ඊඒපි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය මිට සුළු වේලාවකට පෙර අභාවප්ප්‍රාත වුවාය. මිය යනවිට ඇය 76 වැනි වියේ පසුවූ අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.
1939 වසරේ ජූලි 5 වැනිදා මීගොඩදී උපත ලැබූ සෝමා එදිරිසිංහ දේශබන්ධු, දේශශක්ති යන ගෞරව නාමද ලබා සිටියාය. ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මීගොඩ රජයේ පාසලෙනි.
ශ්‍රි ලංකා ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාව ඇතුළු ව්‍යාපාර රැසකට නායකත්වය ලබා දුන්නාය.
සිය සැමියා වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ අභාවයෙන් පසුව ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු වලද නිරත වූවාය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, සුව නෙත අක්ෂි රෝහල ආදී ආයතන රැසක හිමිකාරිත්වය හෙබවූ ඇය ජනසරණ, සිංහ සමාජ, පුනර්ජීව ඇතුළු සමාජ සේවා සංවිධාන රැසක නායකත්වය හෙබවූවාය.
සෝමා එදිරිසිංහ මහත්මිය මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ අතර ඇයගේ මූලිකත්වයෙන් ඊ.ඒ.පී සමාගම චිත්‍රපට 12 ක් නිෂ්පාදනය කළාය. ධවල පුෂ්පය, සෙයිලම, වීසිදැල, කිණිහිරියා මල්, රෝස වසන්තේ, සලෙලු වරම, ඉර මැදියම, අසනි වර්ෂා, හාර්ට් එෆ්එම්, සර් ලාස්ට් චාන්ස් වැනි චිත්‍රපට රැසක් ඇය නිෂ්පාදනය කළ අතර ඒ වෙනුවෙන් සරසවි සම්මාන 3ක්ද දිනා ගත්තාය.
වසර 2005 දී විවෘත විශ්ව විද්‍යාලය විසින් ඇය ආචාර්ය පදවියෙන් පුදනු ලැබුවාය.
ජීවක, නාලක, අසංක යන පුතුන් තිදෙනාගේ හා දීපා දියණියගේ මව වූ ඇය 1974 වසරේදී සිංහ සමාජයේ සාමාජිකත්වය ලබාගනිමින් සමාජ සේවා කටයුතු ඇරඹුවාය. වසර කිහිපයක්ම සිය සේවය වෙනුවෙන් සිංහාධිපතිනිය යන ගෞරව සම්මානයට පාත්‍රවූ සෝමා එදිරිසිංහ මහත්මිය දෙස් විදෙස් කීර්තියට පත් සමාජ සේවිකාවක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිණිපෙත්තටම නැගි කාන්තාවක වූවාය.
සෝමා එදිරිසිංහ මහත්මියගේ දේහය අද පස්වරු 1 සිට 5 දක්වා බොරැල්ලේ සුලෙයිමන් ටෙරස් අංක 17 දරණ නිවසේ තැන්පත් කර තිබෙන බවත් කොළඹ කනත්තේදී පස්වරු 6ට ආදාහනය සිදුකරන බවත් පවුලේ ඥාතීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය නැතිවීම රටට ලොකු පාඩුවක්. නමුත් මෙලොව උපන් සෑම සත්ත්වයෙක්ම මරණය නම් ධර්මතාවයට යටයි (නි)
ඔබ නියම ලංකා මාතාවක්. නිවන් සුව! (නි)
ඔබතුමියට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබතුමියට නිවන් සුව! (නි)
ඔබ වැනි රටක් වටිනා කාන්තාවක් ශ්‍රී ලංකාවට අහිමිවීම අප රටට දැරිය නොහැකිය . අප රටේම නැවත ඉපදේවා . (ස)
ඔබතුමියට නිවන් සුව! (නි)
ඔබතුමියට නිවන් සුව! (ස)
