරියෙසන සුත්ත,බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව-10, මජ්ඣිම නිකාය සංශෝධක මණ්ඩලය, 2001, පිටු 420, 421
මනසට නෙමෙයි බුද්ධියට ඉඩ දෙන්න............ තමන් කැමතිනම්....... එත් බුදුදහමේ හින්සාවාදයක් නැහැ ඔය මහණ හිමිවරු කරන දේවල් වල හැටියට සිරිධම්ම හාමුදුරුවෝ මොනවද
අපේ බුද්ධ ශාසන ඇමති නිදිද ? අපේ බුද්ධාගම වනසන මෙවැනි හිමිවරු එලවන්න ඕනි.ඒ පස්සේ යන ගොන් රැලටත් ගමේ පන්සලේ බන අස්සවන්න ඕනි.ඔක්කොටම ඕනි ක්ෂණිකව නිවන් යන්න.මම දැක්ක පත්තරවල සමහරු බුදු වෙලා, සෝවාන් වෙලා නැත්නම් රහත් වෙලා.මේවා බල බල අපේ මහා නාහිමි වරු මොකද කරන්නේ.මේ තමා බුද්ධාගමේ අවසානය.
කොහෙන්ද මෙච්චර සල්ලි මෙච්චර හොද වාහන ගන්න බන කියන්න යන්න සිවුරටත් කරන අගෞරවයක් මේක .බුද්ද සාසනය රැක ගන්න නෙවෙයි මහන වෙලා තියන්නේ සැප ජීවිත ගත කරන්න .මේවගේ අය රටෙන් පන්නල දාන්න ඕන
සිරි සමන්තභද්‍ර (විද්‍යාවේදී පිටිදුවේ සිරිධම්ම) හිමියන්ගේ දහම මොකද්ද කියලවත් දන්නවද. පොඩ්ඩක් ඇහුවද එක. ඔය විකාර කරන්නැතුව පොඩ්ඩක් අහන්න ඒ බන.
මිනෝලි 2012-07-01 18:27:10 ඔන්න අපේකමයි, බෞද්ධ කමයි රකින හැටි. සිල්වත් බෞද්ධයන්යැයි කියාගන්න කහවත පොරෝගෙන ඉන්න සෑහෙන පිරිසක් හොරු. එක හාමුදුරුනමක් ඉන්නේ බෝක්කුවක් උඩ. මේවා මුළු ලෝකයම දකිනවා. ලැජ්ජයි. ;- මිනෝලි එතකොට ඔයා කියන්නේ 'සමන්තබද්ද හාමුදුරුවෝ' කියන කෙනා රටවල් වල ගිහින් පුම කියල ගහපු කහ පාට කමිස ඇදගෙන කැලැවල ඇවිදින්න ගිය එකයි, රෙස්ට්ටුරන්ට් වල හැදී ගරුප්පු වලින් කෑම කාපු එකයි, තමන් එක්ක කැලැවල ඇවිදපු පිරිමි ළමයට තමන්ගේ සිවුර ගලවල අන්දවලා ෆොටෝ ගහපු එකයි හරි, අර හාමුදුරුවෝ බෝක්කුවක් උඩට නැගලා ඒ පෝස්ටර් පෙන්නපු එක වැරදියි කියලාද?
පිටිදූවෙ සිරිධම්ම හිමිගේ දේශනාව අහලා ඉන්පස්සේ ඔබලේ අදහස් කියන්න http://www.lankatv.info/molaya-ha-hadawatha16022012/pitiduwe-siridhamma-thero-video_2c60b67b4.html
වසන්ත මහත්තයො,ඔබතුමා කියන කතා වල හෑටියට සොම හාමුදුරුවොත් බණ කිව්ව හාමුදුරු කෙනෙක් නෙමෙයිද? එතකොට උන්වහන්සේට ජිවිත තර්ජන තිබ්බෙ මගොඩි වෑඩ කරපු නිසාද ? දේශපාලනයට එන්න හෑදුවෙත් අන්තිම කාලෙ.ඊට කලින් උන්වහන්සෙට ජිවිත තර්ජන තිබ්බෙ නෑද්ද? බෝධි පුජා තිබ්බ එක මගොඩි කමක්ද ?උන්වහන්සෙ බණ කිව්වෙ නෑද්ද?
ලක්විදු ඔබට ස්තුතියි. මා දියයුතු පිළිතුර ඔබ දී ඇත. බුදුන් දවස පවා තමන්ගේ ගණනට විනය කප්පාදු කරගත් භික්ෂූන් කියලා කට්ටියක් හිටියා. බුදුන්ම පැනවූ අෂ්ට ගරු ධර්ම තමන්ගේ පහසුව අනුව උල්ලංඝනය කිරීමට ඔවුන් ලෑස්ති වුනා. මෙය මහා සංගායනාවකට පවා මුල් වුනා. ඔය විදියට කඳුකර පලාත්වල වඩින්න තිබුනොත් කලිසම් අඳින්න, අලි ඉන්න පාරවල් වල වඩින්න තිබුනොත් තුවක්කුවක් අරන් යන්න එහෙමත් සාධාරණ හේතු පෙන්වන්න පුළුවන් ඇයි.. එහෙම ගිහිල්ල පොඩ්ඩක් ගත්තත් කමක් නෑ කියය්නෙ..
ආචාර්ය වසන්ත ලියනගේ 2012-07-04 10:45:35 "ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතානෙනි, මා වසන්ත ලියනගේ මිස වසන්ත ප්‍රිලයදර්ශන නොවේ. මා පරිසර ඉංජිනේරු විද්යා ව පිළිබද ආචාර්ය උපාධිධරයෙකි. කෙසේ වුවද, ඔබ විසින් මෙහි නිතර පළකරන අදහස් මා කැමැත්තෙන් කියවන අතර, එම අදහස් කෙරෙහි දක්වන විවේචනයන්ද දකිමි. කරුණු වලට ප්‍රතිචාර දැකිවීමට අමතරව පෞද්ගලික මට්ටමේ විවේචනයන්ද දකිමි. එසේ වුවත් නොසැළී සිටීමේ ගුණය අගය කරමි....." බලාගෙන ගියාම ආචාරියවරු ඔක්කොටම වයර් ෂෝර්ට් දෙන්නගෙම බාසාවත් එකයි . කතාකරන්නෙත් මාතෘකාවට අදාලනැති බහුබුත
පිස්සෙක් බන කියයි අනෙක් පිස්සෝ සුදුවතින් සැරසී පැමිණේවි .
ළමයට තමන්ගේ සිවුර ගලවල අන්දවලා ෆොටෝ ගහපු එකයි හරි, අර හාමුදුරුවෝ බෝක්කුවක් උඩට නැගලා ඒ පෝස්ටර් පෙන්නපු එක වැරදියි කියලාද-- ප්‍රසන්න ! පින්වත් ප්‍රසන්න , දෙන්නම වැරදි තමයි වරදින් වරදක් නිවැරදි නොවී !..අනික අර පොස්ටර් එකේ තිබුන නේද ධර්ම ප්‍රශ්න වලට එවෙලේම පළිතුරු දෙනවයි කියල ?..ඉතින් මේක ධර්මය පිලිඹද ප්‍රශ්නයක් නම් ඒ පැවිද්දව තර්ක විතර්ක කොරල , හොඳ බනෙනේ නරක බන පරද්දන්න තිබුනනේද , මේ විදිහට හැසිරෙන්නේ නැතිව ?
මහානායක උන්නාන්සේලා තමන්ගේ යුතුකම් දැන කටයුතු කරනවානම් මෙවැනිදේ සිදු නොවේ. නමුත් උන්වහන්සේලාට රටේ සිදුවන දේ ගැන වැටහීමක් හෝ අවබොධයක් ඇතිබව නොපෙනේ.
බුදුන්ගෙ දහම අකාලිකයි(මේ කාලයට පමණයි අතීතයට පමණයි වර්තමානයට පමණයි ලෙස කාල වශයෙන් වෙන් කළ නොහැක. සෑම කාලයකටම එක හා සමානව යෙදේ..
මෝඩ වැඩ කරන අපේ දෙපා හරකුන් තණකොළ නොකෑම තණකොළ කන සිවුපා හරකුන්ගේ වාසනාවක් බව පමණි මට කීමට ඉතුරුව ඇත්තේ
සිරිධම්ම හාමුදුරැවන්ට පමණක් කාලෝචිත දහමක් තිබෙන්න කෙසේද? බුදු දහම අකාලිකයි..
ධර්මාශෝක "පුද්ගලයාගේ තරාතීරම කොහොම උනත්,සිරිදම්ම හිමිගේ ධර්මය කාලෝ චිතයි......" බුදුන් වදාල ධර්මය කාගෙවත් වෙන්නෙ කොහොමද? ඒ ධර්මය අකාලිකයි..එබැවින් අමුතුවෙන් කාලෝචිත විය යුතු නැහැ. කෙසේ වෙතත් මෙම පුද්ගලයන් ධර්මය කාලෝචිතව විකෘති කරනබවනම් පේනවා.
පිරිසිදු බුදු බණ අහන්න කැමති අය ඉන්නවනම් මහෙමව්නා වෙබ් අඩවියට ගොඩවෙලා බලන්න. බුදු දහම වෙග් ගැඹුරැ ධර්මයක් විද්‍යාව වැනි නිතර වෙනස් වෙන දේකට සමාන කරන්න හදන ඒකමමෝඩ කමක් . ඒකවරක් ඇහුවොත් ණුවන තියේනම් අවබෝධ කරගනී...තෙරුවන් සරණයි !
ගාල්ලේ වසන්ත පින්වත තමන්ගේ ජීවතේට තර්ජනයක් තියෙන බව වැටහෙන්නේ තමන්ට විතරයි. මොකද තර්ජනය කරණ අය ඒක ප්‍රසිද්ධියේ කරන්නේ කියන්නේ නැහැ. ඔය පින්වතාගේ වැටහීමට අනුව ආරක්ෂකයෝ ඉන්න හැමෝම එතකොට මගෝඩි වැඩ කරන අයද ? ඔයා චන්දෙ දීලතියෙන්නේ එහෙම කෙනෙකුට නේද ?
අපරාදෙ මෙයාව පන්නගත්තෙ ධර්මය දේශනා කරන්න දෙන්න තිබ්බෙ... කියන්නෙ මොනවාද කියල බලන්නත් එක්ක.. ඊට පස්සෙ බුදුදහට විරැද්ධව කියනවාද කියල බලලම ක්‍රියාමාර්ගයක් ගත්තනම් තමයි හොද??
ඔයින් ගිය එති ආරක්ෂකයෝ විතරක් ගුටිකාලා , අරයටත් ගුටි වලදන්න නොවී !
හිමිවරුන්ගේ ජීවිතේ අල්ලා ගන්නෙ නැතිව, ඒ හිමිවරුන්ගෙ බණ අල්ලා ගන්න කියල බුද්ධිමත් සැබෑ බෞද්ධ අබෞද්ධ හැමෝටම මම යෝජනා කරනව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ධර්මයේම කියා ඇති පරිදි, මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි
පොළු මුගුරැ වලින් පහරදී මාර්ගථල මැනිය නොහැක. ඕනෑම අයෙක් හැකිනම් ඥාණයෙන් පහරදී පරදන්න. පිටිදූවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේගේ දේශනාව බුදුදහම විකෘති කිරීමක් නම්, නිවැරදි දේශනාව දන්නා ඕනෑම කෙනෙක් සිරිධම්ම හිමියන් සමග විවෘතව විවාද කර උන්වහන්සේගේ දේශනාව පරදන්න.
අහෝ සම්බුදු රජාණන් වහන්සේ අපමන පෙරුම්පුරා දුෂ්කරක්‍ක්‍රියා කලේ මෙවැනි බඩගෝස්තර වාදීන් වෙනුවෙන්ද ???
“සෙය්‍යථාපි භික්ඛවෙ පුරිසො අලගද්දත්‍ථිකො අගලද්දගවෙසි අගලද්දගපරියෙසනං වරමානො - සො පසෙසය්‍ය මහන්තං අලගද්දං තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්‍ය, තස්ස සෝ අගලද්දො පටිපරිවත්තිත්‍වා හත්‍වෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩසෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්‍ය මරණමත්තං වා දුක්ඛං ත‘ කිස්ස හෙතු: දුග්ගහීතත්තා භික්ඛවෙ අලගද්දස්ස එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති: සුත්තං ගෙය්‍යං ව්‍යොකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං තෙ නං ධම්මං පරියාපුණිත්‍වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්‍ථං න උපපරික්ඛන්ති. තෙසං ධම්මා පඤ්ඤාය අත්‍ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භනිසංසා වෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසාසා ච. යස්ස චත්‍ථාය ධම්මං පරියාපුණන්ති තඤ්චස්ස අත්‍ථං නානුහොන්ති. තෙසං යෙ ධම්මා දුග්ගහීතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හේතු: දුග්ගහීතත්තා භික්ඛවෙ ධම්මානං“ (මහණෙනි, සර්පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නා වූ සර්පයන් සෙවීමෙහි යෙදුණා වූ පුරුෂයෙක් යම් සේ වෙයිද, හෙතෙම මහත් සර්පයෙකු දක්නේය. ඒ සර්පයා ශරීරයෙහි හෝ නගුටෙහි හෝ අල්ලා ගන්නේය.ඒ සර්පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අන් අඟ පසඟක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙමේ ඒ හේතුකොට ගෙන මරණයට හෝ මරණය පමණවූ දුකට හෝ පැමිණෙයි. ඒ කවරහෙයින්ද යත්: මහණෙනි, සර්පයා වැරදි ලෙසින් අල්ලා ගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන ධර්ම හදාරත්. ඔහු ඒ ධර්ම ප්‍රගුණකොට ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් පරීක්ෂා නොකරත්. නුවණින් අර්ථය පරීක්ෂා නොකරන ඔවුන්ට ධර්මයෝ මැනවින් නොවැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහුද මෙසේ වාදයෙන් මිදෙමු යි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහුද ධර්මය උගනිත්. යමක් සඳහා ධර්මය උගනිත් නම් ඒ අර්ථයද නොලබත්. වරදවා ගත් ඒ ධර්මය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවරහෙයින යත්: මහණෙනි ධර්මය වරදවා උගත් බැවිනි) - මජ්ඣිම නිකාය,අලගල්ලද්දූපම සූත්‍රය මා මේ සූත්‍ර දේශනාව මෙහි දැක්වූයේ මෙහි සඳහන් ප්‍රවෘත්තියට අදාළව භික්ෂූන්වහන්සේලාගේ ගැටුම ඇතිවීමට මුල්වී ඇත්තේ බුදුදහම පිලිබඳ අර්ථ විවරණය කිරීමේ වෙනස්කම් බැවිනි.ත්‍රිපිටක ධර්මය වුවද එහිදී බුදු හිමියන් සර්පයෙකුට උපමාකර ඇත.එනම් බුදුදහම වුවද වරදවා ගැනීම නිස ඇතිවන විපත් කරදර මොනවාදැයි දක්වා ඇත.බුදුදහම හරිහැටි නොදන්නා ගිහි පිරිස පොළඹවා ගැණීම නිසා සතර අපා දුකට පත්වන භික්ෂු පිරිස පිළිබඳ එදා යුගයේ බුද්ධ දේශනාව එදාටද වඩා වර්තමාන කාලයට උචිතබව මට සිතේ.බුදුදහමේ ඇති අකාලිකබව මේ සිදුවීම හරහාද මට ප්‍රත්‍යක්ෂ විය.
