විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහජනයා හා වෘත්තීය සමිති මතු කරන්නට යන විරෝධයේදී අදාළ පාර්ශ්ව නීතිය අනුව ක්‍රියා කළ යුතු බවත් කතා කිරීමේ හා රැස්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අනුල්ලංඝණීය අයිතිය සුරැකිය යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.
ලබන 21 වැනිදා මහජන සංවිධාන හා වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසේ.
විදුලි බිල වැඩිකිරීමේ ප්‍රශ්නය මහජන වැදගත් කමක් ඇති කාරණයක් හෙයින් ඒ ගැන සාමකාමීව අදහස් දැක්වීම මහජනයා සතු අයිතියක් බවත්, එම අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර ඇති බවත්, එහෙයින් එවැනි අයිතිවාසිකම් භුක්ති විඳීමට ඉඩදී සියලුදෙනාම නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් නීතීඥ සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමකාමී වර්ජනයට ඉඩ දෙන්න
සිරා Sunday, 19 May 2013 07:09 PM
මේ නීති සංගම් පිළිගන්න බෑ. මේවා නියම නීති සංගම් නෙමේ. මේ දේශපාලන වාසි ගන්න කුමන්ත්‍රරණ කරලා වැදගත් අය පැත්තකට විසි කරලා අරක්කු විසික් කරලා පොලම්බෝලා හදා ගත්තු සංගම්. මුන් හරියට ඉඳලා වැඩ කරලා ඕනා රටේ අයිති වාසිකම් මිනිස්සුන්ට ලබලා දෙන්න. මේ පල් හොරු ඔක්කොම ටයි කෝට් අන්දලා වැදගත් වෙන්න හැදුවට.(නදී)
ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 07:09 PM
ඒක ඇත්ත අද මිනිසුන්ට ජීවත් වෙන්න නිදහස් රටක් තියනවා නමුත් යම් කොටසක් මිනිසුන්ගේ අයිතිවාසිකම් මහජන දේපල තමන්ට ඕන විදිහට භුක්ති විදිනවා. බර මහජනතාවටම පටවනවා. එක නිවරැදි කල යුතුයි.(නදී)
බණ්ඩාර Monday, 20 May 2013 06:07 AM
විදුලි බිලට සහනයක් මා සතුය. එකක 60 අඩුවෙන් පවත්වා ගන්න හැටි මම කියලා දෙන්නම්. මා අමතන්න (නි)
අබේ Monday, 20 May 2013 07:52 AM
නදී,, ඔබ මොනවද මේ කියන්නේ? තමන්ගේ අදහස් ඉටු නොවුණ නිසා විකාර ද්වේශයෙන් කියන ඔබ බඩු මිල වැඩි කරනවට පක්ෂ කණ්ඩායමේද? (නි)
නෙතුමි Sunday, 19 May 2013 08:06 PM
ජීවිත හානි නොකරගෙන විදුලිබිලත් අඩු කරගන්න පුලුවන්නම් වටිනවා. ඒත් මෙහෙමෙ වර්ජනයක් කරනවා කියලා දැන් මාසෙක විතර ඉඳන් කියනවා. එත් එකට ආණ්ඩුවේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිපලයක් තිබුනොත් හොඳයි.(නදී)
බුද්දි Sunday, 19 May 2013 08:08 PM
නීති සංගමයට කොන්දක් ඇති බව පැහැදිලියි. මෙතැන වැදගත් වෙන්නේ කවුද හරි කියන එක නෙමෙයි. මොකද්ද හරි කියන එකයි.(නදී)
සේරම් පැරිස් Sunday, 19 May 2013 08:16 PM
අද සිටින නීති සංගම් සහ බොහෝ නිත්ඥයන් මුදල් වෙනුවෙන් තම පටු දේසපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම පහත් කතා පහත වැඩ කිරීමට ලැහැස්තියි.(නදී)
බිහිරා Monday, 20 May 2013 08:49 AM
මී රටේ වැඩි ජනතාවක් විදුලි බිල වැඩි කලාට පක්සයි. රටට අදායම ඕනනේ. අපිට බදු මිල ප්‍රශ්නයක් නෑ. (ස)
රේකා Monday, 20 May 2013 09:27 AM
දොස් කිනවට වඩා මහා ජනතාවත් වර්ජනයට එකතු උනොත් ජය ගන්න පුළුවන් .කොහෙද ඉතින් බාගෙට බාගයක් ලංකාවේ ඉන්නේ කම්මැලියෝ නේ. (ස)
සම්පත් Monday, 20 May 2013 09:52 AM
මේ වගේ අය සල්ලි වලට ඕනෑම දෙයක් කියාවි, කරාවි.(ස)
මහේෂ් Sunday, 19 May 2013 10:32 PM
කාගෙන්වත් ඉල්ලීම් කරන්න ඕන නැ, මේවා අපේ අයිතිවාසිකම්. අපේ ඉල්ලීම් අපට දිනාගන්න ප්‍රජාතන්තවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත.(නදී)
හේරත් Sunday, 19 May 2013 10:47 PM
මට ඕනේ නඩු. නඩු තියෙනවා නම් ලයිට් තිබුනත් එකයි. නැතත් එකයි.(නදී)
චතුල වෙරෝනා Sunday, 19 May 2013 11:45 PM
හේරත් සිරා සහ සේරම් තමයි දවසේ නිවැරදිම අදහස් ඉදිරිපත් කරලා තියෙන්නෙ (නි)