ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ලබන 11 වැනි දා තෙක් බාර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට නියෝග කළේය.

අ ද(08) උසාවියේ පෙනී සිටින්නැයි නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතාට නොතීසි නිකුත් කර තිබුණද ඔහු පැමිණ සිටියේ නැත. පොලිසිය අධිකරණයට දැන්වූයේ ලේකම්වරයා විදේශ ගත වී ඇති බවයි.

ලබන 11 වැනි දා උසාවියේ පෙනී සිටින්නැයි ඔහුට සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට නැවත නොතීසි නිකුත් කැරිණි.

 _DSC0061