අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා විමර්ශනය විනිවිද භාවයකින් යුතුව පැවැත්වීම සහතික කිරීම සඳහා පරීක්ෂණ අවසන් වනතෙක් ඔහු සභාපති තනතුරෙන් ඉවත්කරන්නැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය සඳහාම පත්කර ඇති ආයතනයේ සභාපතිට එරෙහිව මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත්වීමත් ඔහු සභාපති ලෙස සක‍්‍රීය සේවයේ තබාගැනීම කොමිසමේ හා රජයේ කීර්ති නාමයට අපකීර්තියක් බවත් එහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සමන්ති! අපේ බොහොමයක් ආයතන සභාපතිල ඉඳලත් අක්‍රිය වෙලා. ඒ නිසා ඔය වගේ අය පරීක්ෂණවලට ඉඩදීලා යන එකමයි හොඳ. (දී)
කියල වැඩක් නැහැ කොලුවෝ. උපවාසයක් කරපියව් ප්‍රතිපල ඕන්නම්.(අ) .
මමත් කියන්නේ තමන්ගේ නඩුව අහන්න වෙන කෙනෛකුට දෙන්න කියලා.(නදී)
අමුඩයක් ගහගෙන උද්ගෝෂණයක් කළා නම් හරි.(නදී)
පරීක්ෂණය විනිවිද වෙන තරමටම තීන්දුව නිරවුල් (දී)
මේ මහත්තය අවංක කෙනෙක්නම් කියනකම් ඉන්නේ නැතුව තමන්ම නම්බු පිටින් ඉල්ලලා අස් උනානම නේද හොඳ ? (දී)
සභාපති නොමැතිනම් කොමිසම අක්ක්‍රිය වෙනවානේ. (දී)