
(මහින්ද නිශ්ශංක)
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී ඊයේ මැදියම් රාත්‍රීයේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විණි. මේ අවස්ථාවට මීසම භාර චාමින්ද රෝෂන් පියතුමාද සහභාගි විය.
මැක්ස්වල්ඩ් ද සිල්වා කොළඹ සහයක රදගුරුතුමා සහභාගිවන වූ නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දූනගහ බටේපොල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.
නත්තල් උදාවත් සමග දිවයිනේ සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැති අතර එම දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් දහස් ගණනින් සහභාගි වූහ.
නත්තල් උත්සවය නිමිත්තෙන් අද බොහෝ ස්ථානවල කැරොල් ගායනා , අසරණ පවුල් සදහා දාන මාන පිරිනැමීම, ලේ පරිත්‍යාග කිමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වා ර් තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd