IMG-LOGO

සමේ රෝග පතුරුවන මුහුදු ජීවියෙක් ගැන අන්තර්ජාලය හරහා පැතිරෙන ආරංචි බොරුලු

Jelly

 

 

ස්පර්ශයෙන් බෝවෙන සමේ රෝගයක් පතුරුවන “මුහුදු ජීවියෙක්” බහරේන මුහුදු තීරයෙන් සොයාගෙන ඇති බවට පැතිර යන ආරංචි සෞඛ්‍ය බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කරයි.


සිට්රා ප්‍රදේශයේදී හමුව ඇති මෙම “ජීවියා” සත්‍ය වශයෙන්ම ගිම්හානයේදී බහරේන වෙරළ තීරයට සංක්‍රමණය වන ජෙලිෆිෂ් විශේෂයක් බව පැවැසේ.
බහරේන වෙරළ තීරය තව දුරටත් ආරක්ෂාකාරී නොවන අතර කිහිප දෙනෙකු සම මත තුවාල සිදුව ඇති බවට සමාජජාල හරහා ආරංචි පැතිර ගියේ පසුගිය අඟහරුවාදා රාත්‍රියේදීය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතට අදහස් දක්වමින් සිට්රා හි ධීවරයෙක් පැවැසුවේ මෙම ළප මතුවීම ජෙලිෆිෂ් සතෙකුගේ දළ පහර වැදීම නිසා සිදුවන අතර එය කිසිසේත්ම භයානක හෝ බෝවෙන රෝගී තත්ත්වයක් නොවන බවයි.


අන්තර්ජාලය ඔස්සේ පැතිර යන ආරංචි ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර ඇත.


“බහරේන වෙරළ තීරයේදී දකින්නට ලැබෙන මුහුදු ජීවියෙකු නිසා පුද්ගලයන් පිරිසක් සමේ සහ රුධිර ආසාධනයන්ට ලක්වෙලා යනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යන වාර්තා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් ගල්ෆ් ඬේලි නිවුස් පුවත්පතට පවසා ඇත.


“එහෙත් වෙරළ තීර ආසන්නයේ ඇති කිසිම රෝහලකින් එවැනි රෝගී තත්ත්වයක් වාර්තා වී නැති බව අමාත්‍යාංශය තහවුරු කරගත්තා”


“මේක බොහෝම බරපතළ චෝදනාවක්. බහරේනය තුළ මෙවැනි බෝවෙන රෝගයක් පැතිර යනවා නම් ඒ පිළිබඳව ජනතාවට දැනුම් දීමට අමාත්‍යාංශය සතුව නිල ක්‍රමවේදයක් තිබෙනවා”


“අන්තර්ජාලය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීමට පෙර ඒ සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් කරගන්නා ලෙසට අපි පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ටත් දැඩිව අවධාරණය කරනවා” 

 



අදහස් (0)

සමේ රෝග පතුරුවන මුහුදු ජීවියෙක් ගැන අන්තර්ජාලය හරහා පැතිරෙන ආරංචි බොරුලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 81 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site