පිටිදුවෙ හිමි යට අදනයක් ඈදිමෙ වෑරෑද්ද මොකක්ද? උන්වහන්සෙ නාන වෙලාවක ගත්තු ඡායාරූපයක් අපහාසයට යොදා ගෑනිමයි වෑරෑද්ද.පිටරටවල කනකොට දෙන්නෙ හෑදි ගෑරුප්පු තමයි.අතින් කාපු අය නිවන් දකිනවද?උන්වහන්සෙ වටා ඉන්න පෘතග්ජන සහයකයන්ගෙ වෑරදි වලට උන්වහන්සෙ පලිද?
ආචාර්ය වසන්ත ලියනගේ යනු ආචාර්ය වසන්ත ප්‍රියදර්ශන නම් ඒ මගේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් බව තීරණය කළහැකිය.ඒ මහතාගේ අදහසට මම 100%ක් එකඟ වෙමි.මා ලැබූ විශ්වවිද්‍යාල දෙකක උපාධි වලින් තවත් එක් විශේෂ ශාස්ත්‍රවේදී උපාධියක්ද,දර්ශනපති පශ්චාත් උපාධිය හා දර්ශන විශාරද (ආචාර්ය) උපාධි කැලණි විශ්වවිද්‍යාලයේදීය. නමුත් මම පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් හා අධ්‍යාපනය ලබා නැත්තෙමි. මමද ඒ හිමියන්ගේ විශ්වවිද්‍යාල තොරතුරු දැනගත්තේ ආචාර්ය වසන්ත මහතාගේ සඳහනෙනි.ඒ සඳහනේ පරිදි පිටිදූවේ හිමියන් ගිහිකළ සිට මේ දක්වා පැමිණ මඟ නිවැරදිය.නමුත් අතරමඟකදී උන්වහන්සේව කිසියම් කෙනෙකු විසින් වාසි ලාභ අපේක්ෂාවෙන් අතරමං කරනු ලැබ ඇති බවක් මට හැඟී යයි.උන්වහන්සේ දේශනා කරනු ලබන බෝධිසත්ව කතා හා දේශනා ක්‍රම විවිධ නිකායාන්තර බෞද්ධ සම්ප්‍රදායන් සමඟ සම්බන්ධය.මේවා යමෙකු විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා බෞද්ධ සංස්කෘතිය හෝ බෞද්ධ දර්ශනය අධ්‍යයනය කිරීමේදී ඉගෙන ගන්නා දේවල්ය.එබැවින් සාමාන්‍ය සමාජයේදී මිනිසුන්ගේ නොදැනුවත්කම නිසා මහාමේරුවක් කරගන්නා මේ දේවල් විශ්වවිද්‍යාල පසුබිමතුළ ඉතාම සුළු දේවල් වේ.විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය හිමිවරුන්ම සරසවි සිසුන්ට විවිධ බෞද්ධ සම්ප්‍රදායන්හි අන්තර්ගත විවිධ අර්ථව්‍යාඛ්‍යාන ක්‍රම පැහැදිලි කරති. සම්භාවනීය මහායානික ග්‍රන්ථ ලෙස සැලකෙන සද්ධර්මපුණ්රීක සූත්‍රය,ලංකාවතාර සූත්‍රය ආදී සූත්‍ර දේශනා සිලබස්වල උගන්වති.නමුත් ගැටළුව ඇත්තේ මේවා සාමාන්‍ය ජන සමාජයතුළ සමාජගත කිරීමට ගියකළය. මට පෙනෙන හැටියට මුන්වහන්සේ පැවිදි සමාජය විවේනය කිරීම නිසා කුපිතවූ පැවිදි සමාජය මුන්වහන්සේව බයිට් එකට ගැනීම සඳහා එතරම් දැන උගත් නොවූ සාමාන්‍ය සමාජයේ ආවේගශීලීව හැසිරෙන මෝඩ ගිහි පිරිස පොළඹමින් සිටින බවයි.අඩුම තරමින් මේ බුදුදහම බේරා ගැනීම පිටුපස එකම විශ්වවිද්‍යාල සිසුවෙකුවත්(විශ්වවිද්‍යාලයේදී උපාධියට පාලි, බෞද්ධ සංස්කෘතිය හෝ බෞද්ධ දර්ශනය ගැඹුරන් අධ්‍යයනය කළ) සිටින්නේදැයි පියවි සිහියෙන් කල්පනා කරබලන්න.මෙවැනි මැර පිරිස් සංවිධානය කරන්නෙත්,එවැනි අය මෙහෙයවන්නෙත් හොඳින් මත් පැන් පොවා බව තතු දන්නෝ හොඳින්ම දනිති.මගේ පරිශ්‍රමය කිසිදු පැත්තක් ගෙන පක්ෂපාතීවීම නොවේ.හෘදශාක්ෂියට එකඟව කරුණු දැක්වීමයි.පිටිදූවේ හිමියන්ගේ වරද තමන්ට සත්‍ය යැයි හැඟෙන දේ එකවරම සමාජගත කිරීමට ඉක්මන්වීමයි.අතිධාවනකාරීවීම හා පැවිදි සමාජය ඉවක් බවක් නොමැතිව විවේචනය නොකළ හිටියා නම් අද උන්වහන්සේහට මේ කරදරය නැතිබව සිතේ.තෙරුවන් සරණයි !!!
විද්‍යාව නිතර වෙනස් වෙනවා. බුදුදහම එදත් අදත් එකම දෙයක්.බටහිර අයට අවශ්‍ය ලංකාව ක්‍රමානුකූලව බින්දලා දාන්න.ඒක හදිස්සියෙන් නෙවේ කරන්නෙ.කට්ටිය අරගෙන වියදම් කරල නමක් හදවලා එයාල ප්‍රසිද්ද වෙන්න ඈරල තර්කානුකූල බව පේන අලුත් කියවීමක් වගෙ බුදුදහම හදලා මිනිස්සුන් අතරට ගෙනියන එක.පරිස්සමින් අධ්‍යයනය කරල මේ අය අල්ලගන්න ඕනෙ. කලබලේට ගහල බෑනල වැඩක් නෑ.
තමන්ගෙ මාර්ගපලය ප්‍රකාශ කිරිමෙ වෑරෑද්ද මොකක්ද?බුදුරදුනුත් තමන් බුදු උන බව කිව්ව.මෙතන ඉන්න සමහරු කියන හෑටියට පිටිදුවෙ හිමි සෑප විදිම වෑරදිනම් බුදුරදුන් ජේතවනාරාමය,වේලුවනාරාමය වෑනි සුපිරි ආරාම පරිහරනය කිරිමත් වෑරදිද?.ඔබලා නොදෑනුවත්ව බුදුන්ටත් අපහාස කරනව.ජිවිත තර්ජන තිබෙන විට ආරක්ශාවක් ලබා ගෑනිමෙ වෑරෑද්ද මොකක්ද?
ඔබවහන්සේලා බුදු දහම දන්නෙ නැද්ද හාමුදුරුවරුනේ ?අපි බුදු දහම කියලා දැනුවත් වෙලා තියෙන්නෙ වෙනත් ධර්මයක්ද?
ඕනෑම ආගමක් අදහන්න නිදහස තිබුන කියල අවුරුදු 2500 පැවත එන බුදු දහම එක එක අයට ඕන විදියට වෙනස් කරන්න දෙන්න කියලද කට්ටිය කියන්නේ
නියමයි....
නියමයි
http://sinhala.mahamevnawa.lk/ කට්ටියම මේ වෙබ් එක ටිකක් බලල තම තමන්ගේ මෝඩ කම හා නොදන්නා කම තේරුම් ගෙන ප්‍රතිචාර දාන්නකෝ ..සැමදෙනාටම පිරිසිදු බුද්ධ ධර්මය අවබෝධ වෙත්වා .......
නියමයි
ඔන්න අපේ ධර්මපාල තුමා කියාපු දේවල් මතක් වෙන කාලේ
මේකට වගකියන්න ඕනේ හිමිවරු ඡන්දයට දාපු පක්ෂය. ඒ අය තමයි හාමුදුරුවන්ට නිගරු කරන්නේ.
ලක්විදු, චිවරය ඇන්දෙව්වෙ කව්දෑයි කියා කිමට ඔබටත් මමටත් සාක්ශි සහිතව පෑවසිමට නොහෑකි නම් ඔබ බොරු උපකල්පන වලට එලබෙන්නේ මඩ ප්‍රචාරන කටයුතු සදහාය.
අරන්තලාවේ භික්ෂු ගාතනය කරපු අයට මේ අය පිරිත් නූල් බඳින්නේ සාසනයට තියෙන ආදරයටද?
ගමරාල ගොයියෝ හරියටම හරි මේයා භික්ෂුවක් විදිහටද ඔය කතා කරන්නෙ.. කෝ විනය.. හික්මීම..??
කෝ අපේ ආචාර්‍ය තුමා ?
ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කීමට අයිතියක් ඇත
මොහුගේ බොරැව මම සාක්කි සහිතව ඔප්පු කරන්නම්. 1. තමා අනාගාමී බව ඔහු ප්‍රසිද්ධියේ පුකාශ කළේය. 2. ඕනෑම පුද්ගලයකු අනාගාමී වීමට ප්‍රථම සෝවාන් ඵලයට පත්විය යුතුය 3. සෝවාන් ඵල ලැබූ උත්තමයෝ සක්කාය දිට්ඨිය දුරැකල උතුමෝ වෙති. 4. http://www.youtube.com/watch?v=FC_uhzzvjto' නරඹන්න 5. එහි ඇත්තේ සක්කාය දිට්ඨියයි 6. එමෙන්ම මාර්ගඵල ලැබූවකුගේ හික්මීමක්ද එහි නැත 7. ඒ අනුව මෙම පුද්ගලයා මාර්ග ඵළ ලාභියෙක්ද නැද්ද යන්න තේරැම් ගන්න..
සම්ප්‍රදාය හරියැයි සිතන තාක් අපට සත්‍ය අවබෝධ කළ නොහැකි පිටිදූවේ හිමියන්ගේ බුදුදහම සත්‍යයයි.
ශාසනය වනසන්නෝ උන්මත්තකයෝ
මේ හාමුදුරුවෝ ගැන නම් කලින් මගෙ හිතේ පැහැදීමක් තිබ්බා. ඒත් පස්සේ පස්සේ එපා වුණා. නම වෙනස් කලා. පෞද්ගලික ආරක්ශකයෝ මොකටද හාමුදුරු නමකට? අනික බලන්නකෝ වාහනේ. ඔය අන්තර්ජාලයෙන් බණ අහලා පැහැදුණු අය දැක්කේ නැද්ද අර ෆොටෝ?
ඔය සමන්තබද්ර ඉතාමත් දුස්ශිලයි. ඒක තමා තිත්ත ඇත්ත. සමහර හාමුදුරුවරුත් ඉතාමත් දුස්ශිලයි. නිකාය, පන්සල්, ප්රදේශ වලට බෙදිල බුදු දහමෙ කියන මූලික දේවල්වත් පිළි නොපදින හාමුදුරුවරු, බුවල්ලකින් ගහල එලවන්න. සමන්තබද්ර බණකට වඩිනකොට මැරකමින් එලව ගන්නව.ඔය සමන්තබද්ර හිමිගෙ ජීවිතේ අල්ලා ගන්නෙ නැතිව, ඒ හිමිගෙ බණ අහල බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් ගන්න. වාද විවාද කරන්නේ නැතිව ප්රශ්න අහන්න අවස්ථා ලබාදෙද්දිත් එසේ නොකර ප්රචණ්ඩත්වය කරා යනවා කියන්නේදුස්ශිලහොරු. බෝක්කුවක් උඩ හාමුදුරුනමගෙ සිවුර ගලවල පැත්තකින් තියල බුවල්ලකින් ගහල එලවන්න තිබුනේ....... බෞද්ධ අබෞද්ධ හැමෝටම මට කියන්න තියෙන්නෙ, ධර්මයේම කියා ඇති පරිදි, මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි මහා ආචාර්ය කුමාර
( http://www.youtube.com/watch?v=LnqcIjVeyFA ) බලන්න
ලක්විදු,ඉන්ද්‍රජිත්,ඔබලාගෙ කතා මා හට මහත් හාස්යයක් ගෙනදෙ. ඔබලා කියන්නෙ ඔබලාගෙ ගරුතර තෙරවාදි මහා සන්ගරත්නය විදෙශ ගත වන විටත් සිතල රටවල් වල ජිවත්වන විහාරාදිපතිකම් කරන ලාන්කික සන්ගරත්නයත් දෑඩි සිතල නිසා අත් දිගට දමා සිවුර ඈදිමත් මහායානකමක්ද?අදික සිතල නිසා උනුසුම් කබා ඈද සිටිම මහායානකමක්ද? හිම වෑටෙන සමයෙ එම හිමිවරු තොප්පියක් දා ගෙන සිටිමත් මහායානකමක්ද? සිරිපාදෙ නගින ලාන්කික තෙරවාදි බික්ශුන් පින්නට තොප්පියක් දාගෙන සිටිම මහායානකමක්ද? එම බික්ශුන් සිතලට උනුසුම් වන්න උපක්‍රම යොදා ගෑනිම මහායානකමක්ද? පිලිතුර-නෑත. එය එසෙ නම් පිටිදුවෙ හිමි දහඩියෙන් වන හිරිහෑරය නෑවෑත්විමට උපක්‍රමයක් සොයා ගෑනිමද මහායාන කමක් නොවෙ.ඔබලා පදනමකින් තොරව මඩ ගහන්න ගොස් ඔබලාගෙම ස්වාමින්වහන්සෙලාට අපහාස කරන හෑටි අපුරුය.මනරම්ය.
