
(අංජුල මහික වීරරත්න)
පවතින ක්‍රමවේදයට ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අරඹා ඇති බව කී ජනාධිපතිවරයා එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බව අවධාරණය කළේය.
මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රට නව තලයකට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළෙහිදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා, කුඩා ආණ්ඩු වලට සහ එක් එක් බල අධිකාරින්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුගය වත්මන් ආණ්ඩුව විසින් අවසන් කර ඇති බවද පැවසීය.
එසේම මහජන දේපළ සොරකමට සමාජයක් ලෙස බිය විය යුතු බවත් සෑම දෙනාම නීතියට යටත් විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership) ව්‍යාපෘතියක් ලෙස දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ තිබේ.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාම කිව්වහම මාලිමා ජේවීපී පාක්ෂිකයනුත් ඇතුලත් ඇති. එහෙම නම් හොර උපාධි පෙන්නලා පාර්ලිමේන්තු ආපු අය, කන්ටේනර් පන්නපු අය, හොර ඔප්පු හදපු ඔයාගේ ගෝලයන්ට දඬුවම් දීලා ආදර්ශයක් දෙමුද?
මා දුටු හැදුණු ලංකාවේ නැවතත් එදා වගේම ගොඩ නැංවීමට රජය ගන්න නව අදහසත් සාර්ථක වේවා. පුද්ගලික අංශය සමග එකතු වී වැඩ කිරීමේ බොහොම සාර්ථක පියවරක්...
පොලිසියටත් කියන්න දවල්ට පාරේ ඉන්නවා කියලා බොරුවට මිනිස්සු අල්ලලා කුණුහරුප කියලා බැනලා, තමන්ගේ වාහන වල දාගෙන ගිහින් තරුණයින් ව අපහසුවට පත් කරන්න එපා කියලා ජොබ් නැතිව මානසිකව වැටිලා ඉන්න ඔවුන්ගේ ජීවිත එපා කරවන්න එපා කියන්න..
අපේ වගේ තුන්වන ලෝකයේ රටක නීතිය හා සාමය අවංකවම විහිළුවක්. නීතිය හා සාමය ගැන ජනතාවට සහතිකයක් නැහැ. පාලන තන්ත්‍රය යටතේ සිදුවන සියලුම නීති විරෝධී දේවල් "හරි" නමුත් පාලන තන්ත්‍රය පුරවැසියන්ගෙන් නීතිගරුක වන ලෙස ඉල්ලා සිටින්නේ නම්. මොනතරම් විහිළුවක්ද?
අම්මෝ මෙයා ඉතින් කිව්වොත් පරම සත්‍යය තමයි.
ලොකුම පොලිස් ලොක්කෙක් ඉන්නවා තමන්ගේ රාජකාරිය පැහැර හැරපු. උන්නැහේට ලොකුම තනතුරකුත් ලැබුණා. තව කෙනෙක් ඉන්නවා බීලා රියපදවලා අනතුරක් කරපු. එත් ඒ අයට විරුද්ධව නීතිය වැඩ කරන්නේ නැහැ...
ශ්‍රී ලංකා රේගුව 2013 සිට 2025 මැයි මස දක්වා වාහන ආනයනයේදී නීතියට පිටින් ගොස් වංචා සහගත ලෙස වාහන ආනයනකරුවන් පිරිසකට පහසුකම් සපයලා තියෙනවා. ඒක වංචාවක් බව ආනයන කරුවෝ සහ රේගුව පිළිගත්තා. පහුගියදා පැවැති කෝප් රැස්වීමේදී. මේ ගැන හොයලා බලන්න. මේකෙන් සාධාරණ ලෙස ආනයනය කළ අයට, ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.
නීතිය කෙසේ වෙතත් ඉන්දියාව සමඟ ගහගත්තු හොර ගිවිසුම කුමක්ද කියා රටට දැනගන්න සලස්වා අඩුම ගානේ ප්‍රජාතන්ත්‍රවාදි ජනපති කෙනෙක්වත් වන්න.
ඔය මොන බයිලා ගැහුවත් දැන් ඡන්දයක් තිබ්බත් කුජීතයි. ජවිපය කළ වැරැදි පොතක් ලියන්න පුළුවන්. මෙතැන තියෙන්නේ සැමදා බලයේ සිටීම සඳහා පටන් ගැණුනු මර්ධනකාරී වැඩපිළිවෙළක්...