සුභානි හර්ෂණීගේ නවතම ගීතයක් වන "හිත කීවා" යන ගීතය පසුගියදා එළිදැක්විය. වසර දෙකකට පසු රූප රචනාවක් සමග ගීතයක් එළිදැක්වූ සුභානි තම ගීතය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
"මේ දවස්වල ප්‍රසංග කිහිපයක්ම තියෙනවා. ඒවත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව මගේ අලුත්ම ගීතය "හිත කීවා" පසුගිය දිනක රූප රචනයක් සමග එළිදැක්වූවා. අවුරුදු 2කට පස්සේ තමයි මගේ ගීතයක් සඳහා රූප රචනයක් එන්නේ. "ඉකිබිඳින නෙතු" ගීතයෙන් පස්සේ මේ ගීතයට රූප රචනයක් කළේ. මේ ගීතය ගැන කියනවා නම්, "හිත කිවා" ගීතයෙහි සංගීතය කරනු ලැබුවේ දමිත අයෝධ්‍ය, මෙහි පද රචනය සිදුකළේ දිනූ වික්‍රමසිංහගේ සහ මෙහි රූපරචනය අජන්ත ඒකනායකගේ. ඉතිං හොඳ ලස්සන නිර්මාණයක්. මේ දවස්වල මේ ගීතය සඳහා ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. මෑතක මගේ මහත්තයා සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක ගීත ගායනය කළා. ඒ ටෙලිනාට්‍යයත් ළඟදී එන්න තියෙනවා. ඊට අමතරව විදේශ සංචාර කිහිපයක් තියෙනවා ලැබිල. ඒවටත් සහභාගී වෙන්න නියමිතයි. තව මගේ කලායතනයේ ඉගැන්වීම් කටයුතුත් කරගෙන යනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන සිංදුවක්.(හේ)