අනේ රටට ගිය කලක්
කාන්ත 2012-07-04 23:02:22 "ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියන මහතා වෙත , ඔබගේ ආචාර්ය උපාධිය (PHD) ලැබුනේ මොන විශ්ව විද්‍යාලයෙන්ද? ඔබගේ ගුරු මහාචාර්යවරයාගේ නම මොකක්ද කියා තාමත් කියන්නේ නැත්තේ ඇයි? ඔබ බොරු කාරයෙකු නොවේ නම් ඔබට මේ ප්‍රශ්න 2 කට පිළිතුරු දිය හැකි නොවේද.... ?" කාන්ත, යමක් හරිහැටි නොදැන කතා නොකරන්න. ආචාර්යතුමාට PHD එකක් ඇත.
පිටිදූවෙ හාමුදුරැවො බණ විකෘති කදරනවා කියල ඔක්කොමල කියනවානෙ.. කාටහරි කියන්න පුළුවන්ද කොයි දේශනාවෙද කොයි තැනද විකෘති කරල කිව්වෙ කියලා.. මොකද මමත් ගොඩක් හාමුදුරැවන්ගෙ බණ අහල තියෙනවා.. මේක බොරැ කරන අයට විදවන්න බැරිය කරන වැඩක්.. තමන්ට ඒ බණ තේරෙන්නෙ නැත්නම් අහන් නැතිව ඉන්න.. ලෝකෙ හිනස්සන්න එපා...
ඇයි එම හිමිනමගේ කථාව නවත්වන්නේ ඇයි එතුමාට අපහාස කරන්නේ?එම හිමිනම කියන දේ කුමක්ද කියා මොහොතකට අහන් හිටියොත් කුමක් සිදුවේද? අපි අදහන ආගම,ධර්මය ඇත්ත නම් ඇයි බය වෙන්නේ?එතුමාගෙන් ප්‍රශ්ණ කර,එයට අදාල පිළිතුර ලබාගෙන,වැරදි නම්,එය නිවැරදි කර ඔහුටත් එම යහ මග පෙන්විය යුතුයි.මම නම් කියන්නේ වර්තමානයේ ඉන්න හාමදුරැවරැ කව්රැත් හරි බුද්ධාගම දන්නේ නෑ.එම නිසා තමයි මෙයට විරැද්ධ වෙන්නේ.ඔක්කොම ආගම විකුනං කනවා විතරයි......
දෙපැත්තම වැරදියි. නිර්මල බුදු දහම ගැන දෙගොල්ලම නැවත අධ්‍යයනය කරන්න. මිනිස්සු මුලා කරන එක පවක්
දෙපැත්තම වැරදියි. නිර්මල බුදු දහම ගැන දෙගොල්ලොම නැවත අධ්‍යනය කරන්න. මිනිස්සු මුලා කරන ඒක පවක්
ලක්විදු 2012-07-03 21:38:52 ධර්මාශෝක "පුද්ගලයාගේ තරාතීරම කොහොම උනත්,සිරිදම්ම හිමිගේ ධර්මය කාලෝ චිතයි......" බුදුන් වදාල ධර්මය කාගෙවත් වෙන්නෙ කොහොමද?පිලිතුර- ලක්විදු මහතානෙනි,සෑරයුත්,මුගලන්,ආනන්ද ආදි දස දහසක් මාර්ගපලලාබි රහතන් වහන්සෙලගෙ දර්මය කාගෙද? පිලිතුර- බුදුන්වහන්සෙගෙ විශාකා,අනෙපිඩු,සුද්දොදන ආදි වු මාර්ගපලලාබින්ගෙ දර්මය කාගෙද?-බුදුන්වහන්සෙගෙ. එය එසෙනම් මාර්ගපලලාබි සමන්තබද්‍ර හිමිගෙ කාලොචිත දර්මය කාගෙද? පිලිතුර-බුදුන්වහන්සෙගෙ.
කරන්න පුලුවන් ලොකුම උදවුව නම් මානසික රෝහලකට යැවීමයි
ඉන්දික 2012-07-01 19:19:21 ".. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ධර්මයේම කියා ඇති පරිදි, මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි...." ඒ කියන්නේ ඉන්දිකටවත් පිටිදුවේ හාමුදුරුවන්ටත් නොවී කියලද ?
එම හාමුදුරුවෝ කියන දේ හරි වෙන්නත් පුලුවන්නේ.ඇයි ඔහොම එක පැත්තක් විතරක් බලන්නේ
මුන්වහන්සේගේ බණ මට දැනෙන ආකාරයට නිවැරදියි.නමුත් හැසිරෙන ආකාරය සම්පූර්ණයෙන්ම බුදු දහමට පටහැනියි
පුද්ගලයාගේ තරාතීරම කොහොම උනත්,සිරිදම්ම හිමිගේ ධර්මය කාලෝ චිතයි. ඔය කෝලහල කරන හිමිවරු හරියට දර්මය කියන්නෙත් නැහැ දන්නෙත් නැහැ. ගොනා පිදුරු කන්නෙත් නැහැ කනගොනාට දෙන්නෙත් නැහැ. හරියට සීලය රකින අයවගේ ඉන්නේ. දර්මය රකින්නා රන්ඩුකරන්නෙ නැහැ.අසරන මිනිස්සු කුලප්පු කරන්නේ නැහැ. කරුනාකරල දේශපාලනය කරනා මන්තිරී හමුදුරු තුමන්ලා හා අනෙකුත් උතුමන්ලාගේ වැරදි හදා රට ගොඩනගන්න.දූෂනය වන්චාව වෙනුවෙන් හඩක් නගන්න. අසරන උගත් දර්මය හරිහැටි දන්නා හිමිනමක් වෙනුවෙන් කුහකවෙන්න එපා.තන්හාවෙන්න එපා. බොරු බොඩ් හදල ,බොරු ඇදුම් අන්ඳවලා (කොම්පියුටර් තාක්‍ෂනය මගින්) අපාගත වෙන්න එපා. බුදුන්ගේ ධර්මය යනු සත්තය ජයගනුයන්නයි. බුද්දිමත්ව හිතන්න, ධර්මාශෝක උනත්, දනපාල උනත්, වෛරසේන, උනත් කමක් නැහැ. අවශය ස්‍රී සද්දර්මයයි
මේකට මුස්ලිම් රටවල් හරි කැමතිවේවි.
සහෝදර කොයි ආගම් වුණත් කමක් නෑ.මොන ආගමේ වුණත් ප්‍රශ්න එන එක නරකයි
වසන්ත ඔයා මේ හාමුදුරුවන්ගේ බණ අහල තියෙනවද ? මොනවද ඒ බණ වල තියෙන වැරදි ???
දැන් ලෝකය දියුණු වෙලා... අප ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ වගේ දැන් අපේ ස්වාමීන් වහන්සේලාට ජීවත් වෙන්න බෑ...අද කාලේ ජීවත් වෙන්න සල්ලි ඕන..නමුත්! එහෙමයි කියල මේ වගේ බුදු දහම විකුණන් කන්න දෙන්න බෑ.කවුරු මොනව කිවුවත්.ඔහොම බලන කොට අපිටත් පුලුවන් නොවැ අලුත් බණක් රැප් කරල එලියට දාන්න. ඒත් අදටත් බුදු දහම පැවතිල තියෙන්නෙ අපේ විනයගරුක සත්‍යවාදී ස්වාමීන් වහන්සේලාට පිං සිද්ධ වෙන්න...මමත් මේ අලුත් බණක් දැක්ක..හරිම පිළිකුල්..කොහෙම උනත් මේ අය නිර්මල බුදු දහම අපවිත්‍ර කරන දේවදත්තයන්.. මිනිසුනේ ඔහුට සමාව දෙන්න...අසරණයෙක්.. දෙව්රම් වෙහෙරෙ බුදුන් වැඩ සිටින කාලයෙත් මේ වගේ අය සිටිය කියල ඔබලාට මතක නැද්ද? බුදුන් වහන්සෙ වැඩ සිටින කාලයෙත් එහෙම නම් දැන් මොන කතාද?? නිර්මල බුදු දහම විනාශ කරන්න කාටවත් බෑ.. ඒක විශ්ව සත්‍යයක්.. තෙරුවන් සරණයි!!!
මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි. සිවුරු දාගෙන දැන් කරන්නේ ජරා වැඩ වීදුරු ගෙවල් වල ඉදලා ගල්ගහන අයට පන්සිල් පද පහවත් රකින්න පුළුවන් ද ? මහනායක හිමිවරැණි... දේශපාලනයට පිවිසි සංඝයා... යන්තර මන්තර වැඩ කරන සංඝයා... මූල්යු වංචා සිදුකරන භික්ෂුන්... කාන්තාවන් හා වැරදි ඇසුරැ ඇති භික්ෂුන්... භික්ෂුත්වයෙන් නෙරපන්න... මනසට නෙමෙයි බුද්ධියට ඉඩ දෙන්න............
සමන්තභද්‍ර අනුගාමිකයො මහමෙවුනා අනුගාමිකයො තම තමන්ගේ උන්නන්සෙලා නිවැරදියි කියල තරගෙට ප්‍රතිචාර දාලනෙ. බුදුන් වැඩ සිටි කාලෙත් අංගුලිමාලටත් ගිහිපැවදි අනුගාමිකයො හිටියනෙ.
මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි. .. මනසට නෙමෙයි බුද්ධියට ඉඩ දෙන්න............
වීදුරු ගෙවල් වල ඉදලා ගල්ගහන අයට පන්සිල් පද පහවත් රකින්න පුළුවන් ද ?
රමසිමහතානෙනි,පිටිදුවෙ හිමි අනාගාමි බව පවසනවා මටනම් ඈසි නෑත.සොවන්පලයෙන් ඉහල තත්වයකට ගිය කෙනෙක් අමුතුවෙන් සොවාන් උන බව කිම අනවශ්යයි.එය හරියට විශ්වවිද්යාලයෙ ඉන්න ලමයෙක් අනුන්ට මම අට පාස් යෑයි කියනවාක් මෙන්ය.ඔබ උදාහරන ගෙන ඈති විඩියොව 100%ක් නිවෑරදිය.එයට අනුව උන්වහන්සෙ සතුව සක්කායදිට්ටිය නෑති බව මට තවදුරටත් ඔප්පුවිය.උන්වහන්සෙට උපරිමයෙන්ම අපහාස කිරිමට ඔබ සෑමට ශක්තිය ලෑබෙවා... මාර්ගපලලාබින් අනුන්ගෙ දුක නිවිම උදෙසා ඔනම උපක්‍රමයක් යොදයි.මුගලන් මහරහතන් වහන්සෙත් එලෙසමය.
මාර පාක්ෂික බල වේග තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. පරම සත්‍යයේ පණිවිඩය අහන්න සමහරුන්ට පින නෑ.බුදුන්ගේ කලෙත් මේ වගේ බමුණෝ හිටපු එකේ සිරිධම්ම හිමියන් ට මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙන එක අහන්න දෙයක්යැ. බුදුන්ගේ පරම සත්‍යයේ පණිවිඩය පහර දීල වලක්වන්න බෑ. එය ඉදිරියට යනවාමයි.සිරිධම්ම හිමියන්ට බුද්ධ ශාසනය බේරාගැනීමට ශක්තිය ලැබේවා
අවවාදයට වඩා ආදර්ශය උතුම්.
ලක්විදු, ලංකාවෙ බුදුදහම පෘතක්ජනයන්ගේ ග්‍රහනයට හසු වූ පසුව සමස්තයටම වෑරදුනු නිවන්මාර්ගය පාදාදිමට උත්සහකරන උත්තමයෙකුට අපහාස කරන තවත් එක් අසරනයෙකි ඔබ.
සෝම හාමුදුරුවන් වටාත් ආරක්ශකයො හිටියනම් මෙතන ඉන්න මෝඩ බෞද්ධයො ඒකටත් බනිවි.ඈයි මෙච්චර මෝඩ කතා කියන්නෙ? යමක් කමක් තෙරුම්ගන්න බෑරි අයට පිටිදුවෙ හිමි පවසන සෑබෑ බුදුදහම විහිලුවක්.තේරුම් ගත හෑකි අයට එය මෑනිකකටත් වඩා වටින දෙයක්. ඒකට උන්වහන්සෙ පලිද? බුදුදහමෙ බොහො ස්ථානවල අර්තයන් ලංකාවෙ රහතුන් නෑති උන කුරුනෑගල යුගයෙ සිට පෘතග්ජන ගිහි පෑවිදින් නිසා විකෘති වි හමාරය. ඒවා නිවෑරදි කිරිමේ උඩුගංයාමයක්ය මේ. .
අසපු හදන්න දෙන එක නැවැත්තුවොත් මේ දේවල් නවතීවි.
අටුවා ටීකා ඕනෑ නෑ. මෙයාගේ හැටි හරියටම බලාගත්ත හැකි බෙල්ලන්තර කිට්ටුවෙන් ගෙයක් අරගෙන පදිංචියට ආවනම්.
හීන් නූලෙන් තමයි ගේම දෙන්න ඕනි.එතකොට නම කැත වෙන්නේ නෑ
සිරි සමන්තභද්‍ර හිමියන් හරි වෙන්න පුළුවන් නේද .අපි දෙපැත්තම සොයා බැලිය යුතුයි. අපෙත් වැරදි තියෙන්න පුළුවන් නේද ???
මේ පිල් බෙදීම සහ එකිනෙකා ඇණ කොටා ගැනීම හිමිවරු දෙපාර්ශවයක් අතර නේද?මෙය දෙවන ලෝක යුද්ධය නෙවෙයි නේද?ඇයි මේ විදිහට එකම බුදුදහමේ විවිධ නිකායාන්තර ධර්ම විග්‍රහයන්වලදී මේ ආකාරයට ත්‍රස්තවාදී මැරයින් විදිහට මිනිස්සු හැසිරෙන්නේ.මේ කියන දේ වැරදියට තේරුම් අරගන්න එපා.මම කිසිම කෙනෙකුගේ පැත්තක් අරගෙන නෙවෙයි මෙහෙම කියන්නේ.ඇයි අපි සේරම බෞද්ධයෝ නේද අපි මෙහෙම පිල් බෙදිලා ඇණ කොටා ගන්න ගිහාම කාටද වාසි අන්‍යාගම්කාර පිරිසටයි.ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් වගේ අපි ඇණකොටා ගන්නකොට එකේ වාසිය එන්ජීඕ කාරයෝයි අබෞද්ධයින්ටයි තමයි.ඒ නිසා අපි සමඟි සම්පන්නව මේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කර ගනිමු.සියළු දෙනාටම තෙරුවන් සරණයි !!!
