පොල් වැවීම සඳහා දෙමටගොඩ ඩබිලිව් ජී වික්‍රමසේන මහතාට අක්කර පහක් විකිණිමට පොරොන්දු වී රුපියල් විසිනව ලක්ෂයක් වංචා කළැයි කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ ග්‍රීන්ඩ් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂ සමන් රත්නායකට එරෙහි තවත් පැමිණි ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේය.
සමන් රත්නායක පොල් වගාවට ඉඩම් විකිණිමට පැමිණිලි කරුවන් සමග ගිවිසුම් වලට එළැඹි සිටින බවත් ජනාධිපති විමර්ශන ඒකකයේ පෙත්සමක් අනුව එම ගනුදෙනු අධිකරණයෙන් අත්හිටුවා ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීවේදීයා පැවසීය.
සැකකරුට එරෙහි වෙනත් නඩුවකින් ඇප ලැබුණද මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහු යළි රිමාන්ඩ් භාරයට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ ලංකාවේ දැන් එන්න එන්නම ගසාකෑම්, වැඩි වෙලා තියෙන්නේ (දී)
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ලෝකයෝ.(නදී)
ඔය වගේ තේක්ක ඉඩම් ජාවාරමකුත් සරුවට තවමත් කරගෙන යනවා මිනිසුනේ පරිස්සමෙන්.(දිල්)