සමාජ හා ආගමික අංශ දෙකේම ගෞරවයට පාත්‍රවූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික ජනතාවට දුක්බර පුවතක් බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි.
‘සෝභිත හිමියන් ධෛර්යවන්තව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළා. ඒකාධිපතිත්වය පරාජය කරීමට සටන් කළා. ස්වාධීන පුද්ගලයකු ලෙස සටන් කිරීමට ඒ හිමියනට තිබූ හැකියාව යහපාලනයට අත්‍යවශ්‍ය සාධයකයක් වුණා.
රට අනතුරට පත්වූ අවස්ථාවල දී උන්වහන්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඒ හිමියන්ගේ තිබූ කැපවීම විශිෂ්ටයි. උන්වහන්සේගේ අභාවය රටට සිදුවූ ඉමහත් පාඩුවක්. අප සියලු දෙනා එකතු වී ඒ හිමියන් වෙනුවෙන් ශෝඛය පළ කළ යුතුයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන්නේ ඇත්ත (නි)
ඇත්තටම මේ අභාවය රටට ලොකු පාඩුවක් (නි)
සෝභිත හිමියන්ට නිවන් සුව අත්වේවා! (නි)
අභාවප්‍රාප්ත සෝභිත නා හිමියන් වහන්සේ පිළිබඳව විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ශෝකය පළකරමින් උන්වහන්සේ රටේ ජනතාවට කළ සේවය ගැන කර ඇති ප්‍රකාශය සැමගේ පැසසුමට ලක්විය යුතුය. සෝභිත නා හිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
සෝභිත හිමියන්ට නිවන් සුව අත්වේවා! (ම)
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (ම)
ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
එඩිතර නායකත්වයකින් කටයුතු කළ මහානයක හිමියනි, ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය. උන්වහන්සේ පරම සුවයෙන් සැතපේවා! (නි)
අපේ කාලයේ රාහුල හාමුදුරුවන් වූ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා!!! (නි)