සිව් අවුරුදු සම සෞඛ්‍ය විද්‍යා උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව සති කිහිපයක් තිස්සේ කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට සම සෞඛ්‍ය උපාධි අපේක්ෂකයන් පවත්වන අඛණ්ඩ උපවාසයට සහය දක්වන බව ගුරු සංගම් නායකයෝ කියති.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහත්වරුන් කියනුයේ හැකි ඉක්මණින් මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සනීපාරක්ෂක කම්කරුවන් අවුරුදු පහක උපාධියක් ඉල්ලුවොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක වැරදි විධියට පඩි වැඩි කරන උත්සාහයක්. (නදී)
ලෝකයේ කිසිම රටක් අනිත් රටවල් වල සෞක්‍ය වෘතිකයින් පිළිගන්නේ නැහැ. ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, හොංකොං ඇතුළු රටවල් කිහිපයක උපධිධාරින් ඇරුනම අනික් සෑම රටකම උපාධිධාරීන්ට බටහිර රටවල වැඩ කරන්න ඔවුන්ගේ රටේ විශේෂ පාඨමාලා සහ කඩ ඉම් විභාග ලියා සමත්වීම අවශ්‍ය වෙනවා. මේ සියල්ලටම කලින් මෙම පාඨමාලාව ඒ ඒ රටේ වෛද්‍ය සභා මගින් පිළිගන්න නම් ඔවුන් සළකා බලන්නේ පාඨමලාවේ කාලය නොව එහි විෂය සංයුතියයි. දැන් ලෝකේ මොන රටේද මේ පාඨමාලාව අවරුදු 4ක් කලොත් පිලිගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ? බලන්න අපේ රටේ හෙදියෝ ලෝකේ හැම රටකම වැඩ කරනවා ඔවුන්ට තියෙන්නේ වසර 3 ක ඩිප්ලෝමාවක් විතරයි. පුළුවන් ඉක්මනට උපාදිය අරගන්නේ නැතුව තව අවුරුද්දක් කාලය දික්කරගෙන කරන්න යන දේ වටහා ගැනීමට අපහසුයි.(නදී)
මම නම් කියන්නේ මෙතන තියෙන්නේ තනිකරම ඉරිසියාව. දොස්තරලට රටයන්න හොඳනම් නර්ස්ලට රට යන්න හොඳ නැත්තේ කොහොමද ? උගත්කමට වටිනාකමක් දෙන්න මෙතරම් කල්මරන්නේ හිතේ තියෙන ඉරිසියාව මිසක් වෙන මොකක්ද ? (නදී)
මෝඩ තර්ක දාන්න එපා අභය. කම්කරුවෝ උපාදිය ඉල්ලන්නේ මොන රටේද ? කම්කරු උපාධිය තියෙන්නේ මොන රටේද ? ලංකාවේ හැර බොහෝ රටවල නර්ස්ලට උපාදිය තියෙනවා. එම නිසා ලංකාවේ නර්ස්ලට විදේශ රටවල රැකියා අවස්ථා නෑ. නර්ස්ල රට යනවා නම් තව රැකියා නැතුව ළමයි කොපමණ ඉන්නවද පුහුනුකරලා රටට විනිමය හොයාගන්න බැරිද ? (නදී)
අද කාලේ නර්ස්ලා කරන්නේ සාත්තු සේවය නෙමේ. අද නර්සින් කරන්නේ සුළු සේවකයෝ. නර්ස්ලා බලන්නේ දොස්තරලාට සමාන වෙන්නේ කොහොමද කියලා. ඔලුව උදුම්මා ගත්ත වෘතිය සමිති කාරයෝ බලන්නේ කටුස්සගේ ඇගේ කොහොම හරි රත්‍රන් බලෙන් බන්ඳවා ගන්න.(නදී)
සුජීව, මොකද මේ අයට පමණක් පිටරට යන්න හොඳ නැහැ කියන්නේ. එහෙමනම් කම්කරු, ගෘහ සේවිකාවන්ටත් පිටරට යන්න තහනම්ද? එම අයත් මෙම රටේ නිදහස් අධයාපනය ලැබූ අය නේද? ලංකාවෙන් පිට රට ගොස් ඉන්න අයගෙන් නේද වැඩිපුරම විදේශීය අදායම් ගෙනෙන්නේ? එසේනම් නර්ස්ල ටිකත් පිටරට ගොස් මොනව හරි කරලා එම අයටත් මුදල් ටිකක් සොයා ගත්තම මොකද වැරැද්ද? (නදී)
මහා බැංකු ලේඛන අරගෙන බලන්න වැඩිපුර මුදල් එවන්නේ ඉගෙන ගනිපු අයද නැත්නම් ගෘහසේවිකවන්ද කියල. http://qsum.org/ වෙබ් අඩවියට ගිහින් බලන්න මොරටුව විශ්වවිද්‍යාලයේ සියයට කීයක් ඔස්ට්‍ර්ලියාවේ සහ එංගලන්තේ ඉන්නවද කියල. හොයල බලන්න එක එක රටවල වාර්ශික සම්ප්‍රේෂණය කොපමණද කියල www.sbsl.lk වලට ගිහින් මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ඩව්න්ලෝඩ් කරගෙන.
