සෝභිත හිමියන් නිර්භීතව එඩිතර ශාසනික මෙහෙවරක් උදෙසා විශාල සේවයක් කළ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා කැපවූ ස්වාමීන්වහන්සේ නමක් බව ඇමරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ.
රට, ජාතිය, ආගම, ජනතාව වෙනුවෙන් එඩිතරව පෙනී සිට නිවැරදි දෙයට නිවැරදි කියන වැරදි දෙයට වැරදි කියන නිර්භීතව ක්‍රියා කළ ස්වාමීන්වහන්සේ නමක් ලෙස සෝභිත හිමියන් සැලකිය හැකි බවද උන්වහන්සේගේ පණිවිඩයේ සඳහන්වේ.
සෝභිත හිමියන්ගේ අභාවය වෙනුවෙන් ඇමරිකාවේ ජීවත්වන සියලුම පූජ්‍ය පක්ය හා සියලු දායක දායිකාවන්ගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් උන්වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරන බවත් පියතිස්ස නාහිමියෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ සාසනයේ චිරපැවැත්ම සඳහා අපේ සෝභිත හාමුදුරුවන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය බොදුජන හද තුළ සදා මතකයේ තිබෙනු නොඅනුමානය. ඔබ වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා.....! (නි)
ඔබ වහන්සෙය් හැමදාම අපි අතර අමරනීයයි නිවන් දකින්න පෙර අපසු වඩින්න අපේ හමුදුරුවනේ (අ)
එදා සෝභිත හිමියන් බය නැතුව රටට මහඟු සේවයක් කළා. හිමියනි ඔබට නිවන් සුව! (ර)