අනියත සසර නියත ගමන (බ)
ඔබතුමියට නිවන් සුව! (බ)
දිරිය කාන්තාවක්! බුහුමන් ලැබිය යුතු මවක්!! බලන්න, මොන තරම් මිල මුදල්, බලය තිබුණත් අපි හැමෝටම අවසානයේ අත් වන්නේ එක හා සමාන ඉරණමක්. මේ සත්‍ය හැමෝම දන්නවා, ඒත් ආසාවන්ට වහල් වෙලා සමාජයේ නොයෙකුත් දුෂිත වැඩ කරලා මුදල් හම්බ කරනවා. අද අභාවප්‍රාප්ත වෙලා අදම ආදාහනය ගන්නේ මෙතුමියගේ අවසන් ඉල්ලීමකට වෙන්න ඇති, බොහොම හොඳ ආදර්ශයක්, ඔබ තුමියට නිවන් සුව අත්වේවා!!! (ම)
ඔබට නිවන් සුව.(ම)
ලක් මවට මහත් සේවාවක් කළ ඒදිරිසිංහ මැතිනියට නිවන් සුව ලැබේවා (ම)
නිවන් සුව පතනවා ඔබතුමියට! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව...!! (නි)
ඔබතුමියට නිවන් සුව! (නි)
නිවන් පුරය ඔබ තුමිය එන තුරැ බලා සිටි. සුගතියේ සිටම ඒ කරා පිවිසේවා! (ම)
නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවෙන් බිහිවුණු තවත් විශිෂ්ට කාන්තාවක්. ඔබට නිවන් සුව අත් වේවා. (ම)
ඔබ තුමිය කල උතුම්ම සමාජ මෙහෙවර නම් තම ව්‍යාපාර සාර්ථකත්වයට පත්කොට ඒ තුලින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රෑකියා අවස්ථා උදාකර දීමයි. ඔබතුමියට නිවන් සුව.(ම)
ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
ශ්‍රී ලංකාවේ ඔබ තනිව මැවූ රැකියා ප්‍රමාණය අපමණය. උගතුන්, පුහුණු, නොපුහුණු සෑම තරාතිරමකම පුද්ගලයන් ඔබගේ ඒ උදාර මෙහෙවරින් තම අනාගතය සමෘද්ධිමත් කරගත්තාහුය. ඔබ මුළු සිරිලකටම දිරිය මවකි. ඔබට නිවන් සුව ලැබේවා...! (නි)
ඔබතුමිය කළ සේවය සදා අමරණීයයි. ඔබතුමියට නිවන් සුව! (නි)
ව්‍යාපාර වලිනුත්, සමාජ සේවයෙනුත් ආදර්ශමත් ඔබට නිවන් සුව ලැබේවා....!! (නි)
අප රටටම ශෝකදි පුවතක්.ඔබ තුමිය කලාවූ කුසලනිසන්සයෙන් නිර්වාණය අවබෝධ වේවා...හික්කඩුව ජනතාවගේ ශෝකය...(ම)
ඔබ කල සේවයට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය හිමිවනු ඇත මව්නි ඔබ සද අමරණිය. ඔබට නිවන් සුව ලැබේවා. (ම)
ඔබතුමියට නිවන් සුව! (ම)
ඔබ වැනි වටිනා කාන්තාවක් නැතිවීම රටට විශාල පාඩුවකි.මගේ කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
ඔබට නිවන් සුව...! (ම)
ඔබගේ මෙහෙය අගනේය. ඔබට නිවන් සුව !!!...(රේ)
ඔබතුමියට නිවන් සුව (ම)
ඔබතුමියට නිවන් සුව ලැබේවා! මතු උපදින සෑම භවයකම අප අතරම ඉපදේවා! (නි)
ලාංකීය ජනතාව වෙනුවෙන් ඔබතුමිය කළ සේවය සදා අමරණීයයි. ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)
රටක් වටිනා උතුම් කාන්තා රත්නයක් අපිට අහිමිවුණා (නි)
ඔබට නිවන් සුව! (නි)
රටකට සිටිය යුතු සැබෑ ව්‍යවසායිකාවක්, ඇය අහිමිව යාම පිරිමැසිය නොහැකි පාඩුවක්. (ස)
රට වෙනුවෙන් අමිල මෙහෙයක් කළ කාන්තාවක් (නි)