සමාජ යහපත වෙනුවෙන් විශාල වගකීමක් ඇති සමාජසේවා දෙපාර්තමේන්තුව 2011 වසරේ සිට ක්‍රමානුකූලව වැසීයන තත්වයට පත්කර ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
සමාජසේවා දෙපාර්තමේන්තුව නැවත සක්‍රියකර ගැනීම සඳහා සමාජසේවා නිලධාරි තනතුර නැවත ඇති කළයුතු බව පවසන ඇමතිවරයා ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට කරුණු දක්වන බවද සඳහන් කළේ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් හා අද (20) පැවැති සාකච්ඡාවකදීය.
‘අපේ රටේ ලක්ෂ 25 ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඉන්නවා. ආබාධ සහිත අය 18 ලක්ෂයක් ඉන්නවා. ලක්ෂ 6ක් පමණ දෙනා විවිධ මානසික රෝගින් වෙලා. තවත් අය විවිධ කාරණා නිසා සමාජයේ අසරණ භාවයට පත් වෙමින් ඉන්නවා. මේ අය ගැන සොයා බලන්න, ඔවුන්ගේ ආර්ථික හා සමාජයීය වගකීම් වලට සහාය දෙන්න ඉන්නේ සමාජ සේවා නිලධාරීන්. ඒත් මේ තරම් විශාල වගකීමක් ඉටුකළ යුතු සමාජසේවා දෙපාර්තමේන්තුව අහෝසිවන තැනට 2011 වසරේ සිට කටයුතු සිදුවෙලා තියෙන්නේ. මේ තත්වය ඉදිරියටත් පැවතෙන්න දුන්නොත් ඒක මහා සමාජ ව්‍යසනයක් වෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා සමාජ සේවා නිලධාරි තනතුර නැවත ඇතිකිරීම සඳහා මම කටයුතු කරනවා‘ යැයි ඇමැතිවරයා එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු තව මාස 6 කින් සුර ලොවක් මවයි! ජ්‍යෙෂ්ඨ සුඛිත මුදිත වෙයි! කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස! (බ)
එදා සමාජ සේවා නිලධාරීන් රටට කළ සේවයක් තිබේද? (නි)