පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියයි.
අලි ඇතුන් ගහණ මහ වනයේ තිබෙන සිය කුටිවලට මෙම සාමණේරවරුන් වැඩම කළේ පෙරදින පෙරවරු 11 ට පමණය.
ඉන්පසු උන්වහන්සේලා ගැන කිසිඳු තොරතුරක් නොලැබීම නිසා යුධ හමුදාව,පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා ප‍්‍රදේශවාසීන් එක්ව ඔවුන් සොයා වනය පීරා ඇත.
ඡායාරූප - නිමල් ජයරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාබාල සාමණේර හිමිවරුන් අලි ඇතුන් ගහණ මහ වනයක රිංගවා ලබා දීමට යන විමුක්තිය කුමක්ද? බුදු දහමට සම්පූර්ණයෙන් පටහැනිය. පිරිසක් සුපිරි ලෞකික සම්පත් විදිමින් මේවාට නිහඞව සිටීම පුදුම සහගතය. අනෙක් රටවල කුඩා සාමණේර හිමිවරුන් වනගත වන්නේ වැඩිහිටි හිමිවරු සමගිනි.(ම)
සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් මහන වී ඇත්නම් එය සසරේ කෙනෙකුට කරගත හැකි ඉතාමත් කුසලානිසන්සයකි. සාසනයට තම දරුවෙක් දන්දීමෙන් දෙමව්පියන්ද ගෙවා නිම කළ නොහැකි පුණ්‍ය ක්‍රියාවකි සිදු කරගනු ලබයි. (ම)
ඉතින් කොහෙද උන් වහන්සේලා වැඩලා තියෙන්නේ මෙච්චර වෙලාවක් ? (බ)
පොඩි හාමුදුරුවරුන්ට ගෙදර මතක්වෙලා වාගේ (ම)
ඉස්සර විදියට දුවපැන යන එක මතකද තහනම් කරපු දිනේ..... සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ.... පරිසරයට ආදරේ නිසා නොදැනීම කැළයට යැවෙන්න ඇති. සුපිරි අසපු වලට වඩා මේ වගේ තැන් හොඳයි. බලන්න සාමණේර හිමිවරුන්ට සතා සිව්පාවගෙන්වත් කරදරයක් වුණේ නැහැ (නි)
පව් අනේ... (ර)
ඇත්තටම මේ දරුවෝ සිය කැමැත්තෙන් මහණ වූ අයද ? (ම)