
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණයේ සභාපති ධූරය සඳහා වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් නාමයෝජනා භාරදී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන උප සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස සහ වර්තමාන විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වල යන මහත්වරු ද සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
උප සභාපති ධූර දෙක සඳහා වර්තමාන උප සභාපතිවරු වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු මෙන්ම සමන්ත දොඩන්වල මහතා ද නාමයෝජනා ඉදිරිපත් කළහ.
ප්‍රධාන ලේකම් ධූරයට වර්තමාන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල සහ බන්දුල දිසානායක යන මහත්වරු ද, උප ලේකම් ධූරයට ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩන්වල, බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු ද නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.
භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරින ධූරවලට වර්තමාන භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ හිටපු භාණ්ඩාගාරිකවරයෙක් වන ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරු නාමයෝජනා ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ගේම දිගටම ගෙන යන්න වගේ නොවේද?
තේරුමක් නැහැ. දැනටමත් ඡන්දෙ තියන ක්ලබ් වලට ඔය ඉන්න හාදයා සල්ලි දීලා ඡන්දෙ අරගෙන ඇත්තේ...!
කොහෙන් ගියත් කැරකිලා එකම සෙට් එක තමයි.
මේ අය හැරෙන්න වෙන අය ලංකාවේ නැද්ද?
බූරු කුට්ටම ඇනුවා වගේ තමයි..
අපිට හොඳටම මතකයි, ශම්මී කිව්වා ආයේ ඉල්ලන්නෙ නෑ කියලා... එහෙම, එකක් කියලා, වෙන එකක් කරන කෙනෙක්, විශ්වාස කරන්න පුළුවන්ද?
මුන් ඔක්කොම හොරු මල්ලී, කෝ මෙයලා දීපු වේදිකා සන්දර්ශන. හැම කතාවක්ම ඡන්දෙ ගන්නකම් විතරයි. අපි ඔක්කොම රවටනවා.
වැඩක් නෑ ඔක්කොම එකයි. හොරු රැලක්.