සංචාරක දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (17) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. මෙම කණ්ඩායමට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු වන ජෙහාන් මුබාරක්ද කැඳවා ඇත.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල :
දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේරසිංහ, චතුරංග ද සිල්වා, ජෙහාන් මුබාරක්, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, සීකුගේ ප‍්‍රසන්න සහ අෂාන් ප‍්‍රියංජන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල්ට අවස්ථාව දෙනවට වඩා කණ්ඩායමක් විදිහට ලබන ජයග්‍රහනයයි වටින්නෙ. ඔහුට කණ්ඩායමේ අවශ්‍යතාවට අනුව ක්‍රිඩා කළ නොහැකි නම් වෙන එම ස්ථානයේ ක්‍රිඩා කළ හැකි කෙනෙක් යොදවන්න වෙනවා.එතකොටයි ඔහුට වැරදි හදාගෙන යළි ක්‍රිඩා කරන්න පුලුවන් වෙන්නෙ. මට මතකයි 2003 ලෝක කුසලාන තරගාවලියෙ අසාර්ථක වුනාම මහෙල එලියෙන් තිබ්බා.ඒ තරගාවලියේ ලංකාව ක්‍රිඩා කල තරගයේ මහේල 7 වෙනි පිතිකරුවා විදිහට... (නි)
චන්දි තමයි අපිට ඉන්න හොදම නායකයා (අ)
චන්දිමාල් දිගින් දිගටම අසාර්තක වෙද්දි නායකයා කරන එකෙන් වෙන්නෙ කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගෙ වැඩක් නෙමෙයිද? (නි)
දොර අරින කෙනා නැද්ද?(නදී)
චන්දිමාල් එක්දින සහ විස්සයි විස්ස තරග වලට තමන්ගෙ නුසුදුකම පෙන්වලා ඉවරයි. නමුත් 'තිලන් සමරවීර' හොද ටෙස්ට් ක්‍රිඩකයෙක් (නි)
මහේන්ද්‍ර, මොනවද මේ කියන්නේ? චන්දිමාල් තමයි අපේ ටෙස්ට් ටීම් එකේ ඊළඟ නායකයා. (නි)
මොක උනත් රට වෙනුවෙන් තමන්ගේ උපරිම දෙය දෙන්න ඕනා. නැතුව තමන්ට කොහොමත් කණ්ඩායමේ තැන තියෙනවා කියලා හිතලා ඉන්නවා නම් කොහොමද අර්ජුන කෙනෙක් වෙන්නේ.(නදී)
ලංකාවට ඊළඟ වර්ල්ඩ් කප් එක ගේන නායකයා චන්දිමාල් තමයි.චන්දිමාල් එක්දින හා 20 20 තරඟ වලදී තව වේගයෙන් පන්දුවට පහර දිය යුතුය්. ආනන්දෙන් බිහිවන මීලග අර්ජුන, චන්දී ම තමයි. (අ)
මෙයා තමයි අපට අනාගතයේදී ඉන්න හොදම කෙනා. අපේ පළවෙනි මැච් දෙකත් මෙයාට නායකයා වගේම ඉනිම ඕපන් කරන්න දුන්නොත් හොදයි මම කියන්නේ.(නදී)
නායකයා උපනායක කියලා හරියන්නේ නැහැ. හොඳට කරන්නේ නැත්නම් අයින් කරන්න ඕනෑ. මතකනේ ටික කාලෙකට කලින් හිටපු උප නායක කණ්ඩම්බිට ට වුන දෙය. දැන් එයා ටීම් එකෙත් නැහැ. ආන්න ඒ වගේ චන්දිමාල් හොඳට සෙල්ලම් කරන්නේ නැත්නම් නායකකම නෙවෙයි ටීම් එකෙනුත් තාවකාලිකව අයින් කරන්න ඕනෑ. එතකොට අගේට හරියයි. (නි)
