සම සෞඛ්‍ය වෛද්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින පරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවසර දෙන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.
ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා මෙම ඉල්ලීම කැර තිබිණි. ඒ මහතා කියා සිටියේ බස්නැවතුම ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය මහජනතාවට පීඩාකාරී බවයි. ඒ බව සනාථ කිරීමට ගාල්ල මහා නගර සභාවෙන් ලබා ගත් ලිපියක් ද ඉදිරිපත් කැර තිබිණි.
අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ සාමකාමී උපවාසයකින් මහජනතාවට පීඩාවක් ඇති නොවන බවයි. උපවාසයේ යෙදී විරෝධයක් දැක්වීමට මහජනතාවට අයිතියක් ඇති බව ද මහේස්ත්‍රාත් වරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සම සෞඛ්‍ය උපවාසය : නවත්තන්න කළ ඉල්ලීම ඉවතට
හේමපාල රමස්න්ග්හේ Thursday, 09 January 2014 10:05 AM
අදිකරණයේ හොඳ තීරණයක්. ඔහොම යමු (දී)
සනත් Thursday, 09 January 2014 11:10 AM
නිතිය වල් වදින යුගයක මහේස්ත්‍රාත් තුමනි ඔබ දුන් තීන්දුව අති විශිෂ්ටයි (දී)
අයෙෂ් Thursday, 09 January 2014 12:16 PM
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතාට අපි සුභපතනවා (දී)
අතුල ගුණසිරි Wednesday, 08 January 2014 10:01 PM
සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන ශිෂ්‍ය අරගලයට සහය දක්වන ඔබ සැමට ස්තුතියි.(නදී)
යසොදා Thursday, 09 January 2014 12:44 PM
පොඩ්ඩක් හිතන්න ලංකාවේ හැමදාම මොකාක් හරි ප්‍රශ්නයක්. මිනිස්සු හරිම වියරුවෙන් ඉන්නේ (දී)
පෙලීකෝ Wednesday, 08 January 2014 10:11 PM
මෙන්න මෙහෙම තමයි හරි තීරණ දෙන්න ඔනේ.(නදී)