බුදුන් වැඩිය දේශෙට වෙච්ච දේ
ආන්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. ධර්ම සංඝායනාවක් තියල ඔය වැරදියි කියන හමුරුවරුත් සමග හරි කියන හාමුදුරුවරුත් එකට තියල ධර්මය පිලිබදව සාකච්චාවක් කරන්න. ප්‍රඥාවන්ත මිනිස්සු නිවැරදි සංඝයා තෝරා ගනීවි. මට නිවැරදි බුද්ධ දේශනාව අවබෝධ වුනේ පිටිදූවෙ සිරි සමන්තබද්‍ර හිමියන්ගේ සහ කිරිබත්ගොඩ ඥානාන්ද හිමියන්ගේ ධර්මදේශනාවලට සවන්දීලයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ප.ලි:බුදුන්ටත් ඔවැනිම බාධා තිබුන බව මිනිස්සුන්ට අමතකයි. ධර්මද දානයට බාධා කරනවා කියන්නෙ ගෙවලා ඉවරකරගන්න බැරි පවක්.සෝම හාමුදුරුවනව මරා දැම්මා අරියධම්ම හිමියන්ට වහදුන්නා.ඒවාගේ නිවැරදිව බුදුදහම දේශනාකකරන සංඝයාව විනාශකරල දාපුවහම බුද්ධ සාසනේ ඉවරයි.ඔය පහරදීමට පැමිනි අයගේ මුහුනුවලින්ම පේනව එයාල කවුද කියල.
අද කාලේ සිල්වත් භික්ෂූන් වහන්සේලා ඉන්නේ කීයෙන් කී දෙනාද ? ප්‍රසිද්ධ හාමුදුරුවරු සියලු දෙනා බණකට වඩින්නේ ලොකු ලොකු වාහන වලින්. හැම දෙයකටම පිළිතුරක් තියෙනවා. විසදන්න විදියක් තියෙනවා.
සෝම හාමුදුරුවෝ නැති එක තමයි මේ සේරටම මුල.......
ධර්ම සංගායනාවක් පැවැත්වීමට මේ කාලයයි
මේ සියලු දේවල් සිදුවෙද්දී රටේ පිළිගත් මහනායක හිමිවරු නිහඬ වීම අපට අදහාගත නොහැක.
පිටිදුවෙ හිමි පවසන දහම අලුත් දෙයක් නොව කාලයෙ වෑලිතලාවට යට උන රහතුන් නෑති උන දිනයෙ සිට විකෘති වි ගිය බුදුදහම නෑවත ඉදිරිපත් කිරිමකි.ලොකයෙ ඈත්තෙ පරම සත්‍යයයන් 1ක් පමනි. පිටිදුවෙ හිමි බුදුදහම විද්‍යාවට සමාන කර නොමෑත.උන්වහන්සෙ දෑන් විද්‍යාවත් ප්‍රතික්ශේප කරයි. උඩුගංබලා යන්නාට කවදත් බාධා හිරිහෑර වෑඩිය.ඔබලා අදහන වෑරදි බුදුදහම ලංකාව දුප්පත් කර ඈත.
නිස් "හීන් නූලෙන් තමයි ගේම දෙන්න ඕනි.එතකොට නම කැත වෙන්නේ නෑ" ඔබ වෑනි පාපතරයන්ගෙ ඔය හින් නුල නිසා සොම හාමුදුරුවන්,අරියදම්ම හිමි වෑනි හිමිවරු විනාශ විය.ඉතින් රටට හරියයිද???
බුදුනේ..........ජේසුනේ....ඔබ එදා නොවේ අද දවසෙයි ඉන්නට තිබුනේ....
මහනායක හිමිවරැණි... දේශපාලනයට පිවිසි සංඝයා... යන්තර මන්තර වැඩ කරන සංඝයා... මූල්යි වංචා සිදුකරන භික්ෂුන්... කාන්තාවන් හා වැරදි ඇසුරැ ඇති භික්ෂුන්... භික්ෂුත්වයෙන් නෙරපන්න.......
ජයකොඩි 2012-07-05 09:28:15 "ලක්විදු, චිවරය ඇන්දෙව්වෙ කව්දෑයි කියා කිමට ඔබටත් මමටත් සාක්ශි සහිතව පෑවසිමට නොහෑකි නම් ඔබ බොරු උපකල්පන වලට එලබෙන්නේ මඩ ප්‍රචාරන කටයුතු සදහාය..." ජයකොඩි මහතාණෙනි, සමස්තයක් වශයෙන් ගත්කළ සමස්තයට පටහැනි වූ දෙයක් සාධාරණීකරණය කිරීමට නිරර්ථක උත්සාහයක නිරත වී ඉන්නේ ඔබය
මෙයාට ජීප්, ආරක්ෂකයන් දෙන්නේ කවුද කියලා අපි දන්නවා. එයත් හොර තක්කඩියෙක් නේ.
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. ඒත් ශ්‍රේෂ්ඨ බුදු දහමට නිගා කරන්න කාටවත් බැහැ. නායක හිමිවරු දැන් ක්‍රියාකාරී විය යුතුයි. මේ වගේ සිදුවීම් කීයක් පහුගිය සතියේ වුනාද ? මේවා වෙනකම් මහනායක හිමිවරු මොනවද කරන්නේ. පත්තරවලට ප්‍රකාශ කළාට බුදුදහම රැකෙන්නේ නැහැ. බුදුන්ගේ නාමයෙන් මේවාට මැදහත් වෙලා අපේ ආගම මේ හොරුන්ගෙන් බේරාගන්න.
පින්වත් සමන්තබද්‍ර, මේ අක්ඥාන මිනිසුන්ට නිවැරදි බුද්ධ දේශණාව තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා තැන් තැන්වල ධර්මදේශනා වලට යන්න එපා.අවශ්‍ය අය ඔබ සොයාගෙන එනවා. බුදුන්ගේ කාළයවගේ නෙමෙයි දැන්.සමාධිගතවෙලා සිංහලයාගේ මනස විමසන්න.මා දන්නා තරමට ලෝකයේ විනාශවෙන මිණිස් වර්ගවලින් හයවෙනි තැන ඉන්නෙ සිංහළයා. ඒ ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා!
පන්සිල් පද පහවත් රකින්න පුළුවන් ද ? බැරිනම් භික්ෂුත්වයෙන් නෙරපන්න..
ජයකොඩි 2012-07-04 14:23:00 "ලක්වි දුමහතානෙනි, තමන්ගේ චීවරව වෙන කෙනෙක්ට ඈන්දුවෙ පිටිදුවෙ හිමිම බව කියන්න ඔබට දිවෑස් ලෑබුනෙ කෙසෙද ???????" ජයකොඩි මහතාණෙනි, එසේ නොවන බව පවසන්නේ, ඔබ එම කොලුවාද?
දැන් පේනවා නේද එල්ලෙන්න වැල් නැතුව අසරණ වෙලා ඉන්නේ කුවද කියලා
නීතියක් නැතිකළ ! මිනිසුන් හෝ නීතිය ක්‍රියාත්මක කල යුතුවේ , ඔබට යෝධ බල යෝධ වීර්ය ලැබේවා! අපිත් ඔබ සමගය් !
අවවාදයට වඩා ආදර්ශය උතුම්.ආර්ය පුද්ගලයෙකුගේ වචනයට ගැළපෙන ක්‍රියාත්, ක්‍රියාවට ගැළපෙන වචනත් තිබිය යුතුයි
දැන් පේනවනේ එල්ලෙන්න වැල් නැතුව කවුද අසරණ වෙලා තියෙන්නේ කියලා....
කවුරු උනත් පන්සිල් පද පහවත් රකින්න බැරිනම් භික්ෂුත්වයෙන් නෙරපන්න ඕන..
ජයකොඩි අපටත් දැනගන්න කියනවද සමන්තබද්‍ර පිරිමි ළමයෙකුට ඩෙනිමට උඩින් සිවුර අන්දවලා පොටෝ ගත්තෙත්, ටී ෂර්ට් ඇඳන් සරම ඇඳන් භාවනා කරන්නෙත් නාන වේලාවේද කියලා? ඔයා කැමති නම් මේ පිස්සව නෙවෙයි සාතන්ව වුනත් අදහන්න . අපට කමක් නැහැ. එත් රේරුකානේ හාමුදුරුවෝ, බඹරැන්දේ සීවලී හාමුදුරුවෝ, වජිරාරමේ නාරද හාමුදුරුවෝ වගේ උතුමන් ලියපු පොත් කියවලා බලන්න ඔයා ධර්මය අල්ලාගෙන ඉන්නේ හරි තැනින්ද කියලා. බණේ තියෙන හැටියට වැරදි තැනින් අල්ලාගත් ධර්මය වුනත් වැරදි තැනින් අල්ලාගත් සර්පයා වගේ භයානකයි. ඔබට යහපතක්ම වේවා.! ආචාර්ය වසන්ත ලියනගේ කියන දේවල් අනුමත කරමි. ධර්ම සංගායනාවක් වහවහාම පැවැත්වීමට රජය මැදිහත් විය යුතුයි. මෙවැනි බෞද්ධ පසුබිමක් හා බලයක් ඇති රජයකට තමා මෙහි මූලාරම්භය සැපයිය හැක්කේ. ගමේ අයට හිතෙන හැටිය නීතියක් වීම ගැන නම් ජයකොඩි වගේම අපිත් කැමති නැහැ.
සුජී මම ඔයා එක්ක 100% එකඟයි...
(http://www.youtube.com/watch?v=FC_uhzzvjto) බලන්න.
වැදි බණ නම් අපිට එපා එපාමයි.
ජයකොඩි 2012-07-06 11:41:55 "තමුන්ගෙ නම කෙනෙක් වෙනස් කර ගෑනිම අපරාදයකෑයි සිතන,..." එය අපරාධයක් නොව සක්කාය දිට්ඨියයි.. එයාවත් නොදැනද අරයව සුද්ද කරන්න ආවෙ..??
මහනායක හිමිවරැණි... පන්සිල් පද පහවත් රකින්න බැරි කොයි කෙනා උනත් භික්ෂුත්වයෙන් නෙරපන්න..
ජයකොඩි 2012-07-06 10:21:55 "ලක්විදු, ලංකාවෙ බුදුදහම පෘතක්ජනයන්ගේ ග්‍රහනයට හසු වූ පසුව සමස්තයටම වෑරදුනු නිවන්මාර්ගය පාදාදිමට උත්සහකරන උත්තමයෙකුට අපහාස කරන තවත් එක් අසරනයෙකි ඔබ." මගේ තර්ක එකකට වත් සාධාරණ පිළිතුරු දීමට ඔබට නොහැකි විය.අඩුම තරමින් සක්ඛාය දිට්ඨිය යනු කුමක්දැයි කියාවත් ඔබ නොදනී. අසරණ වී ඇත්තේ කවුදැයි සැමට තේරී ඇත.
ඉන්දික ,ඔබ හරි
ජයකොඩි 2012-07-06 10:21:55 "ලක්විදු, ලංකාවෙ බුදුදහම පෘතක්ජනයන්ගේ ග්‍රහනයට හසු වූ පසුව සමස්තයටම වෑරදුනු නිවන්මාර්ගය...." ශාසන ඉතිහාසයේ පළමු වරට හරි වුණේ එතකොට තමන්ගේ නමත් වෙනස් කරගත්ත කෙනෙක් කියන දේද?
සුජී මමත් ඔයා සමඟ 100% එකඟ වෙනවා..
මේ ඡායාරූප වල ඉන්න කවුරුත් මාර්ග ඵල ලාභීන් වත්, වෙනත් ඵලයකට පැමිණි අය වත් නෙමෙයි.ඒ නිසා මේ සිද්ධිය ගැන ඕනවට වැඩිය කම්පා වෙන්න අවශ්‍ය නෑ
මහායාන NGO බන.අනේ කාලේ වනේ වාසේ කිව්වලු.තව ටික දවසකින් සිවුරත් ගලෝල ලෝගුවකට බැහැල කියාවි,ඉස්සර පිටිදූව දැන් සමන්ත බද්‍ර වෙච්චි හැටියටම,ඉස්සර සමන්ත බද්‍ර දැන් 'සර්වබලධාරී දේව බද්‍ර' වුණා කියල!
අනේ රටට ගිය කලක්...
බුදුදහම ගැඹුරින් හදාරාන්න පෙර පන්සිල් පද පහ රකින්න
ඔබලා සිතන ආකාරයට මාර්ගපලලාභින් නොහෑසිරේ.මාර්ගපලලාභින්ට සිතන ආකාරයට මාර්ගපලලාභින් හෑසිරේ
බුදු දහමේ හරය වෙනස් කරන්න එපා ..
යන වාහනේ හැටි දැක්කම දෙසන බණ ගැන හිතාගත හැකි.
නිවන් දකින්න කලින් පන්සිල් සුරකින සමාජයක් බිහිකරමු...
"ඔබලාගෙ කතා මා හට මහත් හාස්යයක් ගෙනදෙ.අනාගාමි සම්ප්‍රදායෙන් මිදෙන්න" ---මහාචාර්ය කුමාර-. මාර්ගපලලාබින් අනුන්ගෙ දුක නිවිම උදෙසා ඔනම උපක්‍රමයක් යොදයි.????? බික්ශුන් සිතලට උනුසුම් වන්න උපක්‍රම යොදා ගෑනිම මහායානකමක්ද..??? ධර්මය දේශනා කරන්න දෙන්න තිබ්බෙ... කියන්නෙ මොනවාද කියල බලන්න.. අනාගාමි සම්ප්‍රදායෙන් මිදෙන්න ඕනේ. බුදු දහම කාලික/කාලෝචිත දහමක්. අනාගාමිදිට්ටිය නෑති බව මට තවදුරටත් ඔප්පුවිය.-මහාචාර්ය කුමාර-.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා හට ආචාර්ය උපාධියක් ඇතිබව මට දැන ගැනීමට ලැබුණා. අන්තර්ජාලයේ එතුමාගේ ආචාර්ය උපාධි සහතිකය අප්ලෝඩ් කරලා තිබිලා මම දැක්කා. එතුමා විශ්වවිද්‍යාල කීපයකින්ම උසස් අධ්‍යාපන පාඨමාළා හා උපාධි ලබා ඇතිබවත් එම සහතිකත් මට දැක ගැනීමට ලැබුණා.මා නොදැන එතුමාට අපහාස කළාට මට සමාවෙන්න.
