පසුගිය සෙනසුරාදා අලුයම කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජය ශාලවක දී ජනපති පුත් දහම් සිරිසේන හා ජනාධිපති ආරක්ෂකයන් ගැටුමක් ඇතිකරගත් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි වැඩබලන ජනමාධ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා අද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට ඔය නයිට් ක්ලබ් එක ජනාධිපති මැදුරට ආවා වෙන්න බැරිද? මහින්ද තමයි ඕක එහෙ ගෙනිහින් ඇත්තේ. (නි)
පරීක්ෂණය ගෙදරදීම කරගන්ට පුළුවන් නේද? (බ)
හොරාගේ අම්මගෙන් පේන ඇසීම (බ)
ඔය පරීක්ෂණයේ අවසන් ප්‍රතිපලය ඔහු නිදොස්කොට නිදහස් කිරීමය .(බ)
පොලිසිය කියයි ද දහම් මේකට සම්බන්දයි කියල කීයටවත් ? (අ)
ඊට පස්සේ මොකද දන්නේ නෑ වෙන්නේ? (අ)
එක සත්‍ය නම් ඔබතුම පියෙක් විදියට ගන්න පියවර කුමක්ද ? මීට අව්රුදු 2 ට පමණ කලින් ඔබ තුමා නාමල්ලාව දැඩිලෙස විවේචනය කළා මතකය (අ)
ඒ කියන්නේ සිද්ධිය ජනමාධ්‍ය වලින් හෙළි කිරීම ගැන. නියම යහපාලනය. (අ)
නිගමනය පැහැදිලියි. එහෙම සිදුවීමක් වුණේ නෑ (අ)
නිකන් බොරුවට මහජන මුදල් නාස්ති කරනවා. (ර)
ඒ ආරක්ෂකයා මල් පෝච්චියක් අරගෙන තමාගේම ඔලුවට ගහ ගත්තා. (ර)
"පුර්ණ පරීක්ෂණයෙන්" පසු නිගමනය :- "දහම් පුතා සිද්දිය සිදුවන අවස්ථාවේ එතන සිට නැත".ස්තුතියි. (අ)
දැන්ද පත්තරේ බලලා තියෙන්නේ (බ)
අපිට ඕක ප්‍රශ්නයක් නෙවේ. මහජන මුදල් සතයක්වත් මේ පරීක්ෂණ වලට වියදම් කරන්න එපා. කරන පරීක්ෂණයක් තමාගේ සල්ලි වලින් කරන්න. රටේ දැවෙන ප්‍රශ්න මෙච්චර තියෙද්දී මොනවද මේ කරන විකාර වැඩ. (බ)
කොල්ලෝ ඉතින් ගහගන්න එක සාමාන්‍ය දෙයක් නේ (අ)
පත්තරෙන් තමයි දකින්න ඇත්තේ මේකත්. (බ)
වාර්තාවේ ප්‍රතිඵලය නම් දැන් වුණත් අපිට කියන්න පුළුවන් (බ)
අර ඔස්ට්‍රේලියාවේ පත්තරේක තිබුන අපේ ජනාදිපතිතුමාගේ අල්ලස් කේස් පරීක්ෂණයට මොකද වුනේ ?නෑ, මම මේ නිකමට ඇහුවේ. (අ)
පරීක්ෂණ කරන්න තාම හොයා ගෙන යනවානේ (ම)
තවත් මුදල් නාස්තියක් . වාර්තාවේ තියෙන්න යන දේ අපිට දැන්ම කියන්න පුළුවන්. (ර)
ඔබගේ දරුවෝ ඇයි නයිට් ක්ලබ්වලට යන්නේ. (බ)
පහුගිය ටිකේ මෙතුමගේ කටිනුත් දේශප්‍රේමී කතා ටිකක් වැඩිපුර ඇහෙනකොට හිතුන මොකක්හරි මගඩියක් තමයි කියල. (බ)
නැගෙනහිර වෙරළේදී සිදුවීමක් වුනාමත් මාධ්‍ය වෙත චෝදනා කළා. ඕස්ට්‍රේලියාවේ පත්තරේටත් නඩු දානවා. ඉතින් මේ වැඩේටත් මාධ්‍ය තමයි වැරදි. (බ)
යහපාලනයට මොකද මේ වෙන්න යන්නේ (බ)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කිව්වාලු. ! (බ)
දහම් පුතා ඇල් වතුරත් නිවලයි බොන්නේ (බ)
කොහොමද ඉස්සර හිටියේ ..දැන් කොහොමද සමහර විට කියයි සිසීටීවී පැහැදිලි නෑ කියල (බ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
පුතා වුණත් වැරැද්දක් කළා නම් දඬුවම් දෙන කෙනෙක් අපේ ජනාධිපතිතුමා. (නි)
වැලිතලපවල වැලිත් නැතිලු.... ගල්බනිස්වල ගලුත් නැතිලු..... මාළුපාන්වල මාළුත් නැතිලු.... මේ කතා මට මේ වෙලාවේ මතක්වෙන්නේ ඇයි දන්නෙ නැහැ (නි)
යහපාලන නාටකයේත් තිබෙන්නේ කලින් පාලනයේ තිබුන පිටපතම තමා. වෙනසකට තිබෙන්නේ රඟපාන නළුවන් කිහිපදෙනෙකු වෙනස්වීම (නි)
එළාර රජු නම් තමාගේ පුතාට වුණත් දඬුවම් කළා (නි)
මට නම් පෙනෙන්නේ "හොරාගේ අම්මාගෙන් පේන අහන්න හදනවද"කියලයි. අනුන්ගේ දරුවන්ට ගහලා හදාගන්න කියපු ඔබතුමා ඇයි මෙහෙම දේවල් වෙන්න දෙන්නේ? (නි)
ඒ කන්දත් අපේ තමා ' මේ කන්දත් අපේ තමා .. (හේ)
මේක එදාම කරන්න තිබුණ වැඩක්නේ (නි)
ඉස්සර හිටපු ජනාධිපතිවරයාගේ පුත්තු මෙවැනි දේවල් වලට මාට්ටු උනා නම්, දරුවෝ මෙලාකටත් සුදු හුණු ගාල සුද්ද කරලා ඉවරයි.මෙවැනි පරීක්ෂණ ඉල්ලන කෙනෙක් නොවෙයි හිටපු එක්කෙනා (ම)
ආයෙත් අර මාලක සිල්වාගේ කතාව වගේ කතා අහන්න ලැබෙයිද මන්දා (නි)