සම සෞඛ්‍ය වෛද්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්වෙන අඛණ්ඩ උපවාසයේ යෙදී සිටින පරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවසර දෙන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය.
ගාල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා මෙම ඉල්ලීම කැර තිබිණි. ඒ මහතා කියා සිටියේ බස්නැවතුම ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය මහජනතාවට පීඩාකාරී බවයි. ඒ බව සනාථ කිරීමට ගාල්ල මහා නගර සභාවෙන් ලබා ගත් ලිපියක් ද ඉදිරිපත් කැර තිබිණි.
අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරයා කියා සිටියේ සාමකාමී උපවාසයකින් මහජනතාවට පීඩාවක් ඇති නොවන බවයි. උපවාසයේ යෙදී විරෝධයක් දැක්වීමට මහජනතාවට අයිතියක් ඇති බව ද මහේස්ත්‍රාත් වරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිකරණයේ හොඳ තීරණයක්. ඔහොම යමු (දී)
නිතිය වල් වදින යුගයක මහේස්ත්‍රාත් තුමනි ඔබ දුන් තීන්දුව අති විශිෂ්ටයි (දී)
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතාට අපි සුභපතනවා (දී)
සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කරන ශිෂ්‍ය අරගලයට සහය දක්වන ඔබ සැමට ස්තුතියි.(නදී)
පොඩ්ඩක් හිතන්න ලංකාවේ හැමදාම මොකාක් හරි ප්‍රශ්නයක්. මිනිස්සු හරිම වියරුවෙන් ඉන්නේ (දී)
මෙන්න මෙහෙම තමයි හරි තීරණ දෙන්න ඔනේ.(නදී)