චන්දිමාල් දිගටම අංක 03 ස්ථානයේ බැට් කල යුතුයි. ශතක 02ක් ඔහු අංක 03 ස්ථානයෙන් ලබාගෙන ඇති අතර එම ස්ථානයේ ඔහුගේ පහර දීමේ වේගයද ඉතා ඉහල මට්ටමක පවතී.(නදී)
අයි.පී.එල්. ගියේ නැති කාලේ චන්දිමාල් වීරයා, දැන් කව්ද?අනේ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි (නි)
ඇන්ජලෝ පෙරේරාට සහ අලුත් මුහුණුවලට හොද අවස්ථාවක් ඇතුලට එන්න ,චන්දි ගහන්නේ නැත්නම් තියාගෙන වැඩක් නැහැ .එකාතකට කොබෙයිය කියනකතවෙත් ඇත්තක් තියනවා .හේරත් මුරලිගේ සෙවනැල්ලෙන් වැසී සිටියාක් මෙන් මහේලගේ සහ සංගාගේ සෙවනැලි වලින් වැසීගිය ක්‍රීඩකයන් සිටිනවා .ඒකට මහේලටවත් සන්ගටවත් කරන්න දෙයක් නැහැ(දී)
චන්දිමාල් හොද නායකයෙක් (දී)
මුබාරක්ට වඩා චාමර සිල්වා දැම්මා නම් හොද නැද්ද? (නි)
අර අකිල දනන්ජයට මොකද උනේ ? (අ)
කපුගෙදර ??? (නි)
හොද නායකයෙක් (දී)
චන්දිමාල් හොද නායකයෙක් තමා. ඒත් ගහන්නේ නැහැනේ. කුසල් ජයසූරියට සමාන කරලා ගෙදර යැව්වා .දැන් චන්දිට අර්ජුනලු ??? (නි)
නායක කම නෙමෙයි ටීම් එකෙනුත් අයින් කරන්නයි තියෙන්නෙ (අ)
මහේලත් මුලදී කාලයක් දිගින් දිගටම අසාර්ථක වූ කාලයක් තිබුනා. ඒත් මහේල අද්දැකීම් ලබාගෙන ශ්‍රේෂ්ට ක්‍රීඩකයෙක් බවට පත්වුණා. ඒවගේම චන්දිමාලුත් කවදා හරි ශ්‍රේෂ්ටයෙක් වෙනවාමයි.චන්දිමාල් ඉතාම ගුණ යහපත් කෙනෙක්. අනෙක් ක්‍රීඩකයෝ තමන්ගේ රට ඉන්දියාවට මුදලට පාවාදෙන කොට චන්දිමාල් මුදලට වඩා රට ගැන හිතුවා.අදටත් චන්දිමාල් මුදල් නැති දක්ෂ දුප්පත් ක්‍රීඩකයන්ටත් උදව් උපකාර කරනවා. එහෙම ක්‍රීඩකයෙකුට කවදාවත් වරදින්නේ නැහැ.කවුරු මොනවා කිව්වත් චන්දිමාල් ලගදීම ඒගොල්ලොන්ට උත්තර දෙනවාමයි. (නි)
චන්දිමාල් දිගටම අසාර්ථක වුනේ මැතිව්ස් ඔහුට පන්දුවට පහරදීමට නියමිත ස්ථානය ලබානොදුන් නිසා.තිරිමාන්න වැඩි පන්දු ප්‍රමාණයක් වැයකර ඉතාම අඩුලකුණු ලබාගැනීම නිසා ඔහුට පසුපසින් පැමිණි ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පන්දු නොලැබීමෙන් ඔවුන් අසාර්ථක විය. තිරිමාන්නව චන්දිට පසුපසින් යෙදු බොහෝ අවස්ථා වලදී චන්දිමාල් සාර්ථකවී ඇත. (නි)
අයි.පී.එල් ගියෙ නෑ කියල අසාර්තක වෙද්දි කණ්ඩායමෙ තියන් හරියනවද? මාර වැඩක්නෙ.(නදී)
කව්රු හරි මුබාරක්ගේ තාත්තාගෙන් හොඳ කුට්ටියක් අරගෙන තියනවා .නැත්නම් කොහොමද එයා ආවේ.අපි දන්නවනේ ඉස්සර එයා ටීම් එකේ හිටපු හැටි .අපි නොදන්නා චෙස් . (අ)