අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ.
මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටි ඒකනායක මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයයේ දී අද ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒකනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ඔහු සතුය.
යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ , මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ තනතුරු දරා ඇති ඒකනායක මහතා මලයාසියාවේ සහ එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලවල ද සේවය කර තිබේ.
සමන් ඒකනායක මහතා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ප්‍රධානියා ලෙස ද සේවය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සෙක්ට සුදුසු තැන ලබාදීම අගය කරමි. (නදී)
ජයෙන් ජය වේවා. (හේ)
ජය වේවා.(හේ)
රාජ්‍ය පරිපාලන සේවා නිල ආරෝහණයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත්වීමට සුවිශේෂී වරම ලද මේ වසන්ත හෝරාවේ ඔබතුමාණන්ගේ දේශීය සහ විදේශීය පළපුරුද්ද තුළින් ලැබුවාවූ ආභාෂය ඉවහල්වීමෙන් වර්තමාන රාජකාරී කාර්ය සාඵල්‍යය සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධවේවා යි ගෞරවයෙන් ආශිංසනය කරමි. මැතිණිය, දුව සහ පුතාටද ආසිරි වේවා! (නි)