IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමෘද්ධි නිලධරයෙක් නිදන් හාරයි.

රත්තොට ගල්ලූමලෙයි ගල්තලාවේ නිදන් හාරන්නට ගිය නව දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය කියයි.
ගල්තලාවේ කොටා ඇති සළකුණු අසල පූජා පවත්වා නිදානයක් හාරන්නට සැරසෙද්දී අද අලූයම පොලිසිය එහි පැමිණියේය.
සමෘද්ධි නිලධරයෙකු මේ නිදන් හෑරීම මෙහෙයවා ඇතැයි කියති. මාතලේ, රත්තොට, කඩුවෙල හා ගම්පහින් මේ නව දෙනා එහි ගොස් ඇතැයි කියති.



අදහස් (0)

සමෘද්ධි නිලධරයෙක් නිදන් හාරයි.

ජයන්ත Wednesday, 08 May 2013 05:10 PM

වෙන මොනවා කරන්නද අප්පා! (නි)

:       0       0

මැක්ෂි Wednesday, 08 May 2013 05:45 PM

අහලා අහලා එපා වෙනවා ඔස්ට්‍රේලියාව, නිධන් .(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 08 May 2013 06:01 PM

ප්‍රාදේශීය සභාවට රිංගන්න සුදුසුකම් සපුරගන්න වෙන්න ඇති මෙය කරන්න ඇත්තේ. (නි)

:       0       0

සෙන්සා Thursday, 09 May 2013 08:04 AM

ඔවු ඉතින්. පැවරිලා තියෙන වෙන වැඩකුත් නැහැනේ. (නි)

:       0       0

චතුල වෙරෝන Wednesday, 08 May 2013 06:28 PM

සමෘද්ධි නිලධාරින් කියන්නෙ වැඩක් නොකර පඩි ගන්න ජාතියක්. වැඩක් නැති හන්දා මේ වගේ වැඩක් පටන්ගන්න ඇති. (නි)

:       0       0

වරුණ Thursday, 09 May 2013 08:21 AM

ඉස්සරහට ලයිට් බිල ගෙවන්න ගානක් හොයාගන්න වෙන්න ඇති. නිදානේ හාරලා සල්ලි කරන් බැංකුවේ එෆ් ඩී එකක් දාගෙන ඒ ලැබෙන පොලියෙන් විදුලි බිල ගෙවන්න හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 08:48 AM

එතුමා සමෘද්ධි නිලධාරියෙක් විතරක් නෙමෙයි, ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලකයෙකුගේ හිතවතෙක් හෝ ගෝලයෙක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 08 May 2013 07:42 PM

අපේ ඇමතිතුමාට උපහාරය. (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 11:39 AM

ඔය තනතුරට අවේ ඒ තරම් දැනුමක් තියෙන අය නෙවේ නේද ? (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 12:11 AM

අපරාදේ කලින් දන්නවා නම් මේ අයව බලන්ගොඩ කූරගල පුරාවිද්‍යා කැනීම් වැඩවලට එක්කගෙන යන්න තිබුනා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 08 May 2013 04:01 PM

මෙතුවක් කාලෙකට සමෘද්ධියක් නොලැබුණූ නිසා නිධානෙන් සමෘද්ධිමත් වෙන්න බලන්න ඇති (නි)

:       0       0

පෙරේරා Wednesday, 08 May 2013 04:21 PM

ඔයිට වඩා අය නිධන් හාරද්දී මේක මොකද්ද? (නි)

:       0       0

හේරත් Thursday, 09 May 2013 02:24 AM

සමෘද්ධිය හොයන එක තනතුරේ රාජකාරියක් නේද මාමා? (නි)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 04:54 PM

සමෘද්ධි නියමකටත් ලයිට් බිල ගෙවාගන්න විදිහක් නැතුව වෙන්න ඇති? දැන් ඉතින් බිල ගෙවන්න අපිත් පොල් හරි කඩන්න ඕනෑ. නැතුව ගොඩයන්න බැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 04:57 PM

ඒ නිලධාරියා 'සමෘද්ධි' නේද. ඉතින් මිනිහා තමන්ටත් අනික් අයටත් සමෘද්ධිය උදා කර දෙන්න හැදුවා. ඒක එයාගේ රාජකාරිය නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site