‘මේ රටේ සෑම කෙනකුටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. තමන් ඇමැති කෙනෙක් වුනත් සාමාන්‍ය පුරවැසියෙකු වුනත් තමන් වරදක් කරලා තියෙනවනම් නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ නිසා ඒ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදෙනවා අපි පක්ෂයක් ආණ්ඩුවක් හැටියට‘ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් අද (23) මතුගම දී පැවසීය.
‘කෝප් වාර්තාව හදලා ඉදිරිපත් කිරිමේ නිදහස ලබාදීලා තියෙනවා. කෝප් වාර්තාව අනුව කටයුතු කරන්න අධිකරණ ස්වාධිනත්වය හදලා දීලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනකුගේ වරදක් තියෙනවානම් ඒ විදිහට නීතියේ ප්‍රතිපාදන තියෙනවා එයාලයට දඩුවම් ලබාදෙන්න‘ යැයි ද එජාප මහ ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වාදීන් පමණක් සිරගත වෙන්නේ සේමටම එකම නීතියක් නිසා වෙන්න ඕනේ. (ම)
කෝප් කමිටුවට ඉඩ තියනවද? හොරු එක්ක නිදාගන්නේ කවුද? මේ ඔක්කොම බලාගන්න පුළුවන් මහා බැංකු වංචාව ඇතුළත් කෝප් කමිටු වාර්තාව ආවහම! (නි)
ක්ලබ් එකේ සිද්ධිය දැන් අමතක වෙලා. (බ)
අර ක්ලබ් එකේ සිද්ධියත් ඔයගමන්ම හොයලා බලනවද (නි)
එහෙනම් දේශපාලන බලවතුනුත් හිරගෙට යාවිද? (නි)
ඇයි එහෙනම් කෝප් කමිටුවේදී ප්‍රශ්න ඇතිවෙන්නේ? (නි)
ඒ වැඩේ නම් හොඳයි. හැබැයි දේශපාලකයන් ඇරෙන්න අනෙක් සියලුම ජනතාව බලාගෙන ඉන්නවා එය සැබෑ වෙනතුරු
අපට තිබෙන ගැටළුව සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන්නේ කවුරුන්ද යන්නයි. මේ වගේ දේශපාලකයන් ඉන්න රටක ජනතාව මොනතරම් වාසනාවන්තද? (නි)
සිකුරිටි, කම්කරු, වෑල්ඩින්, උපාධි රැකියා හිතුමතේ තමන්ගේ පාක්ෂිකයන්ට පමණක් බෙදලා දෙන අයට අදාළ නැහැ නේද? (නි)
ඕක ඔය වචනයට විතරක් සීමාවුණ දෙයක්නේ. ඕක අදාළත් පොඩි මිනිහට විතරයි. රටේ ප්‍රධානියෝ සහ එයාලගේ කිට්ටුවන්තයන්ට ඕවා අදාළ නැහැ. (නි)
කටින් නම් යහපාලනය බේරෙනවා. දැන්වත් ඔය කතා නවත්තලා වැඩක් කළොත් හොඳයි. නැත්නම් මහජනතාව මෙවර කෙසේ හැසිරෙයිද කියන්න බැහැ (නි)
සේරම කටින් විතරයි. ක්‍රියාව බින්දුවයි. නීතිය අකුරට ක්‍රියාත්මක වෙන්නේ විරුද්ධ අදහස් දරන අයට පමණද? (නි)
අනේ ඇමතිතුමනි, කවුද ඉතින් මේක හංගන්න හදන්නේ?
සැමටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා අප පාලකයින්ට කියන්න ඕන දේ දැන් පාලකයෝ අපට කියනවා. අප මොනවා කරන්නද. (හේ)
නීතිය හැමටම එකනම් කොහොමද හිරකූඩුවේ ලගින්න ඕනේ අය ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවල ඇඳන් උඩ ලගින්නේ. ලස්සන කරලා කීවට ඕවා වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ (බ)