අවසානයක පෙර නිමිති
ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ මහතා හට ආචාර්ය උපාධියක් ඇතිබව මටත් දැක ගැනීමට ලැබුණා. ඒ ආචාර්ය උපාධි සහතිකය එතුමා අන්තර්ජාලයට මුදා හැරලා තිබුනා. මම ඒක දැක්කා. මගේ අතින් සිදුවූ වරදට මට සමාවෙන්න.
ඉතා අවාසනාවන්ත සිදුවීමක්.මේ හාමුදුරුවෝ කියන බණ ඇත්ත.මමත් තේරුම් අරන් තියෙන්නේ
ඉන්ද්‍රජිත්, මම ඔයා එක්ක 100% එකඟයි...
සත්‍යය ධර්මය තෝරගන්න බැරි, සාම්ප්‍රදායට කොටුවෙලා ඉන්න මෝඩ මිනිස්සු.
මේ ලෝකේ ඉන්න තරමක් පිරිමි ජාතියම මට නම් හොඳටම අරහං. හපෝ කියන තරමක් බොරු බේගල්. කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නකම් විතරක් ඔක්කොම බොරු පූචානම් ටික දානවා.ඊට පස්සේ කොහේද දන්නේ නැහැ.
රේරුකානේ හාමුදුරුවෝ, බඹරැන්දේ සීවලී හාමුදුරුවෝ, වජිරාරමේ නාරද හාමුදුරුවෝ වගේ උතුමන් ලියපු පොත් කියවලා බලන්න එ පිළිබදව තොරතුරැ පළකරන්න....ලංකාදිපයට ස්තුතියි
මෙතුමා සත්‍ය බුදු දහම දේශනා කරන යතිවරයෙක්.එතුමාට හිරිහැර කරන එක පවු.
ළමයට තමන්ගේ සිවුර ගලවල අන්දවලා ෆොටෝ ගහපු එකයි හරි, අර හාමුදුරුවෝ බෝක්කුවක් උඩට නැගලා ඒ පෝස්ටර් පෙන්නපු එක වැරදියි කියලාද කියන්නේ? ඔය හැම දෙයක්ම අමතක කරන්න...වාහනේ, ආරක්ෂකයෝ....ධර්මය ඇත්ත නේද.....ඉතින් ඇයි මේ කලබල ....
බුද්ධාගම රැකෙන්නෙ කොළඹ ඉන්න ප්‍රසිද්ධ හිමිවරුන්ගෙන් නෙවෙයි. ඈත ගම්වල දුක් විදිමින් වැඩ හිදින අපේ ගෞරවනීය හිමිවරු නිසයි..
දුලිනා හරි, හැමෝම හිතන්නේ තමන් දන්න දේ හරි කියලා
ලක්විදු,මාගෙ එකදු තර්කයකටවත් සාර්තකව පිලිතුරු නොදුන් ,තමුන්ගෙ නම කෙනෙක් වෙනස් කර ගෑනිම අපරාදයකෑයි සිතන,සිරිපාදෙ නගිනවිට පින්නට දෑමු හිස් ආවරනය නිසා හිමිනමක් මහායානික වන බව පෑවසු සාම්ප්‍රදායික හනමිටි අදහස් දරන මොඩ කතා කියන ඔබවෑනි අය සෑමදා අසරනයන්මය.
ගැටුම් ඇති කර ගැනීමෙන් අපි තවත් පහළට යනවා නේද?
ලක්විදු මහතානෙනි,ඔබටද මටද චිවරය ඈන්දෙව්වෙ කව්ද කියා ඔප්පු කිරිමට නොහෑකිනම් ඔබ තවත් මෙ පිලිබද ප්‍රශ්න කිරිමෙන් පලක් නෑත.බොරු උපකල්පන සිතා ඔබ උන්වහන්සෙට කරන්නෙ අපහාසයක්ම පමනි.
බුදු හිමියනේ ඔබ වහන්සේ පහළ විය යුතු කාලයයි මේ...
ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. ඒත් ශ්‍රේෂ්ඨ බුදු දහමට නිගා කරන්න කාටවත් බැහැ. නායක හිමිවරු දැන් ක්‍රියාකාරී විය යුතුයි. මේවගේ සිදුවීම් කීයක් පහුගිය සතියේ වුනාද ? මේවා වෙනකම් මහනායක හිමිවරු මොනවද කරන්නේ. පත්තරවලට ප්‍රකාශ කළාට බුදුදහම රැකෙන්නේ නැහැ. බුදුන්ගේ නාමයෙන් මේවාට මැදහත් වෙලා අපේ ආගම මේ හොරුන්ගෙන් බේරාගන්න.
තවත් කෙනෙක් ද ?
බුද්ධ ශාසනය කියන්නේ භෞතික දෙයක් නොව අධ්‍යාත්මික දෙයකි. අද ගොඩක් දෙනා එය නොදනී. ඒ මිනිස්සුන්ගේ පවුකාර කමටයි. ඒ මිනිස්සුන්ගේ ජීවිත අවිද්‍යාෙවන් පිරී ඇත. සංසාරය බොහෝ දුරයි. මම සෑම දෙනාගෙන්ම ඉල්ලනවා සැබෑ ධර්මය සොයාගෙන සංසාරයෙන් එගොඩවෙන්න කියා. පිටිදූවෙ සිරිධම්ම හිමිගේ දේශනාව අනුව මම මගේ සිත පුරුදු කරලා බුදුන් දැක්කා.
අනේ මන්දා මෙහෙම ගියොත් අපේ බෞද්ධ රට වෙනකාටහරි අයිතිවෙන එක වැඩි කාලයක් යන්ට පෙර සිදුවේවි. බුද්ධාගම විහිළුවක් කියා නොහිතන්න ගිහි පැවිදි දෙගොල්ලන්ම තේරුම් ගන්න ඕනේ.
ඉන්ද්‍රජිත් මහතානෙනි,ටි ෂර්ට් අදින්න කියා ත්‍රිපිටකයෙ නෑත.සත්‍යයකි.මන්ද එකල ටි ෂර්ට් නොතිබිනි.එසේනම් මෙයට පිලිතුරක් දෙන්න.විනය පිටකයෙ කොතනද තියෙන්නෙ හාමුදුරුවරු පිටරටවල් වලට යනවිට සිතල වෑඩිනම් අත් දිගට මසා යන්න කියා.කොතනද තියෙන්නෙ ජෙර්සි එකක් අදින්න කියා.කොතනද තියෙන්නෙ සිතල වෑඩි වන විට සපත්තු දමන්න කියා.කොතනද තියෙන්නෙ සිතල වෑඩි වන විට තොප්පියක් පලදින්න කියා.ඔබ රට ගිය හාමුදුරුවරු දෑක නෑත්තම් සිරිපාද කන්ද මුදුනෙ ඉන්න හාමුදුරුවරුවත් මතක්කර ගන්න. මේ මෝඩ ප්‍රශ්න ටික ඔබෙන් අසන්නෙ ඔබ මගෙන් මෝඩ ප්‍රශ්නයක් ඈසු බෑවිනි.මෙ හිමි ටි-ෂර්ට් එකක් යටට අදින්නෙ දහඩිය උරා ගෑනිම සදහාය.එය උන්වහන්සෙට අපහසුවකි.එපමනකි.කොටින්ම එය යට අදනයකි.ත්‍රිපිටකයෙ කියා ඈත්තෙ අදනයක් අදින්න කියාය.එය මොන ආකාරායෙන් උනත් කම් නෑත.
අද මේ වගේ කී දෙනෙක් ඉන්නවද ? අපි ගිහිමිනිස්සු. අද බොහෝ රූපවාහිනී නාලිකාවල බණවලට ප්‍රසිද්ද අපේ හුමුදුරුවන්ගේ සැබෑ ත්ත්වය මිනිස්සු දන්නවද ? උන්වහන්සේලා බණකට ගෙන්වන්න විශාල වියදමක් දරන්න වෙනවා. බණ කියන ශභ්ද වාහිනී යන්ත්‍ර පවා ගන්න වෙන්නේ එයාලගෙන්. තව ඉල්ලන බොහෝ දේ තියෙනවා. මේක ව්‍යාපාරයක්. ඒත් බුද්ධාගම රකින්නේ මේ ගොල්ලෝ නෙවෙයි. ඈත ගම්වල දුෂ්කර දිවි පෙවතක් ගතකරන ගෞරවනීය හිමිවරු. උන්වහන්සේලා දානයකට බණකට වඩින්නේ පයින්. වාහනයක යන්නේ දායකයකුගෙන් ලැබුණොත් විතිරයි. ඒත් ඔය ප්‍රසිද්ධ හාමුදරුවරු ඒක කරනවද ? බුද්ධාගම රැකෙන්නෙ කොළඹ ඉන්න ප්‍රසිද්ධ හිමිවරුන්ගෙන් නෙවෙයි. ඈත ගම්වල දුක් විදිමින් වැඩ හිදින අපේ ගෞරවනීය හිමිවරු නිසයි.
බුද්ධාගම හිනස්සවන ආගමක් වෙන්න හදන්නේ...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු
කෝ මේ ආචාර්ය තුමා ,මෙතුමාගේ උපාධියත් බුදුදහමට සම්බන්දයි නේද? දාන්නකෝ බලන්න කට්ටිය කොරවෙන කොමෙන්ට් එකක්.....
මම නම් කියන්නේ සම්ප්‍රදායෙන් මිදෙන්න ඕනේ. බහුතරය වැරදියි. සුළුතරය හරි.
අසංවර දුස්ශීල චීවර ධාරීන් සියල්ලම පන්න දමා සිල්වත් සඟරුවන විහාරස්ථාන වලට වැඩවවීමට කාලය පැමිණ ඇත.
ධර්ම සංඝායනාවක් අපේ රටට දැන් දැන් අත්‍යාවශ්‍ය බවයි මටනම් හැගෙන්නේ.
බුදුරජාණන් දේශනා කළේ දර්ශනයක් මිස ආගමක් නොවේ. උන්වහන්සේ බුද්ධාගම යනුවෙන් දහමක් ලොවට ඉදිරිපත්කළේ නැත. එබැවින් උන්වහන්සේගේ සැබෑ දර්ශනය කුමක්දැයි ජනතාවට පැහැදිලි කිරීම භික්සූන්ගේ වගකීමක් නිසා එයට බාධා පමුණුවීම සුදුසු නැහැ. එසේ බාධා කරනවානම් එයින් පෙනීයන්නේ යම්කිසි බුදුන්ගේ දේශනා සගවා තැබීමට මෙයට විරුද්ධවන අය උත්සාහ ගන්නා බව නොවේද?
ඇයි දෙයියෝ ආරක්ෂකයන්ට ගැහුවේ. බණ කියන්නේ එයාල නෙවෙයිනේ.
මොනව කියන්නද කියලා තේරෙන් නෑ...අයියෝ මගේ ඔලුව.......
බොරු බණ කියන කෙනත් ගුටි කන්න ඕනේ.
මෙම දේශනාව බුදු දහමට විරුද්ද නෑ.මාර්ගපල ලබා ඇති බව අපි නොදනිමු. ඒ අපි එසේ නොමෑති නිසා. කරුනා කර හදවතට අවංක වන්න.පහත සහදන් ලින්ක් එකෙ ඈති දෙශනයක් අවසන් වනතුරු අසන්න. ඇත්තෙන්ම ඔබ අවසන් වනතුරු ඇසුවානම් හද වතට එකඟව නෑවත අදහසක් පල කරන්න.http://www.ashramaya.org/index.php
මේ පුද්ගලයින්ට බටහිර රටවල් විසින් බුදු දහම විනාශ කිරීම වෙනුවෙන් මුදල් ගෙවලාද දන්නේ නෑ
ඉන්ද්‍රජිත්මහතානනි,මාර්ග ඵලලාභීන්ට පෘතග්ජන ඔබ පිස්සෙකි.ඔබට ඔවුන් පිස්සන්ය.බුදුදහම නමෑති සර්පයා වෑරදි තෑනින් අල්ලා සිටින්නෙ මා නොව ඔබ වෑනි ලංකාවේ බහුතර බෞද්දයන්ය. ඕක හරි තැනින් ඈල්ලුවානම් අද ලංකාව අනුරපුර,පොලොන්නරු යුග මෙන් සුරපුරයක් වන්නට තිබිනි.අද ලන්කාව අපරාදවලින් තොර දුස්සිල මහනුන් නෑති හොදින් දියුනු උන රටක් ලෙසත් මාර්ග ඵලලාභීන්ගෙන් පිරිගිය රටක් ලෙසත් පවතිනවානම් මා මාගෙ වරද පිලිගනිමි.එහෙත් සමස්ත බුද්ද සාසනයමත් රටත් විනාශවි ගොස් ය.රටෙ භෞතික මෙන්ම අද්යාත්මික සංවර්දනය යන දෙකම පහල මට්ටමක පවති.ඔබලා ඔය නාගයාව අල්ලා ඈත්තෙ වලිගයෙනි.හිසින් නොවෙ.එයට සාක්ශි පුවත්පතක් අරගෙන බෑලුවිට මනාව පෑහෑදිලි වේ.නිවන් මාර්ගය අසා දෑන ගත යුත්තෙ එහි ගමන්කල අයගෙන් මිස පෘතග්ජනයන්ගෙන් නොවේ.කෑලයක අතරමන් වු විට ඔබ පාර අසන්න කෑමති වන්නේ කෑලෙ ජිවත්වන වෑද්දාගෙන් නේද?
අනේ අපේ හාමුදුරැවරු දැන් බුදු බණටත් ගහ ගන්නවා. අපේ බුදු හාමුරුවන්ටත් කරන නිගාවක් නේද මේ............
