බලපිටිය උසාවිය ඉදිරිපිට අඟහරුවාදා (16) වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට යැවූ රසික චමින්ද කුමාර රියදුරා මින් මද වේලාවකට පෙර මිය ගිය බව පොලිසිය කියයි.
ඔහු මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ රියදුරාය.
2011 ඔක්තෝබර් 19 වැනිදා බෙන්තොට වරාහේන අවන්හලකදී එහි සේවකයකු වෙඩි තබා මරා දැමීයැයි කියන නඩුවේ තවත් සැකකරුවකු වූයේ එම රියදුරාය.
වෙඩි වැදී එතැනම මියගිය පියරත්න තවත් සැකකරුවෙකි. සුමිත්ත හිමිද එහි සැකකරුවෙකි. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සෙවීමට පොලිසියේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිත! (නි)
නීතියේ ආධිපත්‍ය පිරිහෙන විට මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නෙවි. (රේ)
ඔය මීනි මරා ගැනිල්ල කවදා ඉවර වෙයිද?(හේ)
බලපිටියෙන් ඇඹිලිපිටියට බෝවෙන්න කලින් මේ පාතාලය මර්දනය කළොත් තමා යහපාලනය සාර්ථක වෙන්නේ. (බ)
හොඳ මිනිස්සු කාටවත් කරදරයක් වුනේ නැහැ නේ. ඉතින් මොකෝ වැරදි කරුවන්ට දඬුවම් ලැබිල තියෙන්නේ. (බ)