මිරිස්ස ධිවර වරායෙන් පසුගිය 17 වැනිදා 70ක පිරිසක් සමග ඕස්ට්‍රේලියාවට බලා ගිය බව කියන ‘සමින් පුතා‘ යාත්‍රාව ලංකාවෙන් නාවික සැතපුම් 290ක් ඈත මුහුදේ පාවෙමින් තිබෙන බව මිරිස්ස ධිවර වරායට තොරතුරු ලැබී ඇත.
උතුරු නැගෙනහිර වැසියන් පිරිසක් එහි සිටි බවත්, යාත්‍රාවේ ඇන්ජිම අබලන් වී ඇතැයි රේඩාර් පණිවුඩ මගින් දැනගත් බවත් කියති.
නාවික හමුදාවට ද මේ ගැන දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන දෙයක් පරිස්සමින් කරන්න. නැත්නම් මානව හිමිකම් කැඩුවා කියයි. (නි)
කියන දේ නොඅහා ගියා නම් ඔහොම පාවෙවී ඉන්න අරින්න. අපිට මොකෝ. (නි)
යන්න එප කියලා රජයෙන් මෙච්චර කියද්දී ඇයි හොරෙන් යන්නේ? බුද්ධිමතුන් නම් නීත්‍යානුකූලව යන්න තිබුනනේ.(නදී)
මාළු අල්ලනවට වඩා හොද ආදායමක් ලබාගන්න පුළුවන් කියලා හිතුවද දන්නෙ නැහැ (නි)
අපිට මේ විස්තර වැදගත් (නි)
ඕස්ට්‍රේලියාවේ නව නීති අනුව බෝට්ටු වලින් වීසා නැතුව නීති විරෝධීව එන කිසිම කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ පදින්චිවෙන්න ඉඩක් නැහැ. දේශපාලන සරණාගත භාවයට සුදුසුකම් තියෙන අයව පමණක් පැපුවා නිව් ගිනි රටට පදිංචියට අරින්න ඒ රටත් එක්ක ඔස්ට්‍රේලියාව ගිවිසුම් අරන් කියල මෙහෙ ප්‍රවුර්ති වලට කියල තියෙනවා. ආර්ථික හේතු නිසා එන අයට දෙවියන්ගේම පිහිට තමයි.(නදී)
මේගොල්ලෝ ව්‍යාජ ආර්ථික සරණාගතයෝ. ඕස්ට්‍රේලියා රජය නීතිගත කළ සංක්‍රමණ නීතියෙන් අව්‍යාජ සරණාගතයින් පවා යොමු කරන්නේ ගෝත්‍රික රාජ්‍යයක් වෙච්ච පෙපුවා නෙව් ගිනියා වලට. අනිත් ඔක්කොම ආපහු එවනවා. ඔතන ඇත්තේ රටට වින කරපු කොටි. ඒ අය මෙහාට ඇවිත් ලංකාවට එරෙහිව තමා වැඩ කරන්නේ. මේ අය හින්දා අපිටත් මෙහෙ ඉන්න නැහැ.(නදී)
නාවික හමුදාව ඉක්මනින් මේ ගැන කටයුතු කරාවි කියල මම හිතනවා. ඔස්ට්‍රේලියාව කිට්ටුව මේක උනා නම් ඒ අය නාවික හමුදාව යවන අතරේ ළඟ පහත නැව් වලට කියනවා මේ අය ගැන බලන්න කියා. (නදී)
අනේ කොහොම හරි මේ අයව බේරගන්න.(නදී)
එයාල හිනතන තරම් ලේසි නැහැ ඕස්ට්‍රේලියාවේ ජීවිතේ. හොද රැකියාවක් ලබන්න නම් හොද අධ්‍යාපනයක් තිබීම අවශ්‍යයි (නි)
දකුණු ඇමෙරිකානු,අප්‍රිකානු රටවල්,අනෙක් දකුණු ආසියානු රටවල් සහ ලෝකේ හුඟාක් දුප්පත් රටවල්වල තියන තත්වය ඇත්තටම ලංකාවේ නැහැ.අපිට ප්‍රශ්න තියනවා. ඒත් මේ රට අපායක් නොවෙයි.මේ මිනිස්සු ඒක දන්නේ නැහැ. ඒකට දැනුවත්වීමක් නොමැතිකම.ඒ නිසා මේ අය හිතාගෙන ඉන්නෙ බෝට්ටු වලින් එහේ ගියාම පාවඩදාලා පිළිගනීවි කියලා. (නි)
මම නම් කියන්නේ මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දීල රටේ ඉන්න අයි.ආර්.සී කාරයෝ ටික රට පට වන්න ඕනේ .(නදී)
මේ රටේ හැමටම වගේ දැන් තියෙන්නේ ජීවත් වීමේ ,ගෙයක් දොරක් සාදා ගැනීමේ ප්‍රශ්නය. හොර තක්කඩියන්ගේ බසට රැවටී බොහෝ අය ඕස්ට්‍රේලියාවට යනවා.මේ මිනිසුන් 70 ත් එවැනි රැවටුණු අය වෙන්න ඇති.දැන් යුද්ධයකුත් නැහැ. තවම මේ ජාවාරම් කරන එක් අයෙකුට හෝ නියම දඬුවමක් නම් ලැබුන බවක් දැනගන්නට නැහැ. (නි)
කැනඩා දිසා කියන කතාව හරී රූපවතී. එයාලා ඔහොම රට දාල ගියේ චුටි මි පැටියෙකුගේ තරම්වත් මොලයක් නැති හින්දනේ. (නි)
ප්‍රියා, ලංකාවේ බුද්ධිමතුන් රට දාලා යනවා තමයි. ඒත් නැව් වලින්?? (නි)
මේ රටේ මෙච්චර කියන තරම් ආශ්චර්යක් තියෙනවා නම් මොකෝ මේ අය රට දාලා යන්නේ. (නි)
එපා කියලත් හොරෙන් යනවා. කරදරයක් වුනාම තමයි ප්‍රශ්නේ. පවු. මොනවා හරි උදව්වක් කරන්න ඉක්මනට (නි)
වැරදුනහම තමා ලංකාව මතක් වෙන්නේ.යන්තම් හරි ඕස්ට්‍රේලියාවට ගොඩ වුනා නම්... (නි)
මෙයාලා ලංකාවෙන් පිටවෙන්න හදන විශබීජ ගොඩක්. උතරු නැගෙනහිර අයට විතරනේ ප්‍රශ්න තියෙන්නේ. ලංකාවේ ඉන්න අනෙක් අය සේරම ඔටුවෝ. මෙයාලව ආපසු මෙහාට ගෙනල්ලා කන්න බොන්න දිදී හිරේ දාල තියාගන්න වියදම් කරන්න වෙන්නේ මේ රටේ ජීවත් වෙන්න කැමති මිනිසුන්ගේ මුදල්. බෝට්ටුවට අලුත් එන්ජිමක් සවිකරලා හරි මෙහෙන් පිටවෙලා යන්න උදවු කරන්න.(නදී)
යනකොට ඕවා හරියට හොයලා බලලා යන්න එපැයි (නි)
දැන් ඒ අයට එක එක ඒවා කියලා වැඩක් නැහැ. කව්රුත් බලන්නේ ජීවිතේ ඉන්න තැනින් ටිකක් උඩට යන්න. දැන් කරන්න තියෙන්නේ එයාලව බේරගන්න එක. අපේ රටේ අය ගැන කතා කරන විදිහ හොද නැහැ. බලන්න බෝට්ටුවක් පෙරලෙන වෙලාවේ බේරගත්ත හැටි. ඕස්ට්‍රේලියාවේ අය හෙලිකොප්ටර් පවා ගෙනත් ඒ අය බේරා ගත්තේ මිනිස්සු නිසා නේද? ඒක නේද මනුස්සකම. සිංහලයෝ ඒක අමතක කරලා කතා කරන්න එපා.(නදී)
මේ ජිවිත ටික ඉක්මනින් බේරගන්න. හැබැයි මෙම ගමන සංවිදානය කරපු සියලුම ඉහල නිලදාරීන් ගැන හොයල දඩුවම් කල යුතුයි.(නදී)
රුපවති , එයාලට පීන ගෙන එන්න කියන්න ඉස්සෙල්ල ,ඇයි එයාල රට දාල ගියේ කියල හිතන්න තරම්වත් චුටි මි පැටියෙකුගේ තරම් වත් මොලයක් නැද්ද .(අ)
එයාලට පීනගෙනම එන්න කියන්න.මොකද අපේ රට එපා කියලනේ යන්න ගියේ. (නි)
ලංකාවේ බුද්ධිමතුන් රට දාලා යනවා. ඒ අයගෙන් වැඩක් ගන්. අනේ රටකල ගිය කලක්! ලංකාවේ මිනිස්සු රට ගැන කලකිරිලා ඉන්නේ. උගත් මිනිහට තැනක් නැහැ (නි)
අනේ ඉතින් ඉක්මන් කරලා ගිහින් බලන්න බැරිද බේරාගෙන එන්න? ජිවිත 70ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. අපේ නාවික හමුදාවත්,ගුවන් හමුදාවත් මේ අයව බේරාගනියි කියා සිතනවා (නි)
70ක පිරිසක් සමග මිරිස්ස ධිවර වරායෙන් පිටත්වුන 'සමින් පුතා' ඇන්ජිම අබලන්ව ඈත මුහුදේ පාවෙනතුරුම කිසිවෙක් දන්නේ නැහැ. පුදුමයි! (නි)
අනේ කොහමහරි සමින් පුතාව ගොඩට ගෙනෙන්නකෝ (නි)