ඉන්ද්‍රජිත්, භික්ෂූන් දෙශගුනය අනුව යම් යම් දේ වෙනස් කර ගෑනිම සාමාන්‍ය සිද්දියකි. දාරුචිය මහ රහතන් වහන්සෙ ඈද ගෙන සිටියෙ දරය.බොරුනම් ත්‍රිපිටකය බලන්න.දෑන් ඔබ උන්වහන්සේටත් චෝදනා කිරිමට සුදානම්ද? මේ හිමි දේශනා කරන්නෙ මාර්ගපල ලාභියෙකුට අවබෝධ වු ලංකාවෙ මාර්ගපලලාභින් නෑතිව ගිය පසු කාලයෙ වෑලි තලාවට යට උන පරම සත්‍යයයි. ශ්‍රී සද්දර්මයයි.නිර්වානයට යාමට පහසු වන්නේ එවිට පමනි. රම්සි මහත්මයා,ඔබට මාලුවෙකු ඩෑහෑ ගෑනිමට මාන බලන බකතපස් කොකාද හොද? නෑත්තම් තෑන තෑන සංවරයකින් තොරව ඈවිදින හාවාද හොද? මාර්ගපලාලාබින්ට හික්මිමක් නෑත.බොරුනම් මුගලන් රහතන් වහන්සේගෙ චරිතය අධ්‍යයනය කරන්න. ඔබලා සෑම විශාල මුලාවකට හසුව ඈත.ඔබලා සිතන ආකාරයට මාර්ගපලලාභින් නොහෑසිරේ. කොක්කුන් ඔබලාව සියවස් 5 කටත් අදික කාලයක් තිස්සෙ රවටා ඈත.
ගුටිකන්න තමයි මේ වගේ අයට රාජ්‍ය නොවන සංවිධාන වලින් ඩොලර් ගණන් පඩි ගෙවන්නේ.
මම බෞද්ධයෙක්. කොතරම් කාර්ය බහුල වුනත් හැකි අවස්ථාවල බණ අහනවා. මා බණ ඇසීමේදී දේශකයානන් කවරෙක්ද යන්න පිළිබදව එතරම් සැළැකිළිමත් වන්නේ නෑ. ඉදිරිපත් කරණ කරුණු ගැන පමණයි මා සිතන්නේ. පිටිදූවේ සිරිධම්ම හිමියන් මෙතරම් ජනප්‍රිය ධර්ම දේශකයානන් කෙනෙක් වීමට පෙරත් මා දැන සිටියා උන්වහන්සේ විද්‍යාවේදී උපාධිය ලබාගත් අවධියේ සිට. උන්වහන්සේ පැවිදිවුනේ විශ්ව විද්‍යාලයේ අවසන් කාලයේදී. ස්වාමීන් වහන්සේ නමක් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබද උපාධියක් ලබාගත්තේ ගිහිකළ පීඨයට ඇතුළත්වූ නිසයි. ඕනෑම දෙයක් දෙස තර්කානුකූලව බැලීමට පෙළඹීම උපාධිධරයෙකුගෙන් බලාපොරොත්තු වියයුතු දෙයකි. උන්වහන්සේ සැබැවින්ම විද්‍යාත්මක දර්ශනයක් වූ බුදුදහම ගැඹුරින් හදාරා එහි හරය වටහාගත් අයෙකු බව මා සිතමි. උන්වහන්සේගේ පුද්ගලික චරිතය හෝ උන්වහන්සේගේ වත්මන් දේශනාව කුමක්දැයි මා දන්නේ නැත. එහෙත් පිරිසිදු බුදුදහම පිළිබදව විවිධ මතවාද පැනනගින්නට ඉඩදී නිහඩව නොසිට නිර්මල බුදුදහම තෝරාබේරාගැනීමට ධර්ම සංගායනාවක් පැවැත්වීමට මේ කාලයයි අතිගරු මහානායක හිමියනේ. අප බුද්ධ සාසනයේ සිටින ධර්මධර විනයධර උගත් හිමිවරුන් එක්තැනවී මෙම සංගායනාව සිදුකරන්නේනම් බුද්ධ ශාසනයේ චිරස්ථිතියට එය ඉවහල්වනු ඇත. පිටිදූවේ හිමියන්ටද එම සංගායනාවේදී තමන් වහන්සේ අවබෝධ කරගත් යම් කරුණු ඉදිරිපත් කළ හැකිවනු ඇත. හුදු විරෝධතා දැක්වීම හෝ පෙළපාලි යාම හෝ වෙනත් පහරදීම් බලය පෙන්වීම මිස නිවැරදි කරුණු තහවුරු කිරීමක් නොවේ. එය බෞද්ධ සම්ප්‍රධායද නොවන බව මගේ මතයයි.
ඉන්ද්‍රජිත්,පිටිදුවෙ හිමි කිසිම තෑනක ඔබ කියන විදිහට භාවනා කරනවා ඉහත පින්තුර වලින් පෙන්නෙ නෑ.නෑති දේවල් කියන්න එපා.අනික කොහොම භාවනා කලත් ජනතාවට මොකද?ඉස්සර කාලෙ රහතන් වහන්සේලා නිරුවතිනුත් නාල තියනව.දෑන් ඔබ ඔවුන්ටත් ඈගිල්ල දික්කරනවද? සිවුරක් ඈදගත්ත තරුණ ලමයෙක් නම් ඉන්නව.ඔවු. තරුන කමට ඔය දායකයන් කරන වෑඩ.ඒකනම් වෑරෑද්දක් තමයි.ඕක ඔච්චරම ගනන් ගන්න ඕනද? වෑඩේ වෙලා තියෙන්නෙ උන්වහන්සෙට විරුද්දව. උන්වහන්සෙගෙ පන්සල වටලලත් සොයාගන්න ලෑබුනෙ ඔච්චරයි. ඒ නිසා ඔබලා ඔය පුංචි දෙය මහා අවියක් කියලා පෙන්නමින් මිනිසුන්ව රවට්ටනව.වෙන පන්සල් පරීක්ෂා කලොත් මිනිසුන්ට කියන්නත් බෑරි දේවල් තමයි හම්බවෙන්නෙ.එහෙම බෑලුවම මේ හිමි කොච්චර පිරිසිදුද?ඔය ටි ශර්ට් එක උන්වහන්සෙ අදින යට අදනය.ඕක කොයි වෙලෙත් ඇදල තමයි ඉන්නෙ.දෑනුත් ඈදල ඇති.ඉතින් ඒකෙ වෑරෑද්දකුත් නෑ.කරපු පවකුත් නෑ.
කොහොම හරි කරලා ලංකාවේ තේරවාදය විනාශ කරලා යුරෝපයට මාරු වෙන්න ඕනේ.
මේ කරුණු කාරනා වලට අනුව ඉතාම පැහැදිලිවෙන දෙය තමයි ඕනෙම කෙනෙකුට බුදුන්ගේ ධර්මය හදාරා කරුණු දැනගෙන උගත් කම අනුව එය හොදින් පහදා දීමට හැකිවෙන්න පුළුවනි. සඟ රුවනක් උනාම මේක තවත් හොඳට කරන්නත් පුළුවනි. උන්වහන්සේ සත්‍ය ධර්මය දේශනා කරනවා වෙන්න පුළුවනි. ඒක කරන්න සෝවාන් සකෘදාගාමී වෙන්නම ඕන නැහැ. කිසිම සීලයක් නැති ගිහියෙකුට උනත් බුද්ධිය උගත්කම අනුව බුදුදහම සත්‍ය කරුණු කීම කලහැකි වෙන්න පුළුවනි. මෙතන තිබෙන ප්‍රශ්නය උන්වහන්සේගේ දහම් කරුණු විග්‍රහය නොව ක්‍රියා කලාපයයි. හැසිරීමයි. උඩඟු කමයි. තමා සියල්ල දත් ලෙස සිතීමයි. ඒ මදිවට සෝවාන් අනාගාමී අදහස් ප්‍රකාශ කිරීමයි. අපට පෙනෙන විදියට නම් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව යමින් පාරමිතා පුරන හෝ ධර්මය අනුව බවුන් වැඩීමක් තුලින් ලත් ශික්ෂණයක් හෝ හික්මීමක් උන්වහන්සේගේ කතා තුලින් දැකිය නොහැක. අප පෘතග්ජන බැවින් අප මාර්ග ඵල ලබා නොමැති නිසා අපට පෙනෙන විදියද කියා මම නොදනිමි. මේ සියලු දේවල් සිදුවෙද්දී රටේ පිළිගත් මහනායක හිමිවරු නිහඬ වීම අපට අදහාගත නොහැක. "මැටි පිඩක ගල් කුලක බණ පොතක නිහඬවී නොහිඳ යලි කියා දුන මැනවි බුදු ස්වාමිනේ "
ආචාර්ය වසන්ත ලියනගේ මහත්මාණනි, ඔබතුමා හඳුනාගැනීමට ලැබීම මට මහත් සතුටක් හා ගෞරවයක්. දිගටම මේ වෙබ් එකට කමෙන්ට් පළ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උගතුන් හා විද්වතුන් සිය අදහස් ප්‍රකාශ නොකරන විට එතැන ගන්නේ නූගතුන් හා මෝඝ පුරුෂයින්ය. දෙවියන් පය තැබීමට ඇලි මැලි කරන තැන මෝඩයින් කරණම් ගසන බව ඔබතුමා අසා ඇතැයි සිතමි. ජීවිත ගමනේ අනන්තවූ දුක්ගැහැට, කරදර විඳ දරා එයින්ම ඇති තරමට පදම්වී සිටින මාහට නෙළුම් කොළවලින් පහරදීම එයින් පවන් සැලීමකට සමාන ආශ්වාදයක් විනා කිසිදු වේදනාවක් ඇති නොකරයි.මරණය අබියස පවා නොසැලී සිටි මාහට මේවාත් මහ කජ්ජක්ද?හුඟක් අය වීරයෝ වෙන්නේ දුරකථන,වෙබ් අඩවි,අන්තර්ජාල වැනි කෙනෙකු මුහුණට මුහුණ හමුවිය නොහැකි ස්ථානවලදී බව මා හොඳින් දනිමි.එත් සැබෑ ජීවිතයේදීත්, දැනට දශක දෙකකට පමණ පෙර එක් කලකදී වෘත්තිය පසුබිමතුළදීත් බලය,නිලය, නීතිය ආරක්ෂා කිරීම රාජකාරිය වූ මාගේ නියම ස්වභාවය නොදැන ඒ අය වැනිම සිවිල් නරියෙකු යැයි සිතා කරන දේ පිළිබඳ අනුකම්පාවකට වඩා දෙයක් මා සිතේ නැත. කෙසේ වුවද ඔබතුමා දැන හඳුනාගැනීම පිලිබඳව බෙහෙවින් සතුටට පත්වෙමි. මා උගතුන්ගේ විද්වතුන්ගේ ඇසුර බෙහෙවින් ප්‍රියකරන අතර එවන් අයට විශේෂයෙන්ම ගෞරව කරමි.ඔබට තෙරුවන් සරණයි !!!
නියමයි. ජනතා අධිකරණයේදී මෙයාලව එල්ලන්න ඕනෑ.
සත්‍යය ධර්මය තෝරගන්න බැරි, සාම්ප්‍රදායට කොටුවෙලා ඉන්න මෝඩ මිනිස්සු.
සාලිය, ඔයාගෙ කථාව ගෞතම බුදුන් ලොව පහල වෙන්න කලින් කිව්වනම් ඇත්ත වෙන්න තිබුනා, මොකද ඒ වෙනකොට සත්‍ය සොයාගෙන තිබුනෙ නෑනේ. බුදුන් වහන්සේලොවට සත්‍ය පහදල දීල ඉවරයි ඒ නිර්මල බුදුදහම ලොවෙන් තුරන් වෙලා නැති නිසා අපිට අලුතින් සත්‍ය සොයන්න දෙයක් නෑ.තියෙන්නෙ ඒ ධර්මය ඒ අයුරින් පිළිපදින්න විතරයි ඔයා සම්ප්‍රදායට පිටුපාල නිර්මල බුදු දහම විකෘති කරලද සත්‍ය හොයන හදන්නේ ඔයාට සත්‍ය අවබෝධ වේවා..
රම්සි වෙත, උන්වහන්සෙගෙ ධර්මය බුදුන් දේශනා කල ධර්මයයි.සමන්තභද්‍ර බන ඈනහිටිම යනු බුදුන් දේශනා කල ධර්මය ඈනහිටිමයි.උන්වහන්සෙ මාර්ගඵලලාභී බව පවසා ඈත .පවසා නෑත්තෙ අනාගාමි උන බව පමනකි.ඔබට එහෙම කතාවක් කව්ද කිව්වෙ?මා දන්න පරිදි උන්වහන්සෙ පවසන්නෙ තමන් සකුර්දාගාමි උන බව පමනි.අනෙක් අතට ත්‍රිපිටකය තුලින් මාර්ගපලලාබින්ගෙ හෑසිරිම් විලාසයත් සිතුම් පෑතුම් යනාදියත් අදුනා ගත හෑකි ස්ථාන ඈත.එවාත් මුල් බුදුසමය තුල සිටි බොහො මාර්ගපලලාබින්ගෙ ජිවිත කතා අධ්‍යයනය කරන විටත් එවා සමග පිටිදුවෙ හිමිගෙ අදහස් සහ හෑසිරිමත් බොහො සමානය.එසේ නෑතුව හාමුදුරුකෙනෙක් පසුපස යාමට මට රුදාවක් නෑත.තවමත් මා උන්වහන්සෙ මේ කරන්නෙ බොරුවක් දෑයි විමසිල්ලෙන් සිටිමි. මටනම් අද වනතුරු මේ හිමි බොරුකාරයෙක් බවට සාක්ශි ලෑබි නොමෑත.බොරුකාරයෙක්ටවත් මාර්ගපලලාබියෙක් ලෙස දිගු කලක් හෑසිරිම අපහසුයි.කොහෙන් හෝ වෑරෑද්දක් හමු විය යුතුය.
හැම දෙනාම කියන දේ වලට මුලින් හොදින් ඇහුම්කන් දීලා පස්සේ තීරණය කරන්න කවුද හරි කවුද වැරදි කියලා
බුද්ධාගමට මොකද වෙන්න යන්නේ?
අපේ හාමුදුරුවනේ ලෝකෙට ලංකාවන් තියෙන්නේ එකයි. පිරිසිදු තේරවාදය රකින ඔබ වහන්සේලාට මුලු තුන් සිංහලයම ණයගැතියි. ජාති ජාතිත් ඔබවහන්සේලා මේ පින් බිමේම ඉපදේවා.........!!!!!!!!!!!!
