IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමන් ලෙනින් කල්‍යාණි නංගී ගැන මෙසේ ගයයි

2016-04-23-ent-91

2016-04-23-ent-93

 
කළ්‍යාණි නංගියේ
රාජාංගනේ ජනපදේ
නන්ද කුමරා මමයි හන්දියේ
නේත්තරා පල් මං ආදරෙයි


පංච කළ්‍යාණ යෞවනය දැවිලා ගිහින්
නව දැළි හේනේ කණු මුල් ලෙසින්
ලිප මුල්ලේ හෙලුවාට ඔය හද සුසුම්
කවදාක රත්වේද පඩුපුල් අසුන්


දිව්‍ය සල්පිලට මං හොයති සුරදූති
යෝස්වර්ණ ජාලාව බැදි රූ ලෙසේ
ඒ පුසුඹ ආවාට ත්‍රී වීලරේ
නුඹ ප්‍රේමේ මට රම්‍ය තුසිතය වගේ


ගැයුම : සමන් ලෙනින්
ලියුම: නයනසේන වන්නිනායක
වැයුම : දර්ශන වික්‍රමතුංග

 

වත්මනේදී සාහිත්‍ය ප්‍රතිභාව පෑළ දොරින් පැනයන යුගයක අපි සාරවිට මගින් සාහිත්‍ය රසයෙන් අනූන ගීත රැසක් දායාද කරලීමට තීරණය කළා. එනම් ගුවන් විදුලි මාධ්‍ය මගින් නෑසෙන සාහිත්‍ය රසයකින් යුත් සොඳුරු ගීත ඔබ වෙතට තිළිණ කරලීමයි. අප මේ කියන්නට යන ගීතය මේ ගීතය තුලත් පැරණි සාහිත්‍යයේ බණ කතාවල එන සංකල්පීය චරිත වර්තමානයේ අපට මුණ ගැසෙන චරිත හා සමරූපී කරන්නට නයනසේන වන්නිනායක නම් රචකයා දක්වන්නේ අපූරු ප්‍රතිභාවක්. මෙහිදී ඔහු ජනපද කළ්‍යාණි කතා පුවත වර්තමාන පුවත හා අපූරුවට බද්ධ කරනවා. වර්තමාන කළ්‍යාණි වෙසෙන්නේ රාජාංගන ජනපදයේ.

එහි ඇති කටුක පාරිසරික ලක්ෂණ මේ කළ්‍යාණිය විදින අනේක විධ දුක්ඛ දෝමනස්සයන් රාජාංගන ජනපදය යන සංකේත නාමය ඒ තුලට සාරාංශ කෙරෙනවා. ඇයට පෙම් බදින නන්ද කුමරා යනු බුදුන්ගේ ඥාතියා නොව රාජාංගනය හන්දියේ ත්‍රීවීල් පදවන නන්ද නම් වූ තරුණයා. මෙය තියුණු උත්ප්‍රාසයක්ද ජනනය කරනවා. මෙවන් ගීයක සාහිත්‍ය රසය හා බැඳුණු භාවාකල්ප කෙබඳුදැයි විමසා බලන්න...

 

සටහන ඉඳුනිල් සින්දු

 



අදහස් (0)

සමන් ලෙනින් කල්‍යාණි නංගී ගැන මෙසේ ගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site