ඕනෑම මිරිදිය මසකුගෙන් සැමන් මසුන්ගේ රසට සමාන පෝෂණීය ආහාරයක් නිෂ්පාදනය කිරීමට හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ සත්ව පාලන හා ධීවර අංශයේ මහාචාර්ය උදේනි එදිරිසිංහ පවසයි.
සුපුරුදු සැමන් සුවඳ ගැනීමට නම් ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර ගතයුතු බවත් ඔලිව් තෙල් නොමැතිව වුවද සුපුරුදු සැමන් රස ලබාගත හැකි බවත් මහාචාර්යවරයා කියයි.
හොඳින් පිරිසුදු කරගත් මසුන් විනාඩි 15ක් පමණ ලූණු දියරයේ ගිල්වා තබා ලූණු දියර ඉවත්කර දෙහි යුෂ, ගම්මිරිස් කුඩු සහ ඔලිව් තෙල් ස්වල්පයක් දමා කලවම් කර සෙන්ටිගේ‍්‍රඞ් අංශක සියයක උෂ්ණත්වයක පීඩන උඳුනකින් විනාඩි 15ක් පමණ පිසගත යුතු බව මහාචාර්ය එදිරිසිංහ කියයි. මසුන් කිලෝ පහක් සඳහා ඔලිව් තෙල් තේ හැඳි තුනක් පමණ සෑහෙන බව ද ඔහු පවසයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහචාර්යතුමා මේ මොන පිස්සු වැඩක්ද සැමන් කන්න ඔනෙනම් කඩේ තියෙනවානේ වැව් මාඵ වැව් මාඵ විදියට කමු ඔලිව් තෙල් වල මිල ගැන ඔබතුමා දන්නවද අපි අඩු වියදම් සංකල්ප තුලින් අපේ සහ ජිවනය ගොඩනගන වැඩ කරමු අනික ගමේ ගෑනු දන්නවා ආහාර කල් තියාගන්න ඔනෑ තරම් දේ ... කාලා නැද්ද ඇඹුල් තියල් ආදිය
මුහුදේ මෙච්චර මාඵ හිටියත් තවමත් හරියකට බෙදා ගන්න බැරි බලධාරීන් මිරිදිය මසුන්ගෙන් සැමන් හදන්න ලැහැස්ති වෙන් විහිඵ වැඩ
මහාචාර්යතුමා ඔලිව්තෙල් වල ගාණන ඇහුවම කන්න වෙන්නේ කාගේ මාඵ දැයි හිතා ගත හැකි
නව සොයා ගැනිමක් තමයි ඒත් සත පහකට වැඩක් නෑ
මේ මහත්වරුන්ට මම පොඩි පැහදිලි කිරීමක් කලොත් හොදයි කියලා මට හිතෙනවා, ඔය සැමන් මසුන් කියන්නේ අපි ඔය ටින් වල දාල කඩේ විකුනන එවාට නෙවේ. මේ සැමන් මසුන් කියන්නේ ඔස්ට්‍රේලියව අවට මුහුදේ ඉන්න ඉතා දුර්ලබ, රසවත් හා මිල අධික මාලු වර්ගයක්, මේ මාලු මිල අපි වගේ රටකට දරන්න අපහසු නිසා තමයි මේ විකල්ප නිශ්පාදනය හොයගෙන තියෙන්නෙ. ඇත්තටම මෙක හොද වැඩක්. අපි අගය කල යුතුයි.
වැවකින් මාඵ ටිකක් අල්ලාගෙන ඔල්ව් තෙල් ගල්වල හොද ආහර වේලක් කෑවම නරකද. නේද මහාචාරතුමා
රටේ ලාභයට ඇති දේවල් යොදා වැව් මාඵ රසට උයනහැටි ලංකා කාන්තාවන් ඉතාහොඳින් දන්නා දෙයක්. මාඵ බිජුවලින් වැව් මාඵ වර්ධනය කරගන්නා අයුරු, මාඵ පැටව් පෝෂණය කරන අයුරු ආදී දහසකුත් එකත් නොදන්නා දේවල් කියාදෙමින් ලංකාදීපයට ලිපියක් ලියන්න. එය වටිණා දෙයක්.
රවි! සැමන් කියලා කියන්නේ මතස්‍යය විශෙෂයක් බවත් මුලින්ම කැනඩාවෙන් සොයා ගත් දෙයක් බවත් පැසිපික් සාගරයේ නැවියන් විසින් එය එසේ කළ බවත් අපි දන්නවා නමුත් අපේ සිහල ගැමි ගෙවල් වලත් දෙමල ජනතාව අතරත් මුස්ලිම් සහෝදරයෝ අතරත් ඔය ආහාර ක්‍රම තියෙනවා ඒවාට අමුතු ක්‍රම අවශ්‍ය නැ අතිතයෙ අපේ ආදි වාසි උදවියගේ ක්‍රම දැණුම වශයෙන් ව්‍යාප්ත කරන්න බැඵවොත් නරකද?