කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි ‘සමිට්‘ මහල් නිවාස සංකීර්ණය වෙනුවට එම ස්ථානයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට කුලී පදනම මත නිවාස ලබාදීම සඳහා මෙම මහල් නිවාස සංකීර්ණය අලුතින් ඉදිකරන බව ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයිද රජයේ හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය සිදුකිරීමට නියමිත බවද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වසර ගණනාවකට පෙර සැලසුම් කළ දෙයක්. හැමෝම අලුත් දෙයක් විදියට අඬ බෙර ගහලා පටන් ගන්නවා. එච්චරම තමා (බ)
කෝටිගණන් මාසික කුලී ගෙවා ගෙවා ඉන්නවට වැඩිය ඔතන රජයේ කාර්යාල හෝ අමාත්‍යංශ පවත්වාගෙන යන්න ගොඩනැගිලි සංකීර්ණයක් හැදුවොත් නේද රටට ප්‍රයෝජනවත් වෙන්නේ. (බ)