සංගීත සංදර්ශන කිහිපයක් සඳහා සහභාගීවීමට එංගලන්තයට පැමිණ සිටින ප්‍රවීණ ගායන ශිල්පී සමන් සිල්වා ජනවාරි පළමුවෙනිදා දවස ගතකළේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ආගමික කටයුතු සඳහා සහභාගී වෙමිනි.
දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ ඔහු සහභාගීවූ සාර්ථක සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්විණි.
ඒ සඳහා සුසිල් ප්‍රනාන්දු සමඟ චම්පා කල්හාරි යන ශිල්පීහුද සහභාගී වුහ.
ඉදිරි සති අන්තයන්හිදී ඔවුන් සහභාගී වන ප්‍රසංග කිහිපයක්ම බර්මින්හැම් ඇතුළු නගර කිහිපයකම පැවැත්වෙයි.
මීට පෙර කිහිප වතාවක්ම එංගලන්තයේ සංචාරය කර ඇති ඔහු ඒ හැම අවස්ථාවකම කිංග්ස්බරි විහාරස්ථානයට පැමිණීමට අමතක නොකළ බව විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.
සද්ධාතිස්ස විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී විෂ්ණු කතරගම දෙවාලයට ගිය සමන් සිල්වාට අරුණ ශාන්ත කපු මහතා ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වීම සඳහා දෙවාශීර්වාද ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලක්තොට ආව පලවෙනි කලාකරුවාද? (නදී)
. අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි. (නදී)
සුභ ගමන් ඔබට (දී)
ගී ගයන්නද? (දී)
සුබ පැතුම් (දී)