ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.9 ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සුමාත්‍රා දූපත් අවට ප්‍රදේශයට සුනාමි අනතුරු සංඥා නිකුත් කර ඇත.3
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්හි නිරිත ප්‍රදේශයට ආසන්නයෙන් භූකම්පනය ඇතිවී ඇතැයි ද කියති.
භූකම්පනයෙන් ඇතිවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් පුවත් සේවා පවසයි. මෙම භූකම්පනය හේතුවෙන් ඉන්දියාවේ සුනාමි අනතුරු හැඟවීමක් නිකුත් කර නැතැයිද ඉන්දියාවට එයින් බලපෑමක් ඇති නොවන බවද ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
රිච්ටර් මාපකයේ 7.9ක භුකම්නයකදී ඉතා විශාල හානි සිදුවන බව කාලගුණ විද්‍යාඥයෝ කියති. ගොඩනැගිලි කඩා වැටීම ආදී දරුණු ප්‍රතිඵල හටගන්නා බවත් එය ප්‍රබල භූකම්පනයක් ලෙස හඳුන්වන බවත් කියති.
මීට පෙර 2004 වසරේ දී සුමාත්‍රා වේ අචේ දූපතේ සිදුවූ රිච්ටර් මාපකයේ 9.1 ක අගයකින් යුත් භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් ඇතිවී ජීවිත විශාල ගණනක් අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බැටකවා හොඳටම ඇති. එහෙත් භූ කම්පනය සිදුව ඇති ප්‍රදේශයට අපි විවෘතයි වගේ. (බ)
අපේ අර සහෝදර වරුන්ට ඒකාබද්ධ කට්ටියටයි උද්ඝෝෂණයක් කරන්ඩ හොඳ අවස්ථාවක් ඔන්න. භූමිකම්පා නවත්වන්න කියලා බහිමු පාරට නැතිනම් ගහමු පොල්. (ර)