හාමුදුරුවන් මොකද බෝඩිගර්ඩ්ලා එක්ක එන්නේ . කාට ගහන්නන්ද කවුරු මෙල්ල කරන්නද ???. තමන් කරන වැඩේ වැරදි කියල දන්නා නිසානේ ආරක්සාවටත් එක්ක බෝඩිගර්ඩ්ලා එක්ක එන්නේ. හරි හාමුදුරුවෝ නමක් නම් පෝස්ටර් ගහලාද බණ කියන්නේ !!!!!! බෝඩිගර්ඩ්ලා එක්කද බණට එන්නේ !!!!!. එහෙම ද බුදුන් වහන්සේත් සැබෑම දෙසනාව කරලත් තියෙන්නේ ???????
නෑවත ඉපදිපමක් ඈතෑයි,අත්මවාදය (නිගන්ට නාඨපුත්තගේ ධර්මය) සත්‍ය යෑයි කියන කිසිවෙක් බුද්ධියේ ධර්මය යන්තමින්වත් අවබොධ කර නොගත්තෙක්.දෑන් බුද්ධගම් අය කියක් ඉන්නවද?
ඇයි මේ මේ ප්‍රශ්න මෙහෙම විසදගන්න එක හොඳද ?
ලක්වි දුමහතානෙනි, තමන්ගේ චීවරව වෙන කෙනෙක්ට ඈන්දුවෙ පිටිදුවෙ හිමිම බව කියන්න ඔබට දිවෑස් ලෑබුනෙ කෙසෙද ???????
ඉවසන්න! විවිධ මතිමතාන්තර සොයා බලන්න. බුදු දහම ඔබට දැනෙයි හැඟෙයි. බුදු දහම බබලයි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියන මහතා වෙත , ඔබගේ ආචාර්ය උපාධිය (PHD) ලැබුනේ මොන විශ්ව විද්‍යාලයෙන්ද? ඔබගේ ගුරු මහාචාර්යවරයාගේ නම මොකක්ද කියා තාමත් කියන්නේ නැත්තේ ඇයි? ඔබ බොරු කාරයෙකු නොවේ නම් ඔබට මේ ප්‍රශ්න 2 කට පිළිතුරු දිය හැකි නොවේද ?
දැන් අධෝ වාතයක් ගියත් ඒකටත් එන්.ජී.ඕ. තමයි පළි. නිකං අනුන්ට වැරදි කියන්නේ නැතුව අපේ වැරදි අපිම හදා ගන්නවනම් නේද වඩා හොද?
මේ කවුරු කවුරුත් හදන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න.අපේ ගිහියෝ මේවට අහු වෙන එක නරකයි
නෑවත ඉපදිපමක් ඈතෑයි,අත්මවාදය (නිගන්ට නාඨපුත්තගේ ධර්මය) සත්‍ය යෑයි කියන කිසිවෙක් බුද්ධියේ ධර්මය යන්තමින්වත් අවබෝධ කර නොගත්තෙක්.
ඵල තියෙන ගහටනේ ගල් ගහන්නේ, මේ වෙන්නේ ඒකයි
අනේ මෙහෙමත් හාමුදුරුවෝ...........
"පින්නට දෑමු හිස් ආවරනය නිසා හිමිනමක් මහායානික වන බව පෑවසු ...." පින්වත් ජයකොඩි, එසේ කීවේ කවුද? මෙම මුසාවාද කිමට ඔබට කීවේ මෙම හාමුදුරුවෝමද?
එතකොට මිහිදු මා හිමි දේශනා කලේ ඩුප්ලිකේට් එකක් ද ?
මිනෝලි ඔයගොල්ලො බෝක්කුව උඩ නගින්නේ රස්තියාදු කාර කමට වුනාට මේ හාමුදුරුවන් ඒක උඩ ඉන්නේ අල්ලන් ඉන්න පොස්ටර් ඒක හැමෝටම පේන්නෙ උඩ තැනකට යන්න ඕන නිසා. ඒක මොළේ තියෙන ඕනෑම කෙනකුට පේනවා .
ඔන්න අපේකමයි, බෞද්ධ කමයි රකින හැටි. සිල්වත් බෞද්ධයන්යැයි කියාගන්න කහවත පොරෝගෙන ඉන්න සෑහෙන පිරිසක් හොරු. එක හාමුදුරුනමක් ඉන්නේ බෝක්කුවක් උඩ. මේවා මුළු ලෝකයම දකිනවා. ලැජ්ජයි.
අලුත් ජීප් එකත් කුඩු කළාවත් ද ? කොහෙන් ද ඔච්චර සල්ලි. ?
සිවුර ගලවල පැත්තකින් තියල බුවල්ලකින් ගහල එලවන්න තිබුනේ.......
මම මේ ස්වාමීන් වහන්සේගෙ බණ අහල තියනව video වලින්. කීපදෙනෙක්ගෙන් මේ හාමුදුරුවො ගැන අහපුවම කියපු දේවල් සහ බණට කියන දේවල් වල ලොකු වෙනසක් තියනව. මටනම් පෙනෙන ව්දිහට මේ හාමුදුරුවො කියන බණ ඉතාමත් ප්‍රායොගික සහ පිලිගත හැකි නිර්මල බුදුදහම වගෙයි. අපේ රටේ විතරක් නොවෙයි ලෝකෙ කොහෙත් වැඩි පිරිසක් ඕනම දහමක් අන්ධානුකරණය කරන එකයි කරන්නෙ. මේ හාමුදුරුවො එලවගත්ත අයගෙන් මුස්ලිම් ආගම ගැන ඇහුවොත් මොනව කියයිද. තමන් විශ්වාස කරගෙන ඉන්න දේම හරි කියල හිතන ඉතාමත් නූගත් ජනසමාජයක් අපේ රටේ වගෙම මුලු ලෝකෙම ඉන්නව. විශේෂයෙන්ම ග්‍රාමීය මෙන්ම නාගරික නූගත් ජන කොටස් වල බුද්ධි මට්ටම අඩු අය පිරිසක් එක් උනාම, හරි දෙය වැරදි දෙය තේරුම් ගන්නෙ නැතිව විශාල හානි ගෙනෙනව සමාජයට. බුදු දහම රැකගන්න හාමුදුරුවරු පෙළ ගැසෙන එකට අපි නමස්කාර පූර්වකව ගෞරව කලත්, සෑම හාමුදුරු නමක්ම බුද්ධිමත් ලෙස කටයුතු කරනව කියල පිලිගන්න බැහැ. සිවුරක් පොරවගෙන අපි අතර ගැවසුනත්, සමහර හාමුදුරුවරු ඉතාමත් දුස්ශිලයි. ඒක තමා තිත්ත ඇත්ත. නිකාය, පන්සල්, ප්රදේශ වලට බෙදිල බුදු දහමෙ කියන මූලික දේවල්වත් පිළි නොපදින මේ හාමුදුරුවරු, වෙනත් හාමුදුරු කෙනෙක් බණකට වඩිනකොට මැරකමින් එලව ගන්නව. ඔය සමන්තබද්ර හිමිගෙ ජීවිතේ අල්ලා ගන්නෙ නැතිව, ඒ හිමිගෙ බණ අල්ලා ගන්න කියල බුද්ධිමත් සැබෑ බෞද්ධ අබෞද්ධ හැමෝටම මම යෝජනා කරනව. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, ධර්මයේම කියා ඇති පරිදි, මේ දහම බුද්ධිමතුන්ම සදහා පමණයි.
ලංකාවට මොකක් ද වෙලා තියෙන්නේ. කෝලම් මඩුවක් වගෙයි. අනිත් ආගම් වල මිනිස්සු හිනාවෙනවා ඇති සිවුරු දාගෙන දැන් කරන්නේ ජරා වැඩ නීතියක් නැති නිසා තමයි මේවා වෙන්නේ.
බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් අපට නෑ. එනිසා කවුද හරි කියන්න අපි දන්නේ නෑ. මේ පිළිබඳව ගරු නායක ස්වාමීන් වහන්සේලාගේ අවධානය යොමු වේවා. ධර්ම සංඝායනාවක් වත්වන්නේ නම් ඉතා මැනවි.
මේවා බුදුදහමට කැප දේවල් නෙමෙයි, එක එක කාලෙට බුදුදහමට විනකරන අය මතුවෙනවා,, එත් ඒ හැම දෙයක්ම ටික කලයි, ඔයාලට මතක ඇතිනේ, දොළුකන්ද, නිකවැරටිය ගැන එහෙමත්...
හොදවැඩේ...........
අනේ අපේ හාමුදුරුවනේ, මොනවද මේ වෙලා තියෙන්නේ?
අනේ අපේ මාදුලුවාවේ සෝභිත හිමියනේ....මොකද මේ වෙන්න යන්නේ ?
ජයකොඩි මහතාණන් නැවතත් තම මාර්ග ඵල ලාභී උතුමා සුද්ද කරන්න උත්සාහ දරා ඇත. මොන වැරැද්ද කලත් ඒකට ඔබට කිතුලට නැගී මිනිසාට මෙන් යම් පිළිතුරක් දෙන්න පුළුවන් එත් බුදුන් වදාළ විනයේ කොතනද තියෙන්නේ අට පිරිකරට අයත් තුන් සිවුරු හැර ටීෂර්ට් අඳින්න කියලා? බුදු දහම සම්පූර්ණ මදි කියලා සමන්තබද්‍රට හිතෙනවානම්, සිදුහත් තවුසා තම ගුරුවරුන් අතහැර වෙනම ගමනක් ගියා සේ වෙනම අනන්‍යතාවකින් තමාගේ අලුතින් නිපදවූ දෘෂ්ටිවාදය දෙසමින් එය දියුණු කරගෙන හිටියාට මට නම් ප්‍රශ්නයක් නැහැ. එත් බුදුන්ටත් අමතක වී ගිය කොටස් තමා විසින් සොයාගත්තාක් මෙන් වපුරන මහායාන අදහස් බුදුබණ ලෙස අන්ධ භක්තිකයින්ට අලෙවි කිරීම තමා දිරවන්නේ නැත්තේ. කාලෙකට පසු ආචාර්ය සුජිත්ගේ හරවත් අදහස් ටිකක් කියෙව්වා. ඔබේ දෙවැනි කමෙන්ටුව හිස් මුදුනින් අගයමි .
අපේ මිනිස්සු හරිම මෝඩයි..මෝඩකමට බෙහෙත් නෑනේ..
ලක්විදු,ඔබවෑනි මෝඩ කතා කියන්නන්ට අනුකම්පා කරනවා ඈරෙන්න වෙන මොනා කරන්නද? නමුත් එකක් මතක තබා ගන්න.පරම සත්‍ය කවදා හෝ ජයගන්නවාමයි. ඔබලා පොලු මුගුරු ගෙන මෑරයින් යොදවමින් පිටිදුවෙ හිමිට මොන සෙල්ලම් දෑම්මත් එය යටපත් කල නොහෑක.
එඩිතර බුද්ධිමත් පිරිසක්..... නිවන් දකින්න ඕනනම් කෝටි 35 ක අසපුවට යන්න පුළුවන්.
මුන් දන්න බුදු බණ, බුදු හාමුදුරුව ආවත් මුන් ගහලා එලවනවා.දැන්වත් නිඝන්ටයන්ට කඩේ යන්නේ නැතුව කියවන්න පොත්, බලන්න සත්‍ය දහම තියෙනවද පොත් වල කියලා. නිර්මල බුදු දහම ආරක්ෂා කරනව කියන්නේ, පන්සල් වල දේව රූප හදලා බෝදි පූජා තියන්න මිනිස්සුන්ට කියලා උන්ට ඕන මගඩි වැඩ ටික කරගන්න එක. ගෞතම බුදුන් කවද්ද පින් අනුමොදන් කර කර බෝදී පූජා තිබ්බේ? දෙයියන්ට පිං දුන්නේ? මේකද නිර්මල බුදු දහම?
මෙයා හරි අමුතුයි, හරිම පරස්පරයි, හරිම අමුතුයි, අනික් පැත්තට හිතන්නකො පොඩ්ඩක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. මන්කියන දේ තෙරුනාද නැද්ද? කියන්නකො ඔහෙලා. මේක ඇත්ත කතාවක්. මේ කියන ඒවා තේරෙනවද? තේරුනානම් අත උස්සන්න. දැන් තේරෙනවාද අවබෝධ කරපු අය හරි අමුතුයි. දැන් 24 වැනිදාට එන්නකො මගේ උපන් දින කේක් ගෙඩිය කාලා මට හැපි බර්ත්ඩේ සින්ග් කරන්න. දැන් ඕගොල්ලෝ මේවා අහලා රහත්වෙලා වැරදි වැඩ එහෙම කරන්නේ නෑ ඔන්න.
ඔය දේ නිසා කවුරුවත් පව් පුරව ගන්න එපා..බුදුන් දවසත් මේ වගේ අය හිටියා......
මගේ වැඩ තමා
වාද විවාද කරන්නේ නැතිව ප්රශ්න අහන්න අවස්ථා ලබාදෙද්දිත් එසේ නොකර ප්රචණ්ඩත්වය කරා යනවා කියන්නේ තමන්ගේ ධර්මය කෙරෙහි තමන්ටම ස්ථාවරයක් නැති බව ඔප්පු කිරීමකි.
ඕ. බණට එන්නේ ආරක්ෂකයන් සමගද ? කහ සිවුර පොරවගෙන ඇයි ආරක්ෂකයන් සමග ඉන්නේ. අපි මේ වගේ අවදානයෙන් ඉන්න මිනිසුන්ට ස්තූති කරනවා.
මුදල්වලින් ඔබට නිවන් ලබා ගත හැකිද?
ජයකොඩි මහතාණෙනි, සක්ඛාය දිට්ඨිය යනු කුමක්දැයි කියා නොදන්නා ඔබගෙන් මීට වඩා නුවණක්කාර අදහස් බලාපොරොත්තු විය නොහැක
බුදු හාමුදුරුවන්ටත් ආරක්ෂක භටයෝ හිටයද ? මෙයාගේ බණයි සිරිවර්ධනගේ බණයි දෙකම එක ද ?
Menna parasparaya........ ජයකොඩි 2012-07-03 23:01:28 "රමසි මහතානෙනි,පිටිදුවෙ හිමි අනාගාමි බව පවසනවා මටනම් ඈසි නෑත...." ජයකොඩි 2012-07-03 23:01:51 .......එය එසෙනම් මාර්ගපලලාබි සමන්තබද්‍ර හිමිගෙ කාලොචිත දර්මය කාගෙද? ..... සමන්තබද්‍ර හිමි මාර්ගඵලලාභී බව පවසා නැත්නම් ඔහු මාර්ගඵලලාභී බව ඔබ දෙවනුව සදහන් කරන්නේ කෙසේද? ඔබ එය දැනගත්තේ කෙසේද?
