සිංගප්පූරුවේදී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය මින් මද වේලාවකට කොළඹ සිට රිය පෙරහරකින් උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරයට වැඩම කරවනු ලැබූහ.
ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ සෝභිත හිමියන්ගේ දේහයට මුලින්ම ගෞරව බුහුමන් දැක්වූහ.
වාදීහසිංහයකුවූ නාහිමියන්ගේ දේහය අනතුරුව මහජන බුහුමන් සඳහා විහාරයේ ධර්ම ශාලාවේ තැන්පත් කරනු ලැබූහ.
කහ පැහැති කොඩිවලින් මුළු පෙදෙසම සරසා තිබිණි.
මේ අතර සෝභිත හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් කොළඹ නගරයේ ප්‍රධාන මංමාවත් කහ පැහැ ධජවලින් සරසා තිබිණි. මරදාන ඩීන්ස් පාරේ මුස්ලිම් වෙළඳල් හිමියන්ද ඉතා උනන්දුවෙන් තම කඩසාප්පුවල කහ කොඩි එසැවූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝභිත හිමියෝ කතා නැතිව කුටියට වඩිති
උපුල් Monday, 09 November 2015 06:09 AM
සිරිලක සතර අත අමාදම් රස බෙදු, සාධාරණ සමාජයක් වෙනුවෙන් රටම අවදිකළ, නොනිමි මෙහෙවර නිමාකර, අටලෝ දහම පසක්කර අප වෙතින් නික්මයන නායක හිමි සඳුනි, යළි යළිත් වඩිනු මැන පුබුදුවාලන්න රට දැය. (නි)
දිලිප් Monday, 09 November 2015 11:36 AM
උන්වහන්සේට කළ හැකි එකම උපහාරය නම් සාධාරණ සමාජයක් බිහි කිරීම ඔබවහන්සේට නිවන් සුව ලැබේවා (ම)
දර්ශන Monday, 09 November 2015 04:32 AM
මෙම ශත වර්ෂයේදී නැවත මෙවන් හිමිනමක් ශ්‍රී ලංකාවට පහළවනවා බොරුය. සෝභිත නායක හිමියෝ රටට කළ සේවය අපමණය. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)