IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමන් ඒකනායක අගමැති ලේකම්

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ.

මීට පෙරද අග්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටි  ඒකනායක මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයයේ දී අද ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන  ඒකනායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ඔහු සතුය.

 යෞවන කටයුතු, නිවාස, ජනමාධ්‍ය, විදේශ  , මුදල් යන අමාත්‍යාංශයන්හි සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ තනතුරු දරා ඇති  ඒකනායක මහතා මලයාසියාවේ සහ එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලවල ද සේවය කර තිබේ.

 සමන් ඒකනායක මහතා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ප්‍රධානියා ලෙස ද සේවය කළේය.



අදහස් (0)

සමන් ඒකනායක අගමැති ලේකම්

ගයානාත් Tuesday, 25 August 2015 03:55 AM

සුදුස්සෙක්ට සුදුසු තැන ලබාදීම අගය කරමි. (නදී)

:       0       0

තුසිත Monday, 24 August 2015 03:19 PM

ජයෙන් ජය වේවා. (හේ)

:       0       0

වීරසිංහ Monday, 24 August 2015 03:19 PM

ජය වේවා.(හේ)

:       0       0

නාවලගේ - මහරගම/හොරණ. Monday, 24 August 2015 04:23 PM

රාජ්‍ය පරිපාලන සේවා නිල ආරෝහණයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරයට පත්වීමට සුවිශේෂී වරම ලද මේ වසන්ත හෝරාවේ ඔබතුමාණන්ගේ දේශීය සහ විදේශීය පළපුරුද්ද තුළින් ලැබුවාවූ ආභාෂය ඉවහල්වීමෙන් වර්තමාන රාජකාරී කාර්ය සාඵල්‍යය සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධවේවා යි ගෞරවයෙන් ආශිංසනය කරමි. මැතිණිය, දුව සහ පුතාටද ආසිරි වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site