හොද වැඩේ. රටෙන්ම එලවන්න ඕනේ.
ජයකොඩි 2012-07-03 22:11:25 ලක්විදු,ඉන්ද්‍රජිත්,ඔබලාගෙ කතා මා හට මහත් හාස්යයක් ගෙනදෙ. ඔබලා කියන්නෙ ඔබලාගෙ ගරුතර තෙරවාදි මහා සන්ගරත්නය විදෙශ ගත වන විටත් සිතල රටවල් වල ජිවත්වන විහාරාදිපතිකම් කරන ලාන්කික සන්ගරත්නයත් දෑඩි සිතල නිසා අත් දිගට දමා සිවුර ඈදිමත් මහායානකමක්ද?අදික සිතල නිසා උනුසුම් කබා ඈද සිටිම මහායානකමක්ද? හිම වෑටෙන සමයෙ එම හිමිවරු තොප්පියක් දා ගෙන සිටිමත් මහායානකමක්ද? සිරිපාදෙ නගින ලාන්කික තෙරවාදි බික්ශුන් පින්නට තොප්පියක් දාගෙන සිටිම මහායානකමක්ද? එම බික්ශුන් සිතලට උනුසුම් වන්න උපක්‍රම යොදා ගෑනිම මහායානකමක්ද?.... එතකොට තමන්ගේ චීවරව වෙන කෙනෙක්ට අන්දවන එක හරිද? දැන් කියන්න එපා ඒ වගේ ඒවා ටෙලිනාට්‍ය වලත් කරනවා කියලා.මොකද ඒවා කරන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු. හාමුදුරුවරු නෙමෙයි
වසන්තගාල්ල, මහත්තයො,ඔබට සින්හල තෙරෙනවයි කියා සිතනව.පිටිදුවෙ හිමි ආරක්ෂකයො අරන් එන්නෙ තමුන්ට ජිවිත තර්ජන තියන නිසා.තමුන්ගෙ ආරක්ශාවට.කාටවත් ගහන්න නෙමෙයි. මේ සම්බන්ද දර්ශන තියනව. ඒවායෙ හොදින් බලන්න සුදු ඇදගත්ත ආරක්ශකයින් කිසිවෙකුට හිංසා කරනවාද කියා
අනේ මෙහෙම ලංකාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් මේවා කාටත් හොඳා, කවුරුත් කරනා දෙයක් නිසා
ගිහි පිරිස් කොහොමද ස්වාමීන්වහන්සේ නමකගේ සීලය ගැන දන්නේ.ඔවුන් හිතන්නේ එය උසාවියේ සම්මත නීතියක් වැනි දෙයක් කියලා.නමුත් භික්ෂුන්වහන්සේ නමක ආරක්ෂා කරන උපසම්පදාශීලය ගණනින් මැනිය නොහැකි, ගුණාත්මක වටිනාකමක් ඇති දෙයක්.“කෝටියක්“ සංවර ශීලය නමින් හැඳින්වෙන්නේ එහි ශික්ෂාපද හරිහටම කෝටියක් ඇති නිසා නොව එය සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි යන අධ්‍යාහාරය ඇඟවීම සඳහා භාවිතා වන්නක්.මේ කෝටි යන වචනය පුරාණයේදී භාවිතා වී ඇත්තේ සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි එහෙත් ගුණාත්මක දේවල් දැක්වීම සඳහායි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් අධි ශිල, අධි චිත්ත හා අධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවම සම්පූර්ණ කළහැක්කේ භික්ෂූන්වහන්සේ නමකට පමණයි. ගිහි ජීවිතයේ වෙන කිසිදු ලෞකික අරමුණකට කැප නොකර සිය ජීවිතය සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනා(මාර්ගඵල භාවනාව) වඩන ගිහියෙකුට වුවද සම්පූර්ණ කළහැක්කේ අධි චිත්ත හා අධි ප්‍රඥා ශික්ෂා පමණයි.අධි ශීල ශික්ෂාව සම්පූර්ණ කළහැක්කේ උපසම්පදාවට පත්වූ භික්ෂූන් වහන්සේ නමකට පමණයි.මේ පිටිදූවේ හිමියන් දෙවරක් ථේරවාදී නිකාය දෙකකින් උපසම්පදාවූ භික්ෂූන්වහන්සේ නමක්.උන්වහන්සේ මහායාන භික්ෂුවක් නෙවෙයි.උන්වහන්සේගේ ධර්ම ව්‍යාඛ්‍යාන ක්‍රමය ථේරවාදී ව්‍යාඛ්‍යාන ක්‍රමයට වඩා තරමක් දුරට වෙනස්.මේ වෙනස් යන්නෙන් අදහස් වෙන්නේ ඒ ව්‍යාඛ්‍යාන ක්‍රමය වැරදි යන කරුණ නෙවෙයි.සාම්ප්‍රදායික අර්ථකථන ක්‍රමයට වඩා වෙනස්වූ අර්ථකථන ක්‍රමයක් ඉදිරිපත් කළ පමණින් එය වැරදි දැයි අවිචාර පූර්වකව නිගමනය කරන්නේ මොළය උඩ හිඳ ගෙනදැයි මේ අවිනයවාදී අධර්මවාදී සමූලඝාතක මෙහෙයුමට සම්බන්ධවූ ආවේගීශීලී කුපිත තරුණ පිරිසගෙන් මා කාරුණිකව අහන්න කැමතියි.
හාමුදුරුවන්ගෙ බණ වල ගත යුතු දෙයක් තියෙනවා නමුත් ටී ෂර්ට් ගහගෙන සිවුර හෑල්ලුවට ලක් කරන ගමන් ඒවායේ පින්තූර අන්තර්ජාලය තුල පල කිරීම මගින්බලාපොරොත්තුවන දෙය පැහැදිලි නෑ.. එතකොට කියයි මගේ ටී ෂර්ට් එක බලන්න එපා මගේ බණ බලන්න ----------------------------හරි යයිද ? තේරුමක් නැතිව පිම්බෙන්න ගිය ගෙම්බට වෙච්ච දේද මන්ද මේ.
මම භික්ෂූන්වහන්සේලාත් සමඟම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ නිසා මම හොඳින්ම භික්ෂූන්වහන්සේලාගේ පැවැත්ම දන්නවා.අනුන්ගේ දුසිල්වත්බව පිළිබඳ අනවශ්‍ය මහජන ප්‍රකෝප කිරීම් කොට පුද්ගලික පළි ගැනීම් සිදුකිරීමට උත්සාහ ගන්නා බොරුකාරයන්ට නොරැවටී, මේ සිවිල් සමාජයතුළ අනවශ්‍ය ලෙස භික්ෂූන්වහන්සේ සමඟ ඝට්ටනයකට ඉදිරිපත් නොවන ලෙස මහජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි.අනික නීතිය ආරක්ෂා කරන පොලිසිය හා හමුදාව වැනි ආයතනවලට එය අනවශ්‍ය කරදරයකි.මීට වඩා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව උනන්දුව දැක්විය ප්‍රධාන කාරණා තිබයදී මෙවැනි සුළු සිදුවීම් ඇඳා ගෙන රටතුළ මහා කලබල ඇතිකොට මිනිසුන් ප්‍රකෝපකොට රජයට එරෙහිව සංවිධානාත්මක මිනිසුන් මෙහෙයවන විවිධ බලලෝභී දේශපාලන පක්ෂවලට නොරැවටෙන මෙන් මම ඉතා කාරුණිකව සමස්ත ජනතාවගෙන්ම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.මමත් දැනට වසර 23 කට පෙර නීතිය ආරක්ෂා කිරීමට දිව්රුම් බැදී එවැනි රැකියාවක නිරතවූ අයෙක් බැවින් සිවිල් මිනිසුන් මෙවැනි සිදුවීම් හරහා ප්‍රකෝපකොට පටු වාසි ලබාගන්නා අදමිටු පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව හොඳින්ම දැන සිටිමි.මගේ අදහස් දැක්වීම කිසිදු පක්ෂකයට,පාටකට අනුව නොව,මගේ අවංක හෘදශාක්ෂියට එකඟවය.එබැවින් නොදැනුවත්වම හෝ යමෙකුට සිත් රිදවීමක් සිදුවී නම් අවංකව සමාව ඉල්ලමි.තෙරුවන් සරණයි !!!
සිවුරු දාගෙන උන්නට ඔක්කොමස හුමුදුරුවරුද කියලා අපි හොයල බලමු. වීදුරු ගෙවල් වල ඉදලා ගල්ගහන අයට පන්සිල් පද පහවත් රකින්න පුළුවන් ද ?
ජයකොඩි 2012-07-03 16:33:12 "රම්සි මහත්මයා,ඔබට මාලුවෙකු ඩෑහෑ ගෑනිමට මාන බලන බකතපස් කොකාද හොද? නෑත්තම් තෑන තෑන සංවරයකින් තොරව ඈවිදින හාවාද හොද? මාර්ගපලාලාබින්ට හික්මිමක් නෑත.බොරුනම් මුගලන් රහතන් වහන්සේගෙ චරිතය අධ්‍යයනය කරන්න. ඔබලා සෑම විශාල මුලාවකට හසුව ඈත.ඔබලා සිතන ආකාරයට මාර්ගපලලාභින් නොහෑසිරේ." ජයකොඩි මහත්තය ....මාර්ගපල ලාභීන්ට සක්කායදිට්ටිය නැත . බොරුනම් ත්‍රිපිටකය කියවා බලන්න . මගේ රැවටීම කෙසේ වෙතත් , මේ පුද්ගලයා ඔබව හොද ගානට රවටා එත .
කුමාර ඔබ හරියටම හරි.
ඉන්දික බලන්න ඔයා කියල තියෙන එක. හරියටම හරි දහම් බුද්ධිමතුන් සඳහා පමණයි. ඔයාට මේ ෆොටෝ ටික බලන්නවත් බළලා තේරුම් ගන්නවත් බුද්ධියක් නැද්ද ? ඔයා හොඳට සිරිධම්ම හිමියන් ගැන හොයල බළලා මේවට කමෙන්ට්ස් දාන්නකෝ.
http://www.youtube.com/watch?v=FC_uhzzvjto' කරුණාකරලා ඔබ සැම ප්‍රතිචාර දක්වන්න කලින් මේක බලල ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්න.
ඔය පොද්දල වෑනි ගම්වල ඉන්න සමහර මොඩ ගිහි පෑවිද්දන් ඉන්න තෑන් වලට යහපත් කෙනෙක් පෑමිනියාම ඔය වගෙ වෑඩ සිද්ද නොව්නොත් තමා පුදුමෙ.මෙවගෙ බුදුහාමුදුරුවන්ටත් එ කලෙ හිරිහෑර කරපු එකෙ මෙක ලොකු පුදුමයක් නෙමෙ.
තමන් ප්‍රකාශ කරන දෙය තමන්ගේ චරිතයෙනුත් පිලිබිඹු වද්දි තමයි ඒ චරිතය ගැන මිනිසුන් තුළ විශ්වාශයක් ඇති වන්නේ
මෙ ගම්වල ක්‍රියාත්මක වෙන්නෙ රටෙ නිතිය නෙමෙද?ඔන කෙනෙක්ට ඔන තෑනක යාමටත් අදහස් ප්‍රකාශ කිරිමටත් නිදහසක් තියනව.මෙ ගෑමි නිති එලියට පෑනිමෙ සම්ප්‍රදාය වහාම නතර කල යුතුයි.ඔය මොඩ ගෑමි නිති නිසා විශාල ලෙස මිනිසුන් ලන්කාවෙ විනාශයට පත් වෙලා තියනව.
බුදු දහම හැමෝටම අවබෝධ කරගන්න බෑ.ඒකට පින තියෙන්න ඕනෙ.ක්ෂණ සම්පත්තිය කියන්නෙ ඒකට.එහෙන් මෙහෙන් ටිකක් ඔලුවට මොනව හරි දාගෙන තම තමන් හිතල තමන්ට ඕන විදියට ධර්මය අර්ථ දක්ව ගන්නව.අද බොහොමයක් අයට වෙලා තියෙන්නෙ ඕක තමා
බණ කියන්න ඉන්න අය දේශපාලනයට ගියහම ඔහොම වෙනවා ..............
මමත් ලංකාවෙන් ගිහින් වසර කිහිපයක්, සිරිදම්ම හාමුදුරුවන්ගෙන් බණ අන්තර්ජාලයෙන් අහනවා, බොහොම ප්‍රායෝගිකයි, කෙනෙකුට දර්මාවබෝධයට පහසු කරවනවා, බොහොමයක් හාමුදුරුවරු හරියට උද්දක රාමපුත්‍ර ල වගේ එකම දෙය බොහෝ කාලයක් කියා කියා ඉන්නවා, එත් බුදුදහම ගැබුරු සත්ත්‍ය සරලව උන්වහන්සේ පෙන්වාදෙනවා. බොහොමයක් හාමුදුරුවරු ඔන්නතරම් අදනකදෙන් ඉන්නවා, තව වැඩ කරනවා සිල්වත් අය ඇත්තේ අතලොස්සක්, ගිහියොත් හොද අය කීයක් ඇද්ද, අද ළමයෙකුට කෙල්ලෙකුට තියා පොඩි කොල්ලෙකුටවත් පාරේ බැහැල යන්න පුලුවන්න්ද, අඩුම ගානේ ඉස්කෝලේ ගියත් ළමයි ගැන බයයි. එහෙව් එකේ උන් වහන්සේගෙන් බන අහන්ඩ තියෙන නිදහස තිබිය යුතු , උන් වහන්සේ ජීවිත සත්‍ය කියාදෙමින් සිටී, මෙය මිසදිටුවන්ට පහරක් නිසා, මහා කලබලයකි, උන් වහන්සේගෙන් බන ඇසීමට ඇති අයිතිය සහ දේශනයට ඇති අයිතිය ලබාදිය යුතුය.
එක එක අයට ඕන ඕන විදියට අසපු හදන්න දෙන එක නැවැත්තුවොත් මේ දේවල් නවතීවි.මේකට හරි හමන් නීතියක් ගේන්න ඕනි