පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් 12 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (13) නියෝග කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හින්දු කෝවිලේ පුජාවකට සහභාගී වී එමින් සිටි සිසුන්ට රාත්‍රියේ මගරැක පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සිසුන් රිමාන්ඩ් භාරයේ සිටි අතර ඔවුනට ඇප දෙමින් මහේස්ත්‍රාත් කියා සිටියේ ජාතිවාදී ආගම්වාදී ලෙස කටයුතු නොකරන ලෙසටයි.
කේ.එම්.ඒ.චන්දන, එන්.ටී.විජේසිංහ, ඩබ්ලිව්.ටී.වී.රංගන, ටී.සී.එච්.ටී. ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඒ.කේ.ෂෙහාන්, ඒ.එම්.එස්. මධුසංක, එම්.ජී.ටී.ආර්. ලක්මාල්, සී.එම්.සෙනෙවිරත්න, ජේ.පී.ඩී.එල්.පී. ලක්ෂිත, ජී.එස්.එල්.සිල්වා, ආර්.ඒ.එස්.එස්.රණවීර සහ ටී.ජී.ආර්.එම්.එස්.ටී.එස්.රත්නායක යන සිසුන් එසේ ඇප මත නිදහස් කරනු ලැබූහ.
අයුතු ජනරාශිය, සිසුන් පිරිසකට පහර දීම යන චෝදනා මත එම සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ශික්ෂණයක් නැති ගොන් හරක් තමා ඔයවගේ පීට වල ඉන්නේ ඒ ලෙවෙල් බාගෙට පාස් වෙලා දොස්තරලා වගේම වෙන්න දගලන බාග. නිදහස් අධ්‍යාපනය කියන්නේ ගැමි අදහස් තියෙන කිසිම නිෂ්පදනීයත්වයක් නැති ශරීර වලට අනෙකා පරයමින් උඩට යන්න තියන ඉනිමං වගේ. මේ ගැමියෝ මේවට එන නිසා කිසිම බුද්ධිමය කතිකාවක් විශ්වවිද්‍යාල වල වෙන්නේ නැහැ. (අ)