ඕනෑම මිරිදිය මසකුගෙන් සැමන් මසුන්ගේ රසට සමාන පෝෂණීය ආහාරයක් නිෂ්පාදනය කිරීමට හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ සත්ව පාලන හා ධීවර අංශයේ මහාචාර්ය උදේනි එදිරිසිංහ පවසයි.
සුපුරුදු සැමන් සුවඳ ගැනීමට නම් ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර ගතයුතු බවත් ඔලිව් තෙල් නොමැතිව වුවද සුපුරුදු සැමන් රස ලබාගත හැකි බවත් මහාචාර්යවරයා කියයි.
හොඳින් පිරිසුදු කරගත් මසුන් විනාඩි 15ක් පමණ ලූණු දියරයේ ගිල්වා තබා ලූණු දියර ඉවත්කර දෙහි යුෂ, ගම්මිරිස් කුඩු සහ ඔලිව් තෙල් ස්වල්පයක් දමා කලවම් කර සෙන්ටිගේ‍්‍රඞ් අංශක සියයක උෂ්ණත්වයක පීඩන උඳුනකින් විනාඩි 15ක් පමණ පිසගත යුතු බව මහාචාර්ය එදිරිසිංහ කියයි. මසුන් කිලෝ පහක් සඳහා ඔලිව් තෙල් තේ හැඳි තුනක් පමණ සෑහෙන බව ද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැමන් කන්න වැවට යන්න
මිහිරි සංකල්පනී Thursday, 03 November 2011 02:49 PM
මහචාර්යතුමා මේ මොන පිස්සු වැඩක්ද සැමන් කන්න ඔනෙනම් කඩේ තියෙනවානේ වැව් මාඵ වැව් මාඵ විදියට කමු ඔලිව් තෙල් වල මිල ගැන ඔබතුමා දන්නවද අපි අඩු වියදම් සංකල්ප තුලින් අපේ සහ ජිවනය ගොඩනගන වැඩ කරමු අනික ගමේ ගෑනු දන්නවා ආහාර කල් තියාගන්න ඔනෑ තරම් දේ ... කාලා නැද්ද ඇඹුල් තියල් ආදිය
එ.එස්.කේ පෙරේරා Thursday, 03 November 2011 02:52 PM
මුහුදේ මෙච්චර මාඵ හිටියත් තවමත් හරියකට බෙදා ගන්න බැරි බලධාරීන් මිරිදිය මසුන්ගෙන් සැමන් හදන්න ලැහැස්ති වෙන් විහිඵ වැඩ
එ.එස්.කේ පෙරේරා Thursday, 03 November 2011 03:12 PM
මහාචාර්යතුමා ඔලිව්තෙල් වල ගාණන ඇහුවම කන්න වෙන්නේ කාගේ මාඵ දැයි හිතා ගත හැකි
ප්‍රියන්ත Thursday, 03 November 2011 02:58 PM
නව සොයා ගැනිමක් තමයි ඒත් සත පහකට වැඩක් නෑ
රවී Thursday, 03 November 2011 03:30 PM
මේ මහත්වරුන්ට මම පොඩි පැහදිලි කිරීමක් කලොත් හොදයි කියලා මට හිතෙනවා, ඔය සැමන් මසුන් කියන්නේ අපි ඔය ටින් වල දාල කඩේ විකුනන එවාට නෙවේ. මේ සැමන් මසුන් කියන්නේ ඔස්ට්‍රේලියව අවට මුහුදේ ඉන්න ඉතා දුර්ලබ, රසවත් හා මිල අධික මාලු වර්ගයක්, මේ මාලු මිල අපි වගේ රටකට දරන්න අපහසු නිසා තමයි මේ විකල්ප නිශ්පාදනය හොයගෙන තියෙන්නෙ. ඇත්තටම මෙක හොද වැඩක්. අපි අගය කල යුතුයි.
අනුර සෙනෙරත් Thursday, 03 November 2011 03:31 PM
වැවකින් මාඵ ටිකක් අල්ලාගෙන ඔල්ව් තෙල් ගල්වල හොද ආහර වේලක් කෑවම නරකද. නේද මහාචාරතුමා
ජයී Thursday, 03 November 2011 04:11 PM
රටේ ලාභයට ඇති දේවල් යොදා වැව් මාඵ රසට උයනහැටි ලංකා කාන්තාවන් ඉතාහොඳින් දන්නා දෙයක්. මාඵ බිජුවලින් වැව් මාඵ වර්ධනය කරගන්නා අයුරු, මාඵ පැටව් පෝෂණය කරන අයුරු ආදී දහසකුත් එකත් නොදන්නා දේවල් කියාදෙමින් ලංකාදීපයට ලිපියක් ලියන්න. එය වටිණා දෙයක්.
හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 03 November 2011 04:32 PM
රවි! සැමන් කියලා කියන්නේ මතස්‍යය විශෙෂයක් බවත් මුලින්ම කැනඩාවෙන් සොයා ගත් දෙයක් බවත් පැසිපික් සාගරයේ නැවියන් විසින් එය එසේ කළ බවත් අපි දන්නවා නමුත් අපේ සිහල ගැමි ගෙවල් වලත් දෙමල ජනතාව අතරත් මුස්ලිම් සහෝදරයෝ අතරත් ඔය ආහාර ක්‍රම තියෙනවා ඒවාට අමුතු ක්‍රම අවශ්‍ය නැ අතිතයෙ අපේ ආදි වාසි උදවියගේ ක්‍රම දැණුම වශයෙන් ව්‍යාප්ත කරන්න බැඵවොත් නරකද?