සිංගප්පූරුවේදී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය මින් මද වේලාවකට කොළඹ සිට රිය පෙරහරකින් උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ ශ්‍රී නාග විහාරයට වැඩම කරවනු ලැබූහ.
ඉත්තෑපාන ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ සෝභිත හිමියන්ගේ දේහයට මුලින්ම ගෞරව බුහුමන් දැක්වූහ.
වාදීහසිංහයකුවූ නාහිමියන්ගේ දේහය අනතුරුව මහජන බුහුමන් සඳහා විහාරයේ ධර්ම ශාලාවේ තැන්පත් කරනු ලැබූහ.
කහ පැහැති කොඩිවලින් මුළු පෙදෙසම සරසා තිබිණි.
මේ අතර සෝභිත හිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් කොළඹ නගරයේ ප්‍රධාන මංමාවත් කහ පැහැ ධජවලින් සරසා තිබිණි. මරදාන ඩීන්ස් පාරේ මුස්ලිම් වෙළඳල් හිමියන්ද ඉතා උනන්දුවෙන් තම කඩසාප්පුවල කහ කොඩි එසැවූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලක සතර අත අමාදම් රස බෙදු, සාධාරණ සමාජයක් වෙනුවෙන් රටම අවදිකළ, නොනිමි මෙහෙවර නිමාකර, අටලෝ දහම පසක්කර අප වෙතින් නික්මයන නායක හිමි සඳුනි, යළි යළිත් වඩිනු මැන පුබුදුවාලන්න රට දැය. (නි)
උන්වහන්සේට කළ හැකි එකම උපහාරය නම් සාධාරණ සමාජයක් බිහි කිරීම ඔබවහන්සේට නිවන් සුව ලැබේවා (ම)
මෙම ශත වර්ෂයේදී නැවත මෙවන් හිමිනමක් ශ්‍රී ලංකාවට පහළවනවා බොරුය. සෝභිත නායක හිමියෝ රටට කළ සේවය අපමණය. ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)