මම දන්නා විදිහට මේ ප්‍රශ්නේ ඇති කලේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතිය. පාඨමලාවේ කාලය තේරුම් ගන්නේ නැතුව දික් කරගෙන සෞඛ්‍ය සේවයේ වෙන වෘතීන්ට බලෙන් සමානව පඩි ලබාගන්න වෙන සාදාරන ක්‍රමයක් නැති නිසා ඒවා ගැන දන්නේ නැති පොඩි දෙයටත් වීරයෝ වගේ ඉස්සරහට පැනල එන ළමයිව මේ ප්‍රශේන්ට පැටලුවා. කලින් අවුරුදු දෙකක් තිබ්බ පාඨමාලාව නර්ස්ලට සමාන කර ගන්න අවුරුදු 3ක් කලා. ඊට පස්සේ අවුරුදු 4 ක් කරන්න ඉල්ලනවා. කවුද කැමති වැඩිපුර කාලයක් කැම්පස් එකේ ඉන්න. ඔය උපවාස කරන ළමයින්ගෙන් අහලා බැලුවොත් කීදෙනෙක් දන්නවා ඇතිද ඔය හේතු.(නදී)
කෝසල මේක ගැන මුකුත් දන්නෙ නෑ. මුලින්ම මේ පාඨමාලාව පටන්ගත්තේ අවුරුදු හතරක් විදියට. සම සෞක්‍ය උපාධිය ඇතුලෙ හෙද උපාධියත් තියනවා. කෙනෙක් යමක් ඉගනගත්තොත් ඒකට හරියන වැටුපක් ගෙවන්න ඕනා. වෙන දියුනු රටවල මේ උපාධිය අවුරුදු හතරක්. අපෙ රටට විතරක් වෙනසක් කරන්නෙ ඇයි.....? (නදී)
මෙම දරුවනට වසරහතරක පාඨමාලාවක ලබාදීමට ඉරිසියා කරන්නේ මොකද ? එලෙස සකසා දීම රජයේ යුතුකමක්. වසර හතරක පාඨමාලාවක් උපාදියක් වන නිසා පහසුවෙන් විදේස රටකට ගොස් රටට විදේස විනිමය ගෙනඒමට පුළුවනි. වසර තුනක පාඨමාලාවන් විදේශ රටවල් ගණන් ගන්නේ නැහැ. (දී)
මධුර ඔබ හරි කෝසල දන්නෙම නැහැ මේක ගැන. මමත් විකිරණ ශිල්පියෙක්. අපේ කාලෙ තිබුනේ අවරුදු දෙකයි. මේක අවු 4 කරලා ඉතාම හොද වටිනා ලෝකය පිළිගත් උපාධියක් පිරිනමන වැඩේ ඇත්තටම අගයන්න ඕනේ. දැන් ඩිප්ලෝම ගණන් ගන්නේ නැහැ. ලෝකය දියුණුයි. අවු 3 කට සීමා කරන්න කියන්නේ අවු 4ට , විරුද්ධ වෙන්නේ නිලධාරී වාදයෙන් ඔලුව උදුම්මගත්ත දොස්තරලගේ සංගමය. හේතුව එයාලට වඩා අඩු එකේ අවුරුද්දයි. අනෙක පඩි ප්‍රශ්නය. අමු මෝඩ අදහස්නේ මේවා. රටට අවශ්‍ය උගතුන්. ලෝකය දෙස ඇස් ඇරලා විවුර්ත මනසකින් මේ දෙස බැලිය යුතුයි. දැන් ලෝකේ හැමතැනකම ඉල්ලන්නේ බි.එස්.සි. එම.එස්.සි. වගේ උපාධි. මෛත්‍රීපාල ඇමති තුමනි මෝඩ දොස්තරලට යට නොවී ඉක්මනට මේ ප්‍රශ්නය විසදන්න. (දී)
සම්පුර්ණ ඇත්ත විමල්. මේ අයටත් උවමණා රටින් පනින්න. නර්ස්ල ටිකටත් උපාදි ටිකක් දීල රටින් යවාගත්තහම සම සෞඛ්‍ය කෙසේ වෙතත් අපේ සෞඛ්‍ය නම් ඉවරයි. අපේ බදු සල්ලිවලට ඉගෙනගන්න කිසිම කෙනෙකුට රටින් යන්න දෙන්න නරකයි.