IMG-LOGO

සමන් ප්‍රියංකර නම්මුනිගේ 'තරුවැට ළග'

20160929Saman-1ගුවන් විදුලි ශ්‍රේණිගත ගායකයෙකු මෙන්ම ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස ක්‍ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන සමන් ප්‍රියංකර නම්මුනි, තමන් වසර ගණනාවක සිට සගායනා කළ ගීත කිහිපයක් සංයුක්ත තැටියක් ලෙස නිර්මාණය කොට එළිදැක්වීමත්, ඔහු විසින් රචනා කරන ලද ග්‍රන්ථ  කිහිපයක් දොරට වැඩීමටත් කටයුතු කර තිබේ. ඒ පිළිබඳව මෙන්ම ඔහුගේ කලා කටයුතු සම්බන්ධයෙන් පැවසීමට ‘සාරවිට’ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.

නව කර්තව්‍ය ගැන කිව්වොත්?

එදින නම් කරලා තියෙන්නේ ‘ලස්සන අහස’ කියලා. සංයුක්ත තැටියේ නම ‘තරු වැට ළඟ’ කියලා. ඊට අමතරව ග්‍රන්ථ තුනක් එළිදැක්වෙනවා. ‘මල් සිහින’ කියන නවකතාව, ‘ගීයක සැඟවුණු ඇත්ත’ යන ග්‍රන්ථය සහ ‘ඇදහිය නොහැකි සත්‍යකතා’ කියන ග්‍රන්ථය එළිදක්වනවා. ග්‍රන්ථ තුන එළිදක්වන්නේ එම්.ඩී. ගුණසේන සමාගමයි. ඒ අය තමා ප්‍රකාශන ආයතනය. අනිත් දේ තමයි මියුසික් වීඩීයෝවක් එළිදක්වනවා.

 

20160929Saman-2ගීත ඇල්බමය ගැන කිව්වොත්?

ගීත ඇල්බමය ගැන කියනවානම්, පුංචි කාලේ ඉඳන් මම ගුවන් විදුලි සංස්ථාවේ ළමා වැඩසටහන්වල සිංදු කියපු කෙනෙක්. ශ්‍රේණිගත ගායකයෙක් මම. ඒ වුණාට මම අවුරුදු 18ක් විතර වගේ  හිත හිත හිටියා හොඳ ගීත ටිකක් කරන්න ඕනේ කියලා එහෙම කරලා එකතු කරගෙන තියාගත්ත ඒවා තමයි මේ ඇල්බමයක් සඳහා ඇතුළත් කළේ. ඒ සිංදු ප්‍රවීණ ගීත රචකයන් තමයි ලියලා තියෙන්නේ. මේ ගීතවල තනු නිර්මාණය කරලා තියෙන්නෙත් ප්‍රවීණ ගායකයෝ සහ සංගීත අධ්‍යක්ෂකවරු විසින්. මේකේ යුග ගීත ගායනා කරන්නේ උරේෂා රවීහාරී සහ අනුරාධා නන්දසිරි විසිනි.

 

මියුසික් වීඩියෝව ගැන කිව්වොත්? ඒ ගීතය මොකක්ද?

මියුසික් වීඩියෝව කරන්නේ, ශ්‍රද්ධා මංගලසූරියබණ්ඩාර විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. මේ ගීත ඇල්බමයේම තියෙනවා ‘සමාවෙන්න ප්‍රියාවී’ කියලා ගීතයක්. ඒ ගීතයට තමයි මියුසික් වීඩියෝවක් කරලා තියෙන්නේ.

 

ගීත ඇල්බම් යන දේට වෙළෙඳ පොළක් නැති කාලේ එවැනි දෙයක් එළිදක්වන්න හිතුවේ?

මම මේදේ කරන්නේ සල්ලි හොයන්නවත්, ලොකු ප්‍රචාරයක් දීලා ලාභයක් ලබන්න නෙමේ. මං ගාව තිබුණ දක්ෂ ගායනය මට උවමනා වුණා මගේ තෘප්තියට හරි හොඳ සිංදු ටිකක් කරලා තියාගන්න. ඒක තමයි මූලිකම හේතුව වුණේ. මේ ගීත ඇල්බමයෙන් ගීත කිහිපයක්වත් මිනිස්සු අතරට යයි කියලා මම විශ්වාසයකින් ඉන්නවා.

 

අද කාලීනව නිර්මාණය වෙලා තියෙන ගීතයම රටාවට මේ ගීත අභියෝගයක් වෙනවාද?

අද කාලේ සිංදු අහනවා, ඊට පස්සේ ඒක ඉවරයි. දවසින් දවස බිහිවන ගීත ගත්තාම මේ අහනවා, මේ ඉවරයි. නමුත් 70 දශකයේ තිබිච්ච සිංදු අදටත් මිනිස්සු රස විඳිනවා. අපේ ප්‍රවීණ මට්ටමේ ගායකයෝ කියපු ගීත සඳහා ඉල්ලුම අදටත් අඩුවෙලා නැහැනේ. උණුසුමේම ඇවිල්ලා එහෙම්ම යනවා නෙමෙයි. මේ ගීතත් හෙමින් හෙමින් මිනිස්සු අතරට යයි කියලා මම හිතනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත   



අදහස් (0)

සමන් ප්‍රියංකර නම්මුනිගේ 'තරුවැට ළග'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site