පවතිණ සීමා නිර්ණය කිරීමේ වාර්තාවේ අඩුපාඩු අගෝස්තුවේ අවසන් අවසන් කිරිමට නොහැකි බවත් විපක්ෂය කියන අයුරින් නිසි පරිදි සීමා නිර්ණය නොකර මැතිවරණයකට යා නොහැකි බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (21) මඩවලදි පැවැසිය.

රජය සැම විටම ජනවරම ආරක්ෂා කිරිමට බැදි සිටින බවත් වත්මන් රජයට කිසිදු අයුරකින් මැතිවරණය කල් දැමිමට අවශ්‍ය තාවයක් නොමැති බවත් ජන්දය කල්යැමේ හේතු නොදැන ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් අමාත්‍යවරයා පැවැසිය.